"වර්තමාන නායකයින් හා මැති ඇමතිවරු රටේ පවතින ආර්ථිකය සැලකිල්ලට ගෙන තමන්ට හිමි සියලු වරප්‍රසාද අත්හැර දැමීම ඉතාමත් ආදර්ශමත් පිළිවෙතක්." ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා.
"අපේ පාර්ලිමේන්තුව තුල මින් පෙර කවුරුන් විසින් හෝ සිදු කල කථා අතුරින් හොදම කතාව වන්නේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතා ඊයේ (මාර්තු 21) සිදු කල කථාවයි." තමා මින් පෙර කිසි දිනක එවන් අර්ථවත් කථාවක් අසා නැති බව ඉද්දමල්ගොඩ පියතුමා ආරංචි රාළට පැවසිය.
තවදුරටත් අදහස් දැක්වූ පියතුමා; "පසුගිය කාලය තුල විනාශ වූ රට ශක්තිමත් ස්ථාවරයකට ගන්නා ආකාරය එම කතාව තුල තර්කානුකුලව සහ පියවරෙන් පියවර එතුමා විස්තර කළහ. තවද දැනට රටේ ආර්ථිකය පවතින ශක්ති ප්‍රමාණය අනුව රජයේ සේවකයින්ට මෙන්ම, අසරන ජනතාවගේ සුබ සිද්ධිය සදහා මුදල් මෙවර අය වැයෙන් වෙන් කර තිබේ. ආර්ථිකය දැනට වඩා යහපත් වූ විට තව සහන පොරොන්දු විය.
ඉදිරිපත්වූ වූ එම වැඩ පිළිවෙලට වඩා හොද වෙනත් වැඩ පිළිවෙලක් යෝජනා කිරීමට තිබේදැයි එතුමා විපක්ෂයෙන් විමසු අවස්තාවේදී කිසිවෙකුගෙන් ඊට ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ."
" මගේ සිත් ගත් කරුණු දෙකක් පමණක් මෙහි සදහන් කරන්න කැමතියි. පළමුව මින් පෙර සිටි අපේ පාලකයන් විසින් ජනතා බදු මුදල් වලින් වැටුප් දෙක බැගින් ගෙන සහ විශ්‍රාම විවිධ දීමනා ආදියෙන් මුදල් අයථා ලෙස ගසා කෑ ආකාරය හෙළි කළහ. නමුත්, වර්තමාන නායකයින් හා මැති ඇමතිවරු රටේ පවතින ආර්ථිකය සැලකිල්ලට ගෙන තමන්ට හිමි සියලු වරප්‍රසාද අත්හැර දැමීම ඉතාමත් ආදර්ශමත් පිළිවෙතක්.
දෙවනුව, “මාධ්‍ය මත යැපෙන්න එපා. එය පරණ ක්‍රමයයි. එසේ වුනා නම්, අපි බලයට එන්නේ නෑ. ජනතාවත් සමග මුහුණට මුහුණලා සංවාද කරන්න”. මෙය මහජන නියෝජිතයින්ට මොන තරම් වැදගත් උපදෙසක්ද?
ජාතික ආර්ථිකය වැඩ පිළිවෙල ක්‍රමවත් කෙරෙන ආකාරය අයවැය මගින් සැලසුම් කෙරේ. නමුත්, ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමේදී විශාල වගකීමක් මහජන නියෝජිතයින් වෙත පැවරේ. එසේ වන්නට නම්, මහජන නියෝජිතයින් ග්‍රාමීය ජනතාව සමග නිරන්තරයෙන් සංවාදයෙහි යෙදිය යුතු වේ. නමුත්, බොහෝ විට ඔවුන් අතින් මෙම වගකීම මග හැරෙන බව අපි දනිමු.
ජනාධිපති තුමා විසින් තවත් වැදගත් කරුණක් පෙන්වා දුන්හ. එයනම් ආර්ථිකය ගොඩ ගැනීමේදී විපක්ෂයද දායක කර ගැනීමයි. විපක්ෂය කොන් කිරීම නොව ප්‍රධාන ඉලක්කයට හවුල කර ගැනීම හොද උපායකි. මෙම ජාතික බලවේගයේ සියලුම මහජන නියෝජිතයින් කල්පනාවට ගත යුතු පාඩමකි.
ජනාධිපතිවරයාගේ කතාව පදනම් කරගෙන දිගින්දිගටම සංවාද කිරීමෙන් සංවර්ධන ක්‍රියාවලියට ජනතාව ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කර ගත හැකි බව ඉද්දමල්ගොඩ පියතුමා කියා සිටියේය.
ආරංචි රාළ
2025 .03. 22; 69 වන දිගහැරුම
Comments
Post a Comment