ආණ්ඩුව  ආබාධ සහිත ප්‍රජාව සමග එක්ව අත්නොහරින  ගමනක.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් වසන්ත සිල්වා සහෝදරයා ප්‍රකාශ කරන ආකාරයට මේ වනවිට විවිධ ආබාධ සහිත පුද්ගලයින් ලක්ෂ 16 ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙති.  අවාසනාවකට මෙරට පාලනය කරන බොහෝ දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින් මෙම ප්‍රජාව පිළිබඳව කිසියම් උනන්දුවක් දැක්වූවා නම් ඒ මැතිවරණයක් ආසන්නයේදී පමණි. එම අවස්ථාවේදී වුවද ඔවුන් "අනේ පව් අහිංසකයෝ " යයි කියමින් ඡන්දය ලබා ගැනීම සඳහා ඔවුන්ට විවිධ ආධාර ලබා දුන්නා මිස අපේ රටේ ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න හඳුනා ගෙන එම ප්‍රජාව සමස්ත සමාජය සමඟ අන්තර්කරණය කර ඔවුන්ට අභිමානවත් ජීවිතයක් උදාකර දීමට කිසිවක් කළේ නැත.

ජාතික ජන බලවේගයට සම්බන්ධව සිටින සිවිල් සමාජ කණ්ඩායම් මේ පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ සහ ක්‍රියාකාරකම් සහතික කරන ප්‍රතිපත්ති ප්‍රකාශන අතරට ,"එක්ව අත් නොහැර" නමින් සුවිශේෂී ප්‍රතිපත්ති ප්‍රකාශනයක්  ජනගත කළේය.

කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ මේ ප්‍රතිපත්ති  ප්‍රකාශනය එළි දැක්වීමේදී මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රවන ආබාධ පිළිබඳව දරු දැරියන් සමඟ වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන ගරු ග්‍රේටා පැවිදි සොයුරිය අනුර දිසානායක සහෝදරයාගෙන් ඉල්ලා සිටියේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළත් කරුණු අතිශයින්ම වැදගත් වන බැවින් ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළින් ඒවා ඉෂ්ට කිරීමට කටයුතු කරන ලෙසය. දේශපාලකයෝ කාලයක් තිස්සේ කලා සේ නැවත "අනේ  අපිව රවට්ටන්නට එපා" කාරුණික ආයචනයක්ද ඇය කලාය.ඇයගේ කතාවට ප්‍රතිචාර දක්වමින් අනුර කුමාර දිසානායක සහෝදරයා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට සෘජු ඉතා පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

දැන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා ඇත.ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගන්වීමේ  අමාත්‍යාංශය යටතේ ඇති ආබාධ සහිත ප්‍රජාව සඳහා වූ ජාතික සභාවටය. එම ජාතික සභාවේ ප්‍රථම රැස්වීම ඊයේ කොළඹ සව්සිරිපායේ අමාත්‍යාංශයේ  ශ්‍රවණාගාරයේදී ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ  සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එක්ව අත්නොහැර ප්‍රතිපත්ති  ප්‍රකාශනයට අනුකූලව  ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් දියත් කරන සියලු වැඩසටහන් සංවිධානය කර මෙහෙයවිය යුතු බව එහිදී තීරණය වූ බව දැනගන්නට ලැබුණි.

මෙය සැබවින්ම සුගත් වසන්ත මන්ත්‍රීවරයා සඳහන් කරන ආකාරයට ලක්ෂ 16කට ආසන්න වන ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ඇති කැපවීම සහතික කිරීමකි.

මැතිවරණයට පෙර තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශන සඳහා ජනතාව විසින් අතිවිශාල ජනවරමක් ලබාදී ඇති අවස්ථාවක එම ජනවරමට ගරු කරමින් නිසි සැලසුමක් අනුව සෙමෙන් එහෙත් ස්ථාවර ගමනක ජාතික ජන බලවේගය රජය ඉදිරියට ගමන් කරමින් සිටියි. ඒ ගැන ආරංචි කාලෙට ඇත්තේ ලොකු සතුටකි.

 

ආරංචි රාළ : 2025 .03. 18 /66 වන දිගහැරුම

 

 

 

Comments

Popular posts from this blog