ඉතා සෙමින් සහ පරිස්සමෙන් වචන හසුරුවන නමුත් තමා ප්‍රකාශ කරන සෑම වචනයකටම අර්ථයක් දෙන්නට උත්සාහ කළ සමන් හමන්ගොඩ.
රාජ්‍ය නොවන සංවිධානය වල කාර්යභාරය ඉතා නිවැරදි ලෙස හඳුනාගත් ප්‍රජා සංවර්ධන උපදේශකවරයෙකු ලෙස ආරංචි රාළ සමන් හමන්ගොඩ හඳුන්වයි
කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිය ලබාගෙන 1984 වන විට ඉන් පිටවන සමන් හමන්ගොඩ තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්නේ රාජ්‍ය නොවන සංවිධාන(NGOs) වල සේවය කිරීම සඳහාය.
සරසවි ශිෂ්‍ය දේශපාලනය තුළ ඉදිරිපෙළ සිට නායකත්වය නොදැරුවත් එවකට පැවැති ජේ.ආර්. ජයවර්ධනලාගේ යූඑන්පී සිසු මර්දනකාරී ආණ්ඩුවට එරෙහිව ශිෂ්‍ය ක්‍රියාකාරකම්වලදී ඒවා නිසි පරිදි සැලසුම් කිරීම සඳහා ඔහු තීරණාත්මක දායකත්වයක් ලබා දුන්නේය.
ඉතා සෙමින් සහ පරිස්සමෙන් වචන හසුරුවන සමන් තමා ප්‍රකාශ කරන සෑම වචනයකටම අර්ථයක් දෙන්නට උත්සාහ කළ කෙනෙකි.ඔහුට මේ රට පිළිබඳව පැහැදිලි දැක්මක් තිබුණි. ඒ සඳහා විවිධ කණ්ඩායම් එකිනෙකට වෙනස් ක්‍රියාකාරකම් වල නිරතව සිටින විට තමාගේ සමාජ මෙහෙවර ඉටු කිරීම සඳහා ඔහු තෝරා ගත්තේ රාජ්‍යය නොවන සංවිධාන ක්ෂේත්‍රයයි.
මුල් කාලයේදී බිම මට්ටමේ ක්‍රියාකාරිකයකු ලෙස ජනතාව සමග උරෙන් උර ගැටී වැඩකටයුතු කිරීමෙන් ලද අත්දැකීම් ඉතාමත් නිර්මාණශීලී ලෙස යොදාගෙන පසු කාලයේදී ඔහු අතිශයින්ම වෘත්තීමය තත්ත්වයකින් යුතු ප්‍රජා සංවර්ධන වැඩසටහන් උපදේශකයෙකු බවට පත් විය.
සමාජ විග්‍රහය, ප්‍රශ්න හඳුනා ගැනීම, සක්‍යතා අධ්‍යයනය, ව්‍යාපෘති හඳුනා ගැනීම, ඒවා සැලසුම් කිරීම, නියාමනය, ඇගයීම සහ වාර්තාකරණය පිළිබඳව ඉතාමත් විශිෂ්ට ආකාරයේ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සහ මෙහෙයවීම ඔස්සේ සමන් බොහෝ රාජ්‍ය නොවන සංවිධාන වලට නැතුවම බැරි පුද්ගලයෙකු විය.
"පිරුණු කළේ දිය නොසැලේ"! අත්දැකීම් සහ දැනුමෙන් අතිශයින්ම පෝෂිතව සිටි ඔහුව හැඳින්වීමට ආරංචි රාළ යොදාගන්නා ප්‍රස්ථා පිරුළයි.
තනි පුද්ගලයෙකු පිළිබඳව සටහන් ලිවීම ආරංචි රාළගේ සාමාන්‍ය පිළිවෙත නොවුනත් සමන් හමන්ගොඩ වැනි පුද්ගලයෙකු වෙනුවෙන් ආරංචි රාළ තම 75 දිග හැරුම වෙන් කරන්නේ ඔහුගේ හදිසි වියෝවය සැලවීමත් සමග ආරංචි රාළ සැබවින්ම දැඩි කම්පනයකට පත්ව සිටින නිසාය.
ඔහු ඉතා සතුටින් මියගිය පුද්ගලයකු විය යුතුය. මක්නිසාද යත් ඔහු බෙදා දෙනු ලැබූ අත්දැකීම්, දැනුම් සහ නිපුණතාවන් තවත් බොහෝ කාලයකට මේ සමාජය වඩා යහපත් තැනක් කිරීමට ඔහු සමග වැඩ කළ බොහෝ දෙනෙකුට අවස්ථාව ඇත.
සමන් ඔබට සදා නිවන් සුව ලැබේවා !
ආරංචි රාළ - 2025 .04. 01 - 75 වන දිගහැරුම
ආරංචි රාළ 75
නිවැන් සුව පතමු
ReplyDelete