Posts

Image
කිසිවෙකුත් අත්නොහැරීමට  AI හි ප්‍රතිලාභ සහතික කිරීම සඳහා සදාචාරාත්මක ආරක්ෂණ ක්‍රමවේදයන් අවශ්‍යයයි. ජනපති අනුර කුමාර දිසානායක කෘත්‍රිම බුද්ධිය ( AI) මානව වර්ගයාගේ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගත යුතු බවත්  එය  තෝරාගත් භාෂා කිහිපයකට සහ දෘෂ්ටි කෝණයන්ට පමණක් සීමා වුවහොත්, ලෝකයේ පවතින සුවිශේෂී සංස්කෘතික විවිධත්වය නොසලකා හැරීමේ අවදානමක් නිර්මාණය විය හැකි බව  ශ්‍රී ලංකා ජනපති,  ​ අනුර කුමාර දිසානායක 2026 පෙබරවාරි 19 වන දින නවදිල්ලියේ පැවැති ' AI Impact Summit 2026' සමුළුවේද ප්‍රධාන දේශනයක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේය. තවදුරටත්   අදහස් දැක්වූ එතුමා අවධාරණය කළේ කෘත්‍රිම බුද්ධිය යනු හුදෙක් කාර්යක්ෂමතාව සඳහා වූ මෙවලමක් පමණක් නොවිය යුතු බවත්, එය සංස්කෘතික සංරක්ෂණය සහ ගෝලීය සමානාත්මතාවය උදෙසා වූ බලවේගයක් විය යුතු බවත්ය. ​ දේශනයේ ප්‍රධාන තේමාවන් සහ විශේෂ කරුණු : ​ 1. සංස්කෘතිකමය වශයෙන් ඇතුළත් වූ AI (Culturally Inclusive AI)  ​ ජනාධිපතිවරයාගේ ප්‍රධාන තර්කය වූයේ, කෘත්‍රිම බුද්ධිය ප්‍රමුඛ පෙළේ භාෂා සහ දෘෂ්ටිකෝණයන් කිහිපයක් පමණක් පිළිබි...
Image
මාදැල් හබය මාධ්‍යය තුළින් ජනතාවටත්, රජයටත් කියන කරුණු වලට වඩා තත්ත්වය සංකීර්ණය.  නව මාදැල් හිමියන් සහායක ධීවරයන්ට ප්‍රමාණවත් ලාභ පංගුවක් ගෙවන්නේ නම් ප්‍රශ්නය ඉතා සරළය.  මෙම මාදැල් හිමියන් සාධාරණ වන්නේ නම් දේශපාලකයන්ට සත්‍යග්‍රහ කරුවන් සමඟ වාඩිවී වැළපෙන්නට සිදුවන්නේ නැත. සංඛ්‍යාවෙන් වැඩි   සුළුපන්න ධීවරයන් සහ කුලී ධීවරයන් සමඟද දේශපාලකයා වාඩිවන්නේ නම් ඔවුන්ටත් හොඳය.   (මෙම ලියුම්කරු සාම්ප්‍රදායික ධිවර මහතකුගේ දරුවෙකි. ධීවරයෙකු නොවුනත් කරදිය වළල්ල සමග ජීවිතය ප්‍රයෝගිකවම අත්දක්කෙකි.  ආරංචි රාළ මේ ලිපිය කිසිදු සංස්කරණයකින් යුතුව ඉදිරිපත් කරන්නේ ඔහු ඉදිරිපත් කරන සියලු කරුණු එකහෙලාවම පිළිගන්නා නිසාය.  ආරංචි රාළ )   සම්ප්‍රදායික ධීවර පන්න ක්‍රමයක්වූ මාදැල් රස්සාව මෑතක් වන තුරුම පැවත ආවේ මාදැල් හිමියාත් දැලේ කුදු මහත් කටයුතුවලට සහාය වූ ධීවරයනුත් අතර ගොඩනැගුණු ස්වභාවික සන්ධානයක් හරහාය. මාදැලක් නඩත්තු කිරීමට විශාල වෙහෙසක් මෙන්ම සෑහෙන මුදලක්ද වැය කිරීමට සිදුවෙයි. එය තනි ඒකකයක් නොව දැල මුහුදේ හෙළීමට භාවිතා කරන පාරුවද සම්බන්ධ පන්න ක්‍රමයකි.  ඒ නිසා මා...
