අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා මෝඩ විපක්ෂය! හරිනි සහෝදරිය හෙළා දමන්නට ගත් මෝඩ උත්සාහය ලත් තැන ම ලොප් වී ඇත.

දීර්ඝ කාලයක් ගුරුවරයකු ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටි අයෙකු ලෙස ද, ජාතික ජන බලවේගය ආරම්භයේ සිට එහි ජාතික කමිටු සාමාජිකයකු ලෙස ද, එහි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට දායක වූ අයෙකු ලෙස ද ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස අජිත් හැඩ්ලි පෙරේරා දැඩි විමසිල්ලෙන් බලා සිටියේය.

අජිත් පවසන්නේ පාසල් ක්‍රමයට අමතර ව විෂය මාලා හා ඇගයුම් ක්‍රමය ද, ගුරු පුහුණු ක්‍රමවේදයන් ද අධ්‍යාපනයට  අදාළ බවය.

" රාජ්‍ය ප්‍රතිපත්තියක් යනු හුදු පක්ෂ ප්‍රතිපත්තිය ම නොවේ. එය තැනෙනුයේ අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරි තන්ත්‍රය, එම ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර ප්‍රවීණයන් මෙන් ම මහජන අදහස් ද සැලකිල්ලට ගනිමිනි.  එහිදී වියත් සංවාදයකට ඇති ඉඩකඩ විවර විය යුතු බව අජිත් අවධාරනය කරයි.

" එහෙත් විපක්ෂයේ මෝඩ පක්ෂ කීපයක තකතීරු විරෝධයන් අප බලාසිටි  එම සංවාදය මොට කළේ ය." ඔහු චෝදනා කරයි.


" ඔවුන් තම විරෝධය අභිසාරි කළේ අධ්‍යාපන ප්‍රතිපත්‍තියට හෝ විෂය මාලා නිර්දේශවලට නොව  හරිනි නම් පුද්ගල චරිතයට ය. ඒ නිසා ම විය යුතු සංවාදය ඇණ හිටියේ ය. අශික්ෂිත මඩ අවලාද වලින් සංවාදය මොට කළ මෝඩ තකතීරු විරුද්ධ පක්ෂ තවදුරටත් සිය මුග්ධ හා අඥාන බව තහවුරු කර ඇති බව පැහැදිළි වනුයේ අනෙක් විරුද්ධ පක්ෂ ප්‍රසිද්ධියේ ම ඊට විරුද්ධ අදහස් පළ කළ බැවිනි: එබැවින් එම අඥාන පක්ෂ එක්කෝ බුද්ධිමත් විපක්ෂ භූමිකාව කළ යුතු ය. නො එසේනම් වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් දේශපාලනය යන උතුම් ක්ෂේත්‍රයෙන් විශ්‍රාම යෑම ඔවුන්ටත් රටටත් වැඩදායක වනු ඇත." ඔහු විපක්ෂයට අභියෝග කරයි.

අවසාන වශයෙන් අජිත් හැඩ්ලි පෙරේරා පවසන්නේ; දේශපාලනයේදී පමණක් නොව අධ්‍යාපන හා පුරවැසි ක්ෂේත්‍රය තුළ හරිනි අමරසූරිය සහෝදරිය හෙළා දමන්නට ගත් මෝඩ උත්සාහය ලත් තැන ම ලොප් වී ඇති බවය.

අමිත ගුණ නුවන යුතු උතුමෝ         පබඳ

අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ

දිගත පතල සුවඳැති සොඳ        සඳුන් කඳ

සිදිත මඩිත එක ලෙස පැතිරෙයි       සුවඳ

( සුභාෂිතය)

 ආරංචි රාළ 2026.01.14. - 157 වන දිගහැරුම 

Comments

Popular posts from this blog