අධාපනය පිලිබදව ජනාධිපතිවරයාගේ දැක්ම අති විශිෂ්ටයි !
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේදී කල කතාව ඇසුවෙමි. එය අති විශිෂ්ට බව ආරංචි රාළගේ අදහසයි!
අධ්‍යාපනය පිලිබඳ ඒ දැක්ම (vision ) ඉතා විශිෂ්ටයි. කැනඩාව සහ බොහෝ යුරෝපීය මෙන්ම ජපානය සා දකුණු කොරියාව වැනි රටවල තිබෙන්නේ එබඳු අධ්‍යාපනයක්.මේ දැක්ම යථාර්ථයක් බවට පත් කරගත හැකිනම් අපට නොලැබුණු 'අනාගතය' ලඟා කරගන්න මේ ඉන්න දරු පරපුරට හැකි වේවි.
ජනාධිපතිතුමාගේ කතාවේ ගුරුවරුන් ගැන කියපු කතාව ඉතා විශිෂ්ටයි. ඒ ගැන පුංචි අදහසක්. කැනඩාව වැනි රටක ගුරුවරයකු වීම යනු වෛද්‍ය වරයෙක් වගේ වෘත්තියක්. ගුරුවරුන් වෙන්නේ දොස්තරලා වෙන්න ගිහින්, ඉංජිනේරුවෝ වෙන්න ගිහින් හැලෙන උපාධිධාරීන් නොවේ. පුහුණු වීම් වලට (Training) ගිහින් ගුරුවරයෙක් වීමත් කල නොහැකියි.
වෛද්‍යවරයෙක් වෙනව වගේ වෙනම නිශ්චිත ක්‍රමවේදයකට සහ පාඨමාලාවකට අනුව ඉගෙන ගන්න ඕනෑ. ගුරු වෘත්තීය තෝරාගන්නා අය තමන් උගන්වන්නට අපේක්ෂා කරන විෂයයන් තුනක් සමග අධ්‍යාපන විද්‍යාව එකට ඉගෙන ගන්න ඕනෑ.එසේම මෙහෙදී, අධ්‍යාපන මනෝවිද්‍යාව සහ ළමා මනෝවිද්‍යාවත් ඔවුන්ට අතිශයින් වැදගත් විෂයන් වෙනවා.
මෙය සැබවින්ම දීර්ඝ මාවතක්. අවාසනාවකට අපේ රටේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගරු වෘත්තියේ නිරතව සිටින අය පිළිබඳව එක මතයක් ප්‍රකාශ කරන්න අමාරුයි. අකමැත්තෙන් උනත් එක දෙයක් කිව යුතුයි. ලංකාවේ බොහෝ ගුරුවරු එම වෘත්තියට සුදුසු අය නම් නොවේ.
අපේ රටටත් අවශ්‍ය වන්නේ ඉහත සඳහන් කර ඇති ආකාරයට, ඉතා පරිස්සමින් තෝරාගෙන ගුරු වෘත්තීය සඳහාම අධ්‍යාපනය සහ පුහුණුව ලබා දුන් කණ්ඩායමක්. එවැනි ගුරුවරුන් ඉන්නව නම් ශිෂ්‍ය පරපුර, නැතිනම් අපේ දරු දැරියන් කොච්චර වාසනාවන්තද?
රටක දරු දැරියන් වාසනාවන්ත වෙනවා කියන්නේ ඒ රට සෞභාග්‍යය සහ සාරවත් රටක් වෙන බවය. ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ නිවැරදි දැක්ම ළඟා විය හැකි ආකාරයට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යාමට ආණ්ඩුවට හැකි වේවායි ආරංචි රාළ එක සිතින්ම ප්‍රාර්ථනා කරයි.
ආරංචි රාළ; 2025.08.06 129 වන දිගහැරුම
(කැනඩාවේ වෙසෙන සමන් කපිල විජේසූරියගේ ලිපියක් ඇසුරිනි)
Comments
Post a Comment