රෝගීන්ගේ අභිමානය නොරැකන්නේ නම් වෛද්‍යවරුන්ට රකින්නට අභිමානයක් ඉතිරි නොවනු ඇත.
තමන්ගේ දීමනා නොලැබීම තම අභිමානයට ප්‍රශ්නයක් බව කියමින් වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායම දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කරන බව දැනුම්දී ඇත.
තමන්ගේ ඉල්ලීම් පිලිබදව සලකා බැලීමට ඔවුහු හෙටදින වනතෙක් කාලය ලබාදී ඇත.
මේ සංගමය රටේ සමස්ථ වෛද්‍ය ප්‍රජාවගෙ නියෝජනයක් කියල ආරංචි රාළ හිතන්නේ නැත.මීට වඩා මිනිස්සු ගැන සහකම්පනයක් තියන වෛද්‍ය වෘත්තිකයො අනන්තවත් ආරංචි රාළට හමුවෙලා තියනව. පහුගිය දේශපාලන පරිවර්තනයට හදවතින්ම ආශිර්වාද කළේ ඒ බහුතර පිරිස. ඔවුන් දන්නව මේ ආණ්ඩුව රට බාරගන්නකොට රටේ තිබුණ තත්ත්වය.

සියලු ක්ෂේත්‍ර කඩා වට්ටල, ජාතික ධනය තමන්ගෙ පුද්ගලික දේපල වගේ පරිහරණය කළ පාලකයො, රට දරුණු ආර්ථික අගාධයකට ඇදල දාල තිබුණ. සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාස මුලුමනින්ම බිඳවැටිල බොන බේත් පෙත්ත විෂ වෙයි කියල බයෙන් හිටපු ජනතාවක් ඔවුන් දැක්ක. ප්‍රගතිශීලී වෛද්‍යවරු මාලිමාව දිනවන තැනට එන්නෙ ඒ වගේ දරුණු දේශපාලන ව්‍යසනයකින් රට ගලවගන්න.
ආරංචි රාළ හොදින්ම දන්නව ඔවුන් තමන් ළඟට ආපු රෝගීන්ට පවා මේ දේශපාලන පරිවර්තනයෙ අවශ්‍යතාව කිව්ව. ඔවුන් එහෙම කළේ මාලිමාව ආණ්ඩුව ආපු ගමන් ලොකු වැටුප් වර්ධකයක් දෙයි කියල හිතල නෙවෙයි.මේ පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියන බලාපොරොත්තුවෙන්.
අද ඒක වෙලා තියෙනවා..
මුල් වතාවට පාලකයො තමන්ට හිමි වරප්‍රසාද පවා අතහරින අදූෂිත ආණ්ඩුකරණයක් ආණ්ඩුකරණයක් ඔවුන් දකිනව. සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පලදායි තීන්දු ගන්න හැටි දකිනව.
මේ අයවැයෙත් වැඩිම මුදලක් වෙන් කළේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයට කියල ඔවුන් දන්නව.විශාල ආර්ථික අර්බුදයකින් ගොඩ එන ගමන් තමයි රට තියෙන්නෙ.
ඒත් සැළකිය යුතු ගාණකින් ඔවුන්ගෙ වැටුප් වැඩි වෙලා තියනව. ආරංචි රාළ දන්න විදිහට ඔය අඩුවෙලා කියල කියන මුදලට වඩා වැඩියි වැඩිවෙච්ච මූලික වැටුප. මේක තමයි රටක සියලු වෘත්තිකයො මේ සංවර්ධන සංග්‍රාමයට කැප වෙන්න ඕන වෙලාව. හැම පුරවැසියන්ගෙ පැත්තෙන් ම බය නැතුව කැපකිරීම් කරන්න පුළුවන්.
ඇයි ? මේක පාලකයො කැප නොකර ජනතාවට කැප කරන්න කියල කියන ආණ්ඩුවක් නෙවෙයි. ලංකාවෙ මුල් වරට පාලකයො කැපකිරීමේ ආදර්ශය රටට දීපු ආණ්ඩුවක්. ජනතාවගෙ ධනය සොරා නොකන ආණ්ඩුවක්.ඒව හොඳින් කලමණාකාරනය කරන ආණ්ඩුවක්.මිනිස්සු ගැන සහකම්පනයක් සහිත ආණ්ඩුවක්.
ආරංචි රාළ හිතනව අති බහුතරයක් වෛද්‍ය වෘත්තිකයන්ට මේ ආණ්ඩුව ගැන අවබෝධයක් තියනව.ඉතින් ඔවුන්ට ඕන නෑ මේ ආණ්ඩුව එක්ක හැප්පිලා මේ රට ආපස්සට අදින්න.ඔවුන් දන්නව රට ගොඩ ගන්න තමන්ගෙ පැත්තෙන් තියන වගකීම.
ඒත් පරාජිත දේශපාලකයන්ගෙ අතකොලු වෙලා මස් රාත්තලම ඉල්ලන පිරිසක් ඉන්නව.අන්න ඒ පිරිස අඳුනගන්න අමාරු නෑ. ඒ අයගෙ අතීත දේශපාලන භාවිතය අරන් බැලුවත් ඒක පැහැදිලියි.
ආරංචි රාළ
(සාහිත්‍යවේදී රවී සිරිවර්ධන විසින් ලියන ලද සටහනක් ඇසුරිනි.)
2025 . 03. 06 - 57 වන දිගහැරුම
Comments
Post a Comment