Image
  The 78th Independence Day celebration that reflects the collective identity of the Sri Lankan people. News Whisperer presents a post shared today on Facebook by Colombo Mayor Vraie Kelly Balthazaar, as it reflects the National People’s Power (NPP) government’s genuine commitment to building an inclusive society in a real and meaningful way. This is the post by Colombo Mayor Vraie Kelly Balthazaar: For as long as I can remember, Independence Day reflected a single identity. Because I didn’t always see myself in it, the celebration often felt more symbolic than personal. But today felt different. Today, I felt like there was a message meant for me. For the hundreds of thousands like me. A sense of togetherness and shared purpose that finally made sense to a mixed-race person, who has also long stood for equality and equity for all. Every choice made about the parade were deliberate decisions.   The President’s speech focused on coming together, and the cultural presenta...
Image
  සමස්ථ ශ්‍රී ලාංකීය ජනතා අනන්‍යතාවය විදහා දැක්වූ 78 වන නිදහස් දින සැමරුම කොළඹ පුරපතිණිය වායි කැලි බල්තසාර් අද දින තම මුහුණු පොතේ තබා තිබු සටහනක් ආරංචි රාළගේ 160 වන දිගහැරුම වෙනුවෙන් තෝරාගෙන ඔබවෙත ඉදිරිපත් කරන්නේ අනතර්කරණය මේ රට තුළ සැබෑ ලෙස පැල කිරීමට ජාතික ජන බලවේගය සැබවින්ම කැපවී සිටින බව එම සටහන අපට කියාදෙන නිසාය. මේ කොළඹ පුරපතිණිය වායි කැලි බල්තසාර්ගේ   සටහනයි ; මට මතක ඇති කාලය පුරාම නිදහස් දිනය එකම අනන්‍යතාවයක් ප්‍රතිබිම්බිත කළ දිනයක් විය. මම හැමවිටම ඒ තුළ මාව දැකගත නොහැකි වූ නිසා, එම සැමරුම බොහෝ විට පුද්ගලිකව මට සම්බන්ධ වූවක් නොව, සංකේතාත්මක එකක් ලෙස පමණක් දැනුණි. නමුත් අද දින එය වෙනස් විය. අද, මට අයත් වූ පණිවිඩයක් තිබුණා වගේම දැනුණි. මට වගේම තවත් ලක්ෂ ගණනකට. ජාතින් කීපයක මිශ්‍ර පුරවැසියෙකු   ලෙස, තවද සමානත්වය සහ සාධාරණත්වය සඳහා දිගු කාලයක් සිට පෙනී සිටින පුද්ගලයෙකු ලෙස, එකමුතුව සහ පොදු අරමුණක් පිළිබඳ අදහසක් අවසානයේ මට තේරුම් ගත හැකි ලෙස හැඟුණි. පෙළපාළිය සම්බන්ධයෙන් ගත් සෑම තීරණයක්ම ඉතා හිතාමතා ගත් තීරණයන් විය. ජනාධිපතිවරයාගේ කථාව එකමුතුව පිළිබඳ අවධානය ...
Image
මයිකල් සර් නොහොත් අපේ මයිකල් කුමාරයා ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සූරීන් නික්ම ගොසින්. සුන්දර මතක ගොඩක් කල්පනාවට එනවා. මයිකල් ප්‍රනාන්දු, ධර්මසේන පතිරාජ, බර්ටි ජයසේකර ආදීන් සිංහල උපාධිය හැදෑරූ පේරාදෙණි දවස් Peradeni Days කොපමණ විස්මිත වන්නට ඇද්ද? එයාලට උගන්වපු ආරිය රාජකරුණා ආදී ගුරුවරු? මයිකල් සර් සිංහල අංශය පැත්තකින් තියලා ලලිතකලා අංශය නිර්මාණය කළා. ඉස්සර මට මතකයි ඒ කාලෙ අංශ ප්‍රධාන අතුල සමරකෝන් සොයුරා කීවා නිතර .. මචං මේ මයිකල් ප්‍රනාන්දු වාඩි වුණු පුටුව.. කියලා. ඒ ඇඟවුම තේරුම් ගන්න පුළුවන් . පේරාදෙණියේ මගේ ආචාර්ය උපාධියෙ එක් බාහිර සමීක්ෂකයෙක් තමයි මයිකල් සර්. වාචික පරීක්ෂණය ඉවර වෙලා සර් මාව එයාගෙ නුවර නිවසට කැඳවලා ආහාර වේලක් දුන්නා. මගේ අනික් සමීක්ෂකයා වූ සුනිල් විජේසිරිවර්ධනත් හිටියා. අමුතු මිනිස්සු. ජාතික ජනබලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙක් මයිකල් සර්. පුළුවන් හැම වෙහෙසක් ම ගත්තා . ඔහු අප සැමගේ මයිකල් සහෝදරයා . බ්‍රෙෂ්ට් නාට්‍ය විෂයෙහි ප්‍රාමාණිකයා එයා. බ්‍රෙෂ්ට්ගෙ ගමට ගිහින් ජර්මන් බසින් නොවැ වැඩේ කළේ. "හුළං පොදක්වත් වදින්න නොදී හදපු මයිකල් කුමාරයා"  ගරු කටයුතු  ...
