Posts

Image
සියල්ල හොඳින් සිදුවෙනවා, ඉවසපන් පපුව ඉවසපන්! අපව ජීවත් කරවන්නේ අපගේ බලාපොරොත්තු සහ අරමුණු බව නිතර දෙවේලේ අපට ඇසෙන කියමනකි.  මෙහි ලොකු සත්‍යයක් ඇතැයි ආරංචි රාළ විශ්වාස කරයි.මක්නිසාදයත් අරමුණක් හෝ  බලාපොරොත්තුවක් යනු නිශ්චිත ඉලක්කයකි. එවන් බලාපොරොත්තුවක් හෝ ඉලක්කයක් ඇති කෙනෙකුගේ ජීවිතය ඉබාගාතේ යන්නේ නැත. රටක් ගැනද කිව යුත්තේ මෙයමය . එහෙත් කෙනෙකුගේ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීම හෝ අරමුණක් කරා ළඟා වීම එක කළ හැකි දෙයක් නොවේ. ක්ෂණිකයෙන් එවැනි බලාපොරොත්තු ඉටුවීම හෝ අරමුණු කරා ළඟා වීම අප  දකින්නේ, නවකතාවක,ටෙලිනාට්‍යක,වේදිකා නාට්‍යයක හෝ චිත්‍රපටියක වැනි ප්‍රබන්ධ  තුළ පමණි. 2024  සැප්තැම්බර් 21 සහ නොවැම්බර් 14 වන දින දෙකේදී මෙරට ජනතාව ජාතික ජන බලවේගය සමග සැමදෙනාගේ බලාපොරොත්තු සහ අරමුණු ගණනාවක් වෙනුවෙන් එකඟතාවයකට පැමිණියහ.  ඒ සියලු බලාපොරොත්තු සහ අරමුණු නිශ්චිත තේමාවක් ලෙස සඳහන් කරන්නේ නම් ඒ "පොහොසත් රටක් තුල   ජනතාවට ලස්සන ජීවිතයක් උදාකර ගැනීමයි." මේ වනවිට ආණ්ඩුවේ සියලුම වැඩකටයුතු සිදුවන්නේ මේ බලාපොරොත්තු සහ අරමුණු ඉදිරියේ තබාගෙනය.එහෙත් එය ආණ්ඩුවට පමණක්   තනි...
Image
කාන්තා අයිතිවාසිකම්, ආණ්ඩුව, UN  සහ NGOs  එක්සත් ජාතීන්ගේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක් පිළිබඳ කරන ලද සොයාගැනීම් පිලිබඳව ප්‍රකාශයක් 2025 පෙබරවාරි 25 වෙනිදා එළි දක්වා තිබුණු අතර විශේෂයෙන් එහි   ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු   ආරංචි රාළ කියෙව්වේය. සමානාත්මතාවය පදනම් කරගෙන ඉදිරියට ගමන් කරන රටක් ලෙස අපගේ විශේෂ අවධානය යොමුවිය යුතු කරුණු කාරනා ගනනාවක් එහි ඇත.   #  ලිංගිකත්වය   සහ වෙනත් ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඉහළ මට්ටමක පැවතීම,   # අවම වශයෙන් කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක්   අයෙකුවත් තම   සමීපතම සහකරුවා අතින් කායික සහ/හෝ ලිංගික හිංසනය අත්විදීම,   # අසමානුපාතික ලෙස අඩු නඩු පැවරීම් සහ දඬුවම් අනුපාතයන් පැවතීම සහ   # විවාහක ස්ත්‍රී දූෂණය සහ සමීප සහකරු ප්‍රචණ්ඩත්වය නිශ්චිත අපරාධයක් ලෙස නීතිය හමුවේ හඳුනාගෙන නොතිබීම සම්බන්ධයෙන්ද කමිටුව මෙන්ම  ආරංචි රාළද කනස්සල්ලට පත්ව සිටියි. ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත්  ප්‍...
