ඒ නරුමයන්ට ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කැක්කුමක් නොවේ, ප්‍රතිසංස්කරණ තුලින් බිහිවන අධ්‍යාපනය නම්වූ  බලවත්ම ආයුධයට ඇති බියයි!

කාන්තාවක් විවාහ නොවීම නිසා සමලිංගික යැයි උපකල්පනය කරනවා නම්,විවාහ නොවූ පුරුෂයනුත් සමලිංගිකද..? මේ රටේ විවාහ නොවී සිටින දසසහසක්වූ අපේ සහෝදර සහෝදරියන් සමලිංගිකද?

අපේ රටේ සාරි අඳින පිරිමින්ටයි, කලිසම් අඳින ගෑනුන්ටයි, කහ රෙදි පොරවාගත් තක්කඩීන්ටයි පුදුම ලිංගික බෙලහීනතාවයක් තියෙන්නේ.

ඒකටම උන්ගේ මානසික ව්‍යාධියත් එකතු වුනාම ඉතින් වෙන්නේ මොකක්ද කියලා බැලූ බැලූ තැන පේන්න තියෙනවා.

ඒ නරුමයන්ට ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කැක්කුමක් නොව,ඒ ප්‍රතිසංස්කරණ තුළින් බිහිවන මිනිසුන් ඔවුන්ගේ බලහත්කාරී රාමුවෙන් මිදීයාමේ බියයි.

දකුණු අප්‍රිකානු නිදහස් ව්‍යාපාරයේ නායක ආචාර්ය නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා අධ්‍යාපන ගැන පවසා ඇති ප්‍රකාශය තේරුම් ගන්නා කෙනෙකුට එය ලෙහෙසියෙන් අවබෝධ කර ගැනීමට හැකිය. "ලෝකය වෙනස් කිරීම සඳහා ඔබට භාවිතා කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයයි." මැන්ඩෙලා මැතිතුමා මෙමගින් අදහස් කළේ කුමක්ද ? "අධ්‍යාපනය යනු හුදෙක් පොත්පත් කියවීම පමණක් නොව, සමාජයේ පවතින අසාධාරණය, දරිද්‍රතාවය, ආගම් සහ ජාතිවාදය  වැනි පිළිලයන් ඉවත්කළ  හැකි එකම සහ ප්‍රබලම මෙවලම බවයි."

ලංකාවෙත්, සංවර්ධිත රටවලත් සිටිමින් නිර්දය ලෙස හරිනිට පහර ගහන උන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ගුණදොස්වත්, හරිනිගේ පරිපාලනය ගැන ගුණ දොස්වත් කතාකරනවා වෙනුවට වෙනත් කුණු හරුප රස කරමින් තළු මරමින් සිටිති. 

උන්ට හරිනිත් එක්ක තවත් වෛරයක් ඇත; ඇය ජාතික ජන බලවේගය (NPP) සමග එකතුවීමට පෙර උන්ට අනුව ප්‍රභූ කාණ්ඩයේ චරිතයකි. උන්ගෙන් ගිලිහී ගොස් ඇය ජනතාවාදී කඳවුරේ සිට ගැනීම එදා පටන් උන්ට දිරවූයේ නැත.

ජාතික ජන බලවේගයේ (NPP) තිදෙනෙක් පාර්ලිමේන්තු නියෝජනය කරන කාලයේද පාර්ලිමේන්තුවේදී පවා ඇයව පෙලන්න නොගත් උත්සාහයක් නැත. උන්ට ඕනා කළේ ඇගේ ගමන ජාතික ජන බලවේගය (NPP) සමග ඉදිරියට යෑම වැලැක්වීමයි. ඇය අගමැති වීමෙන් පසු උන්ගේ මනෝරාජිකය එහෙම පිටින්ම බිඳ වැටිණ. ඊළඟට එල්ලෙන්න තිබුණ අත්ත අධ්‍යාපනයයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට, අධ්‍යාපන සේවයේම අති බහුතරයක් කැමති වන්නේ නැත. ඒකට හේතුව වැඩි දෙනෙක් කුසීතයන්වේ. තව පිරිසක් ළිං මැඩියන්වේ. එහෙත් ඒවා බිඳගෙන ඉදිරියට යාම සමාජ ප්‍රගමනයට අත්‍යවශ්‍යම දේවල් මෙන්ම  ජාතික ජන බලවේගය NPP ආණ්ඩුවේ වගකීමය.

ගෝලීයකරණය තුළ අදටත් අපි බොහෝ තැන් වලින් පසුගාමී රාජ්‍යයකි. ඒ පසුගාමීත්වය නිර්මාණය කරනු ලබන්නේ අතීතයේ පටන් වහල්භාවය තුළ මිනිසුන් සිරකර බැඳ තබාගෙන අසීමිත සැප සම්පත් භුක්ති විදීමට හැකිවන පරිදි සමාජ සංස්ථාව හදාගත් කල්ලි කණ්ඩායම්ය. නිදහස් චින්තනය විසින් ඔවුන්ගේ කාමුක රාජ්‍යයන් බිඳ දමනවාට ඔවුන් කැමති නැත. ඔවුන්ගෙන් සමහරෙක් මේ බව දැන දැනම කරන අතර, තවත් සමහරෙක් ඒ උගුලේ හසුව පුරුද්දට කරති.

දේශපාලන විවේචනයෙන් ඔබ්බට ගොස්, හරිනිට අපහාස කරන ගැහැනු ඒ වැඩේ කරන්නේ තමන්ටමය, තමන්ගේ මවටයි, සහෝදරියටයි, දියණියටයි, කාන්තා පරපුරටයි විනා හුදෙක් හරිනි නම් චරිතයට නොවන බව ඔවුන් තේරුම් ගත යුතුය.

හරිනිට අපහාස කරන පිරිමින් වගේ ඉන්නා ලිංගික අසහනකාරයන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. උනුත් කරන්නේ අර කලින් කියූ පරිදි තමන්ගේ කාන්තා නඩයට අගෞරව කිරීමකි.

හරිනි යනු, ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියේ මෙන් හුදු තනි චරිතයක් නොවන බව තේරුම්ගත යුතුය. හරිනි යනු සමස්ත ජනතාවට වගකියන සාමූහිකයක එක් පුරුකකි. ඇය පෙරදාටත් වඩා අද ශක්තිමත් කාන්තාවක් බව ආරංචි රාළ තරයේ කියා සිටියි.

මෙම ලිපිය මුහුණු පොතේ පළවූ චන්දන චන්දු ගේ සටහනට සුළු එකතු කිරීමක් වන අතර එම සටහන පලකිරිම ගැන චන්දන චන්දු ට ආරංචි රාළගේ ස්තුතිය.

 ආරංචි රාළ : 2026.01. 08  154  දිගහැරුම

 

  

Comments

Popular posts from this blog