Image
අපේ දරුවන් ලෝකයෙන් කොන්වන දිනය වැඩි ඈතක නොවේ ?   අධ්‍යාපනයේ "කල් ඉකුත් වීම" ගැන අනතුරු ඇඟවීමක්! ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහි වන සෑම පුද්ගලයෙක්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ රටේ දරුවන්ව ඉතාමත් මෑත කාලයකදී ලෝකයෙන් කොන්වීම සඳහා සුවිශාල දායකත්වයක් දෙන පිරිසක් බව ආරංචිරාළ තරයේ කියා සිටි යි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාවය පිළිබඳව ප්‍රවීණ නිර්මාණශීලී අධ්‍යයන උපදේශක දිලීප වන්නිආරච්චි මහතාගේ අදහස් කියවමු. අද ඔබ ඔබේ දරුවාගේ පාසැල් පෙළපොතක් අතට ගෙන එහි දෙවන පිටුවේ ඉහළ වම් කෙළවර බලන්න. එහි ප්‍රථම මුද්‍රණය සටහන්ව ඇත්තේ 2014 හෝ 2015 ලෙස විය හැකියි. එයින් අදහස් වන්නේ අපේ දරුවන් අදටත් ඉගෙන ගන්නේ මීට වසර 11-12කට පෙර සම්පාදනය කළ කරුණු බවයි.   ලෝකය කෘත්‍රිම බුද්ධිය ( AI), රොබෝ තාක්ෂණය සහ නවීන ආර්ථික දර්ශක ගැන කතා කරන යුගයක, අපේ දරුවන් තවමත් දශකයකට වඩා පැරණි විෂය නිර්දේශයක හිරවී සිටීම බරපතල ඛේදවාචකයකි. ඊයේ පෙරේදා මෙම විෂය නිර්දේශය යාවත්කාලීන කිරීමට ගත් උත්සාහය පවා විරෝධතා හමුවේ අත්හිටුවීමට රජයට සිදු විය.   මෙලෙස පමාවීමෙන් සිදුවන හානිය කුමක්ද? අපේ විෂය කර...
Image
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා මෝඩ විපක්ෂය!  හරිනි සහෝදරිය හෙළා දමන්නට ගත් මෝඩ උත්සාහය ලත් තැන ම ලොප් වී ඇත. දීර්ඝ කාලයක් ගුරුවරයකු ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටි අයෙකු ලෙස ද, ජාතික ජන බලවේගය ආරම්භයේ සිට එහි ජාතික කමිටු සාමාජිකයකු ලෙස ද, එහි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට දායක වූ අයෙකු ලෙස ද ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස අජිත් හැඩ්ලි පෙරේරා දැඩි විමසිල්ලෙන් බලා සිටියේය. අජිත් පවසන්නේ පාසල් ක්‍රමයට අමතර ව විෂය මාලා හා ඇගයුම් ක්‍රමය ද, ගුරු පුහුණු ක්‍රමවේදයන් ද අධ්‍යාපනයට   අදාළ බවය. " රාජ්‍ය ප්‍රතිපත්තියක් යනු හුදු පක්ෂ ප්‍රතිපත්තිය ම නොවේ. එය තැනෙනුයේ අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරි තන්ත්‍රය, එම ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර ප්‍රවීණයන් මෙන් ම මහජන අදහස් ද සැලකිල්ලට ගනිමිනි.   එහිදී වියත් සංවාදයකට ඇති ඉඩකඩ විවර විය යුතු බව අජිත් අවධාරනය කරයි. " එහෙත් විපක්ෂයේ මෝඩ පක්ෂ කීපයක තකතීරු විරෝධයන් අප බලාසිටි   එම සංවාදය මොට කළේ ය." ඔහු චෝදනා කරයි. " ඔවුන් තම විරෝධය අභිසාරි කළේ අධ්‍යාපන ප්‍රතිපත්‍තියට හෝ විෂය මාලා නිර්දේශවලට නොව   හරිනි නම් පුද...