Image
  මිගමුව කලපුව රැකගැනීමට ජනොදනයෙන්   යෝජනා දහයක්! මිගමුව කලපුව විනාසයි, ධීවරයෝ නන්නත්තාරයි!  ආරංචි රාළගේ පුවතට (2025.03.07) කීපදෙනෙක්ම ප්‍රතිචාර දක්වා තිබුණු අතර කලපුවේ විනාශය පිලිබදව ආණ්ඩුවේ පමණක් නොව සැමදෙනාගේ අවදානය යොමුවිය යුතු බව ඉන් තහවුරු විය. මිගමුව කලපුව පිරිසිදු කිරීම සදහා තාක්ෂණික සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව ඇති කීපදෙනෙක්ම ආරංචි රාළට මේවනවිටත් කතා කර ඇත. ඒ අතරේදී ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජික සංවිධානයක් වන ජනොදනය කලපුව රැකගැනීම සදහා තමන්ගේ යෝජනා මෙසේ ඉදිරිපත් කරයි.   මීගමු කළපුව පිරිසිදුව තබාගැනීම දැනට සිදුවෙමින් පවතින දෑ; 01. දිස්ත්‍රික් වන සංරක්ෂණ කාර්යාලය සිංහ සමාජය අනුග්‍රහයෙන් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් මුන්නක්කර කුරුසපල්ලිය ප්‍රදේශය හා වෙඩිකන්ද දූපත පිරිසිදු කිරීම. 02. මීගමුවේ නාගරික කානු කළපුවට වැටීම අධ්‍යයනය කර පිරිසිදු කිරීමට මීගමුවේ ධීවර කාර්යාලය හා නගර සභා නිලධාරීන් සමග සාකච්ඡා වට කීපයක් පැවැත්වීම. 03. ජනතාව වෙතින් ලැබෙන විවිධ පැමිණිලි අදාළ රාජ්‍යාංශ වෙත යොමු කිරීම. ( උදා. කඩොලාන විනාශයන් ) යෝජනා : 01. මීගමු කළපුව ආශ්‍රි...
Image
  කලපුව විනාසයි, ධීවරයෝ නන්නත්තාරයි.. මිනිස් ක්‍රියාකාරකම් නිසා මීගමුව කලපුවට සිදු වෙමින් පවතින දූෂණය පිළිබඳව පරිසරවේදීන් දිගින් දිගටම අදාල අංශ වෙත කරුණු දැක්වුවත් එම දූෂණය නැවැත්වීමට කිසිවෙක් කිසිවක් කරන බවක් නම් පෙනෙන්නෙ නැත. මාළු ,කකුළුවන් සහ ඉස්සන් ගෙන්   පෝෂිත වූ මීගමු කලපුව අප හැඳින්වූයේ දියමන්ති ආකරයක් ලෙසය. එහෙත් වන විට කලපු ධීවරයෙකුට ඉස්සන් ග්‍රෑම් සීයක් අල්ලා ගන්නට බැරි තත්ත්වයක් උදාවී ඇත. මේ නිසා මීගමු කලපුවේ රැකියාව කරමින් ජීවත්වූ දහස් සංඛ්‍යාත ධීවර පවුල් ප්‍රමාණයක් අතිශයින්ම අසරණ තත්ත්වයට පත් වී ඇත. නිදහස් වෙළඳ කලාප සංකල්පය සමඟ 1978 පසු   ආරම්භ කරන ලද   කටුනායක ආශ්‍රිත මහා පරිමාණ ඇගලුම්   කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය සියල්ල බැහැර කරන ලද්දේ මීගමුව කලපුවටය.    කලපුව ආශ්‍රිතව ඉදිකර ඇති හෝටල් සහ විවිධ කර්මාන්තශාලාවල සහ මීගමු නගරයේ ජීවත් වෙන ජනතාවගේ කුණු කසල ද අවසානයේ ගලා එන්නේ මීගමු කලපුවටය.   එපමණක් නොව කලපුවට ගිනිකොන දිගින් සහ දකුණු දිගින් ගලා එන දඩුගම් ඔය සහ හැමිල්ටන් ඇලේ ජල ධාරාව රැගෙන එන්නේ වෙන කිසිවක් නොව කුණු කසලය. අවාසනාවක...
Image
1962 කුමන්ත්‍රණයේ අඳුරු සෙවනැලි කුමන්ත්‍රනය සිදුවන විට අගමැතිනිය  සිරිමාවෝ බණ්ඩාරනායක   1948 න් පසු මෙරට රාජ්‍ය නායකයන් එකොළොස් දෙනෙකුගේ නායකත්වය යටතේ ආණ්ඩු පිහිටුවා ඇතත් රජය පෙරළීමේ කුමන්ත්‍රණ සිදුවූයේ බණ්ඩාරනායක ආණ්ඩු දෙකට එරෙහිව පමණකි. මෙරට දේශපාලන ඉතිහාසයේ සිදුවූ බණ්ඩාරනායක ඝාතන කුමන්ත්‍රණයට පසුව රාජ්‍ය පෙරළීමේ කුමන්ත්‍රණයක් සිදුවූයේ 1962 දීය. හමුදා කුමන්ත්‍රණයක් වූ මෙයට සම්බන්ධ වූවන් අතරින් එක් සිවිල් නිළධාරියෙක්, හමුදාවේ කර්නල් තනතුරු දැරූ අය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු 24 දෙනෙක් වූහ. ඔවුන්ගේ සැළැස්මේ අංක එක වී තිබුණේ අගමැතිනිය සිර භාරයට ගැනීමය. එහෙත් කුමන්ත්‍රණයට පෙර දින රාත්‍රියේ ඒ පිළිබඳව තොරතුරු පොලිස් පොලිස් නිලධාරියෙකු (ස්ටැන්ලි සේනානායක) මගින් දැනගත් අගමැතිණිය වහා ක්‍රියාත්මක වී කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වූවාය. කුමන්ත්‍රණය පිළිබඳව  රජයට  තොරතුරු දුන්  ස්ටැන්ලි සේනානායක, ඔහු සමගි පෙරමුණ රජයේ පොලිස්පති විය . කුමන්ත්‍රණය අසාර්ථක වීමට ප්‍රධාන හේතු දෙකක් බලපෑවේය: 1. පොලිස් නිළධාරියාගේ දැනුම්දීම . 2. කුමන්ත්‍රණය ක්‍රියාත්ම...
