වත්මන් ආණ්ඩුව අබාධ සහිත ප්‍රජාව සමග එක්ව අත්නොහැර ඉදිරියටම යන බව යලිත් තහවුරු කරයි.
ඊයේ (05) "සිත් රූ 2025" ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
අබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණ කිරීමේ ක්‍රියාවලියේදී ඔවුන් තුල සැගව සංස්කෘතික මිනිසා එලියට ඇද ගැනීමට අවශ්‍ය වපසරිය නිර්මාණය කිරීම ජනතාව විසින් පත්කරනු ලැබූ ආණ්ඩුවක ප්‍රධාන වගකීමක් බව ආරංචි රාළ සලකයි. එය හුදු එක්දිනයකදී නිශ්චිත ස්ථානයකදී පවත්වනු ලබන වාසටහනකින් ඔබ්බට දිගහැරෙන ක්‍රියාවලියකි.
මේවන විට රජය එක් ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇති "එක්ව අත්නොහැර " නම් වූ ආබාධ සහිත පුද්ගලයින් සදහා වන ජාතික ප්‍රතිපත්තිය තුල එය ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒවා ක්‍රියාකාරකම් සහ ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමේ වගකීම ආණ්ඩුවබාර ගෙන ඇත. "සිත් රූ 2025" එම මහා ක්‍රියාවලියේ එක් සුවිශේෂී වැඩසටහනකි.
මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ 2016 වසරේදීය.ඉන් අනතුරුව නොකඩවා එය වසර කීපයක්ම පවත්වා ඇති අතර 2019 පසුව නැවත පවත්වා ඇත්තේ 2024 දිය. මේ වසරේදී නැවතත් මෙම වැඩසටහන නෙළුම් පොකුනේදී පැවැත්වීමට හැකිවීම ගැන ආරංචි රාළද අතිශයින්ම සතුටට පත්ව සිටියි.
මෙය හුදු අබාධ සහිත පුද්ගලයින්ගේ සෞන්දර්ය කුසලතාවයන් එළිදැක්වීම සදහා පවත්වන වැඩසටහනක් නොවේ. එය ඔවුන් අධ්‍යාත්මික බලවත් කරන මෙන්ම සමාජය තුල ඔවුන්ට ලැබිය යුතු අභිමානය තහවුරු කරන අවස්ථාවකි. අබාධ සහිත බව කිසිවෙකුව, කිසිම දෙයකින් ඈත් කර තැබිය යුතු තත්ත්වයක් නොවේ. යම් පැත්තකින් අබාධ සහිත බවක සිටියද වෙනත් ක්ෂේත්‍ර ඔස්සේ ලෝකය ජයගත් පුද්ගලයින් පිලිබදව අප රටතුල පමණක් නොව ලෝකයෙන්ද අපට උදාහරණ දිය හැකිය.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයින් එක්ව අත් නොහැර ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් සමාජගත කිරීම , සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය කිරීම හා රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත් අභිමානවත් පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම සදහා සමාජ සේවා දෙපාර්තමේන්තුව පැවරි ඇති දැක්ම හා මෙහෙවර සාක්ශාත් කිරිමේ එක් ක්‍රමෝපායක් ලෙස මෙම සිත් රූ කලා ප්‍රසංගය නිර්මාණය වි ඇත. එමඟින් පුද්ගලයා තුළ සැඟවී ඇති සෞන්දර්ය කුසලතාවයන් එළි දැක්වීමට නව වේදිකාවක් සලසා දෙමින් ආත්ම තෘප්තිය සමඟින් ආබාධ සහිත නර්තන හැකියාවන් ඇති තරුණ තරුණියන් සදහා ආදායම් මාර්ග උත්පාදනය කරමින් ජාතික සහ ජාත්‍යන්තර තලයේ අවස්ථාවන් ළඟා කර ගැනීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
සිත් රූ ජාතික සංස්කෘතික ප්‍රසංගයට වෘත්තීය පුහුණු ආයතන මට්ටමින් හා පලාත් මට්ටමින් අබාධ සහිත පුද්ගලයින්ගේ 700 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගිත්වය ලබාගෙන තිබුණි.
මෙම ප්‍රසංගයේ අතිශයින්ම සුවිශේෂී සහ සංවේදී අවස්ථාව වුයේ ප්‍රසංගය සදහා ඇතුලත් කර තිබු නර්තන කණඩායම් වලට සහතික පත්‍ර සහ ත්‍යාග බෙදාදීමේ අවස්ථාවයි. රටක නායකයෙකු තමන්ගේ රටේ ජනතාව ඉදිරියේ මෙතරම් නිහතමානිවූ අවස්තාවක් ආරංචි රාළ නම් මින් පෙර දැක නැත.
ආරංචි රාළ : 2025.08.07. 130 වන දිගහැරුම



Comments
Post a Comment