නැතිවී ගිය බලය යලි තහවුරු කර ගැනීමට උතුරු නැගෙනහිර දෙමල සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ලොකු උත්සාහයක.
ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට උතුරු නැගෙනහිර ප්‍රධාන දේශපාලන පක්ෂ සහයෝගය දුන්නේ නැත.
එහෙත් ඒ වනවිට පාර්ලිමේන්තුව තුල සැලකියයුතු නියෝජනයක් පවත්වාගෙන ගිය ප්‍රධාන දෙමල සහ මුස්ලිම් දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසට උතුරු නැගෙනහිර ඡන්ද ලබාදීමට යම් එකගතාවයකින් යුතුව කටයුතු කළ බව ආරංචි රාළට හොදට මතකය.එහි ප්‍රතිපලය වුයේ උතුරු නැගෙනහිර දෙමල සහ මුස්‌ලිම් ජනතාවගෙන් ඉතා පැහදිලි බහුතර ඡන්ද ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ලබා ගැනීමයි.
ජාතික ජන බලවේගය කිසිදු දේශපාලන පක්ෂයක් සමග ජනාධිපතිවරණයේදී ඩිල් දැමුවේ නැත.
උතුරු නැගෙනහිර දෙමල සහ මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඉතිහාසයේ සෑම අවස්ථාවකදීම ලබා දුන්නේ දෙමල සහ මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් සහය දක්වන අපේක්ෂකයාටය.කදුකරයේ පැවතියේද මෙම තත්ත්වයමයි.
එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කල අපේෂකයින් අතරින් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානනයට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත හැකිවීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය පාර්ලිමේන්තු මැතිවරණයේදී උඩුයටිකුරු කිරීමට ජාතික ජන බලවේගයට හැකිවිය. සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් ජාතික ජන බලවේගය 65% ආසන්න ප්‍රමාණයක් ලබා ගන්න විට උතුරු නැගෙනහිර බොහෝ දිස්ත්‍රික්වල එය 20% - 40% දක්වා වූ පැහැදිලි වැඩිවීමක් විය. මෙනිසා තනි පක්ෂයක් ලෙස අනිකුත් සියලු මුස්ලිම් සහ දෙමල පක්ෂ වලට වඩා වැඩි නියෝජිතයන් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට එවීමට ජාතික ජන බලවේගයට හැකිවී ඇත. මේ වසර ගණනාවක් තිස්සේ දෙමල සහ මුස්ලිම් ජනතාවගේ ඡන්දය තමන්ගේ බුදලයක් ලෙස සලකමින් ක්‍රියාකළ පාරම්පරික දේශපාලන දෙමල සහ මුස්ලිම් දේශපාලන පක්ෂ වලට ඒ ජනතාවගෙන් එල්ලවූ ප්‍රබල කම්මුල් පහරක් සේ සැලකිය හැක.
මේ වන විට උතුරු නැගෙනහිර දෙමල සහ මුස්ලිම් ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගය ආණ්ඩුව පිලිබදව හොද විස්වාසයක් ගොඩනගා ගෙන ඇති අතර වසර ගණනාවක් තිස්සේ නොසලකා හරිනු ලැබූ ජනතාවක් ආණ්ඩුකරණයට සම්බන්ධකරගෙන සාධනීය වැඩපිළිවෙලක් දියත් කරමින් සිටින අතර උතුරු නැගෙනහිර ජනතාව ආණ්ඩුවට සහය දක්වමින් සිටියි.
මෙහි ප්‍රතිපලය වන්නේ ජාතිය පදනම් කරගෙන පවත්වාගෙන් එමින් සිටින දෙමල සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමයි.
මේ තත්ත්වය හොදින් වටහාගෙන සිටින මේ පාරම්පරික දෙමල සහ මුස්ලිම් දේශපාලන නායකයින් සහ ඔවුන්ට උඩගෙඩි දෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන කීපයක් මැයි 06 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය පරාජය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව මේ වන විට ආරංචි රාළට වාර්තාවී ඇත. මෙසේ සහය දක්වන බොහෝ රාජ්‍ය නොවන ආයතන වල පැවැත්ම රදා පවතින්නේ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න හිගන්නාගේ තුවාලයසේ පවතින විටය.
ජාතික ජන බලවේගය ආණ්ඩුව කෙරෙහි උතුරු නැගෙනහිර ජනතාව තුළ ගොඩනැගී ඇති විස්වාසය කිසිසේත්ම පළුදු නොවිය යුතුය. එසේ සිදුවන්නේ නම් ජාතික ඒකාබද්ධතාවය සහ සහ ජාතික සමගිය ගොඩ නැගීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකා දීපය පොහොසත් රටක් සහ එරටෙහි ජනතාවට ලස්සන ජිවිතයක් ලබාදීමේ වැඩපිළිවෙලට එය විශාල බාධාවක් වන බවට ආරංචි රාළ ජාතික ජනබලවේගයට අනතුරු අගවයි.
ආරංචි රාළ -
Comments
Post a Comment