Image
බලයෙන් හිස උදුම්මාගෙන උමුතුවූ  පාලකයෝ මේ රටේ නීතිය කෙලෙසා දැමූහ. රනිල් වික්‍රමසිංහ විසින් තමන් බලයට පත් කළ දූෂිතයින් සහ වංචාකාරයන් ආරක්ෂා කර ගැනීම සඳහා පත් කළ පොලිස්පතිවරයා මේ වන විට අධිකරණයක් විසින් වහාම අත්අඩංගුවට ගත යුතු යැයි නියෝග කර ඇති තැනැත්තෙක් බවට පත්ව ඇත.   1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් තිබුණත්  සමස්ථ ඡන්ද  සංඛ්‍යාවෙන් ලැබී තිබුණේ සියයට 51% ආසන්න ප්‍රමාණයක් පමණි.  එහෙත් පාර්ලිමේන්තු බහුතරය උපයෝගී කරගෙන ජේ.ආර්.ජයවර්ධන විධායක ජනාධිපතිධූරය සහිත ව්‍යවස්ථාව සම්මත කරගත්තේය.   "ගැහැණියෙක්   පිරිමියෙක් කිරීම හෝ පිරිමියෙක් ගැහැණිය කිරීම හැර අන් ඕනෑ දෙයක් කල හැකියැ" යි, තම   ඒකාධිපති ව්‍යවස්ථාව ගැන උදම් ඇනූ   ජේ ආර් ජයවර්ධනට අවසානයේ බලය අතහැර යන්නට වූයේ "තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්නයි ජනතාවට කියන ගමන්ය. ඉන් අනතුරුව ජනාධිපති පදවියට පත්වූ ආර්. ප්‍රේමදාස විධායක බලතල පාවිච්චි කරමින් නැටු නාඩගම් ආරංචි රාළට හොදට මතකය. අති විශාල ජනතා සහ සිවිල් සමාජ විරෝධයක් මධ්‍යයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය,...
Image
රෝගීන්ගේ අභිමානය නොරැකන්නේ නම් වෛද්‍යවරුන්ට රකින්නට අභිමානයක් ඉතිරි නොවනු ඇත . තමන්ගේ දීමනා නොලැබීම තම අභිමානයට ප්‍රශ්නයක් බව කියමින් වෛද්‍ය වෘත්තිකයන්  කණ්ඩායම දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කරන බව දැනුම්දී ඇත.     තමන්ගේ ඉල්ලීම් පිලිබදව සලකා බැලීමට ඔවුහු හෙටදින වනතෙක් කාලය ලබාදී ඇත.   මේ සංගමය රටේ සමස්ථ ⁣වෛද්‍ය ප්‍රජාවගෙ නියෝජනයක් කියල ආරංචි රාළ   හිතන්නේ නැත.මීට වඩා මිනිස්සු ගැන සහකම්පනයක් තියන වෛද්‍ය වෘත්තිකයො අනන්තවත් ආරංචි රාළට   හමුවෙලා තියනව. පහුගිය දේශපාලන පරිවර්තනයට හදවතින්ම ආශිර්වාද කළේ ඒ බහුතර පිරිස. ඔවුන් දන්නව මේ ආණ්ඩුව රට බාරගන්නකොට රටේ තිබුණ තත්ත්වය.   සියලු ක්ෂේත්‍ර කඩා වට්ටල, ජාතික ධනය තමන්ගෙ පුද්ගලික දේපල වගේ පරිහරණය කළ පාලකයො, රට දරුණු ආර්ථික අගාධයකට ඇදල දාල තිබුණ.  සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාස මුලුමනින්ම බිඳවැටිල බොන බේත් පෙත්ත විෂ වෙයි කියල බයෙන් හිටපු ජනතාවක් ඔවුන් දැක්ක.  ප්‍රගතිශීලී වෛද්‍යවරු මාලිමාව   දිනවන තැනට එන්නෙ ඒ වගේ දරුණු දේශපාලන ව්‍යසනයකින් රට ගලවගන්න.   ආරංචි රාළ හොදින්ම දන්නව ඔවුන් තමන් ළ...