නීතියේ ආධිපත්‍යය ඉල්ලා ජනතා මොර ගැසීම පල දැරීම සහ රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලනය ගැන ආරංචි රාළ බොහෝ දේ දන්නා බව කිව යුතුය. මක්නිසාදයත් 1977 ජාතික පක්ෂයේ බලයට පත්වන විට ආරංචි රාළ යමක් කමක් තේරුම් ගත හැකි වයසේ සිටි තරුණයෙකි. ජේ.ආර් ජයවර්ධන මාමාගේ හයෙන් පහක බලයක් තිබූ යූඑන්පී ආණ්ඩුවේ තරුණ කටයුතු භාර ඇමතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහය. 1971 දී සමාජ වෙනසක් සදහා ආයුධ සන්නද්ධ කැරැල්ලක් මෙහෙයවූ තරුණ තරුණියන්ගේ දැක්ම වැරදි ලෙස කියවාගත් රනිල් වික්‍රමසිංහලා චෝකාබයිලා තරුණ පරපුරක් බිහිකිරීමට තරුණ සේවා සභාව ආරම්භ කළ අතර එය පවත්වාගෙන යනු ලැබුවේ ඔහුගේ තනි බූදලයක් ලෙසිනි. ආරංචි රාළේ එසේ කියන්නේ ඔහු තරුණ සේවා සභාව සහ ඒ ඔස්සේ රාජ්‍යයේ රූකඩයක් ලෙස ක්‍රියා කළ ඊනියා යෞවන සමාජ හරහා නිදහස් චින්තනයක් හෝ ස්වාධීනත්වයක් නොමැති වහල් තරුණ පරපුරක් ගොඩනැගීමට දරු උත්සාහය නිසාය. ජාතික තරුණ සේවා සභාව මෙන්ම යෞවන සමාජය ද සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පෞද්ගලික ව්‍යාපෘතියක් කරගෙන තිබුණේය. (අවාසනාවකට මේ වැරදි පුර්වාදර්ශය ඉන් අනතුරු...