මාදැල් හබය මාධ්‍යය තුළින් ජනතාවටත්, රජයටත් කියන කරුණු වලට වඩා තත්ත්වය සංකීර්ණය. නව මාදැල් හිමියන් සහායක ධීවරයන්ට ප්‍රමාණවත් ලාභ පංගුවක් ගෙවන්නේ නම් ප්රශ්නය ඉතා සරළය. මෙම මාදැල් හිමියන් සාධාරණ වන්නේ නම් දේශපාලකයන්ට සත්යග්රහ කරුවන් සමඟ වාඩිවී වැළපෙන්නට සිදුවන්නේ නැත. සංඛ්‍යාවෙන් වැඩි සුළුපන්න ධීවරයන් සහ කුලී ධීවරයන් සමඟද දේශපාලකයා වාඩිවන්නේ නම් ඔවුන්ටත් හොඳය. (මෙම ලියුම්කරු සාම්ප්‍රදායික ධිවර මහතකුගේ දරුවෙකි. ධීවරයෙකු නොවුනත් කරදිය වළල්ල සමග ජීවිතය ප්‍රයෝගිකවම අත්දක්කෙකි. ආරංචි රාළ මේ ලිපිය කිසිදු සංස්කරණයකින් යුතුව ඉදිරිපත් කරන්නේ ඔහු ඉදිරිපත් කරන සියලු කරුණු එකහෙලාවම පිළිගන්නා නිසාය. ආරංචි රාළ ) සම්ප්‍රදායික ධීවර පන්න ක්‍රමයක්වූ මාදැල් රස්සාව මෑතක් වන තුරුම පැවත ආවේ මාදැල් හිමියාත් දැලේ කුදු මහත් කටයුතුවලට සහාය වූ ධීවරයනුත් අතර ගොඩනැගුණු ස්වභාවික සන්ධානයක් හරහාය. මාදැලක් නඩත්තු කිරීමට විශාල වෙහෙසක් මෙන්ම සෑහෙන මුදලක්ද වැය කිරීමට සිදුවෙයි. එය තනි ඒකකයක් නොව දැල මුහුදේ හෙළීමට භාවිතා කරන පාරුවද සම්බන්ධ පන්න ක්රමයකි. ඒ නිසා මා...
මයිකල් සර් නොහොත් අපේ මයිකල් කුමාරයා
Popular posts from this blog
බහිරවයන්ගෙන් රේගුව ගලවා ගන්නේ නම් ආණ්ඩුවට අවශ්‍ය ආදායම ගලාගෙන එන්නේ කලා වැවේ සොරොව්ව විවෘත කළ විට ජලය ගලා එන්නා සේය . ජාත්‍යන්තර රේගු දින සැමරුමේදී රේගු අධ්‍යක්ෂක ජෙනරාල් සහ ජනපති අනුර දිසානායක ආරංචි රාළ කාටවත් චරිත සහතික ලියන්නේ නැත. ඒත් වර්තමාන රේගු දෙපාර්තුමේන්තුවේ ඉහළ කළමනාකරණය මේ රටේ ආණ්ඩුවේ සහ ජනතාවගේ අපේක්ෂාවන්ට සාධාරණත්වයක් ඉටු කිරීමට ලොකු වෙහෙසක් දරන බව නං ඉතා පැහැදිලියි . රාජ්‍ය අදායමේ සුවිශේෂී වූ පංගුවකට දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා රේගුවයි. මේ අනුව ශ්‍රී ලංකා රේගුවට ආණ්ඩුව ලබා දී ඇති අති විශාල ආදායම් ඉලක්කය වෙත ලගාවීමට රේගුවේ ඉහළ කළමනාකරණය ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් දියත් කර ඇති බව කිව හැක. පසුගියදා පැවති ජාත්‍යන්තර රේගු දිනය සැමරීමේදී රේගූ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා මේගැන සදහන් කල අතර ජනාධිපතිවරයාද ඒගැන පැසසුම් සහගතව කතා කළේය. කෙසේ වෙතත් මේවනවිට රේගුව තුල සිරවී ඇති බහලුම් ඉක්මනින් ඉවතිකිරීමට වැඩපිළිවෙලක් රේගුව සකස් කළ යුතුබද ජනාධිපතිවරයා අවධාරණය කළේය. බංකොලොත් වූ රටක් නැවත ගොඩනැගීමේදී රාජ්‍යය ආදායම කිසියම් ස්ථාවර මට්ටමකට පවත්වා ගැනීම සහ ඒ ...
අසනීප වූ විට කූඹින්ගේ පිහිට පතන කපුටෝ. කපුටන් අසනීප වූ විට කුහුඹුවන් සොයා යන බව ඔබ දැන සිටියාද..? බැලූ බැල්මට එය අමුතු දෙයක් ලෙස පෙනුනත්, එය සත්‍යයකි. කපුටන් අසනීප වී හෝ පරපෝෂිතයන්ගෙන් කරදරයට පත් වී ඇති බව වටහා ගත් විට, කපුටන් පුදුම සහගත සහජ හැසිරීමක් පෙන්නුම් කරනවා. ඔවුන් කුහුඹුවන් වෙත ළඟා වී, ටික වේලාවක් එහි ගොඩ බැස, පියාපත් විහිදුවමින්, නිශ්චලව සිටින අතර, කුහුඹුවන්ට ඔවුන්ගේ ශරීරය පුරා, විශේෂයෙන් ඔවුන්ගේ පිහාටු අතරට නැගීමට ඉඩ සලස්වනවා. මෙම කුතුහලය දනවන චාරිත්‍රයට වැදගත් කාර්යයක් ඇත. කුහුඹුවන් ක්ෂුද්‍ර ජීවී නාශක සහ ප්‍රති-පරපෝෂිත බලපෑම් සහිත ස්වාභාවික ද්‍රව්‍යයක් වන ෆෝමික් අම්ලය නිකුත් කරයි. කුහුඹුවන් විසින් "ආක්‍රමණය" කළ විට, කපුටාට ස්වභාවික ප්‍රතිකාරයක් ලැබේ, චිකිත්සක ස්නානයක් වැනි, එය ප්‍රධාන වශයෙන් එහි සමට සහ පිහාටු වලට බලපාන දිලීර, බැක්ටීරියා සහ පරපෝෂිතයන්ට එරෙහිව සටන් කරයි. මෙම සංසිද්ධිය විද්‍යාවේ "කුහුඹුවා" ලෙස හඳුන්වන අතර එය කපුටන් සඳහා පමණක් සිදු නොවේ. බොහෝ පක්ෂීන් මෙම උපාය මාර්ගය ස්වයං-ඖෂධ ක්‍රමයක් ලෙස භාවිතා කරයි. සතුන්ට ඔවුන් වටා ඇති ස්වාභාවික සම්ප...

Comments
Post a Comment