කාර්යක්ෂම ඉගෙනීම සඳහා අධ්‍යයන පුහුණුව
Study Coaching for Effective Learning, ආචාර්ය ඇලෙක්ස් පෙරේරාගේ නවතම කෘතිය වන අතර නොබෝ දිනකින් ප්‍රකාශයට පත් කරනු ඇත.
ඒ පිළිබඳව විමර්ශණයක යෙදෙන සඹරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ.පී.අයි. නිශාන්ත පටබැඳි මහතා පවසන්නේ; බොහෝ පන්තිකාමර තුළ ඉගැන්වීම් සිදු වුවද, ඉගෙනීම සැමවිටම ඒ හා සමගාමීව සිදු නොවන බවයි.
කාර්යක්ෂම ඉගෙනීම සඳහා අධ්‍යයන පුහුණුව (SCEL) කෘතිය සිසුන්ට පාඩම් කරන ආකාරය පමණක් නොව, ඉගෙන ගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට උපකාර වන පරිවර්තනීය ප්‍රවේශයකි.
ශ්‍රී ලංකාවේ පන්තිකාමර තුළ පවතින යථාර්ථයන් සහ ජාත්‍යන්තර පර්යේෂණ ඇසුරින්, ආචාර්ය ඇලෙක්ස් පෙරේරා විසින් ඵලදායී අධ්‍යයනය, අභිප්‍රේරණය, කාල කළමනාකරණය සහ මානසික ඔරොත්තු දීමේ හැකියාව සඳහා වන උපාය මාර්ග මෙහි ඉදිරිපත් කර ඇති බව ඔහුගේ නිරීක්ෂණයයි.
අධ්‍යාපනය යනු හුදෙක් විභාගවලට මුහුණ දෙන්නන් නොව, සිතන්නන් බිහි කිරීමක් විය යුතු යැයි විශ්වාස කරන සැමට SCEL ඉදිරි මාවත පෙන්වා දෙන බව මහාචාර්ය කේ.පී.අයි. නිශාන්ත පටබැඳි මෙම ග්‍රන්ථය අර්ථවත් සහ තිරසාර ඉගෙනීමක් අපේක්ෂා කරන අධ්‍යාපනඥයින්, අධ්‍යයන පුහුණුකරුවන් (Study Coaches), දෙමාපියන් සහ ඉගෙනුම් ලබන්නන් සඳහා සැබෑ මග පෙන්වීමක් බව පවසයි.
එය කටපාඩම් කිරීමෙන් ඔබ්බට ගොස් ස්වයං-පරීක්ෂාව, කුතුහලය සහ ස්වයං-නියමිත වර්ධනයක් කරා ගමන් කිරීමට කරන ආරාධනයක්ද වේ.
කැළණිය විශ්වවිද්‍යාලයෙන් තම ප්‍රථම උපාධිය ලබා ගන්නා ආචාර්ය ඇලෙක්ස් පෙරේරා ගුරුවරයකු සහ විදුහල්පතිවරයකු වසර ගණනාවක් සේවය කර ඇති අතර ඔහුගේ ආචාර්ය උපාධිය සදහා ඉදිරිපත් කරන නිබන්ධනයේ විෂය පථය ලෙස තෝරා ගන්නේ ශ්‍රී ලංකාවේ වැදි ජනතාවගේ අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳවයි.
ආරංචි රාළගේ දැනුමේ හැටියට මෙය ඔහුගේ දොලොස් වන කෘතිය වන අතර ඔහු විසින් ලියන ලද "අසිරිමත් ඉගෙනීම" සහ " මානව විමුක්තිය සඳහා ඉගෙනීම" පවතින අපගේ අධ්‍යාපන ක්‍රමවේදය විද්‍යාත්මක පසුබිමක සිට කරන ලද විමර්ශනාත්මක කෘතීන් ලෙස සැලකිය හැක.
අධ්‍යාපනයේ නව මං විවිර කරන අභියෝගාත්මක මාතෘකාවන් ඔස්සේ පොත් ගන්නවාත් රචනා කර ඇති ආචාර්ය ඇලෙක්ස් පෙරේරාගේ නවතම කෘතිය අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන සැම කෙනෙකු ම කියවිය යුතුම පොතකි.
ආරංචි රාළ 2026.01.11 - 156 වන දිගහැරුම


Comments
Post a Comment