දේශබන්දු අපරාධකාරයෙක්, මොහුගේ නිවස ගෙයක් නෙවෙයි ඒක ඉස්කාගාරයක්. මොහු සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක්!
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස්.
"ස්වාමීනී අද පෙරවරුවේ මට ආරංචියක් ලැබුණා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන මේ සැකකරු ටයිකෝට් වලින් සැරසි බෙන්ස් රථයකින් ඇවිත් මාතර උසාවිය තුළ වාඩිවෙලා ඉන්නවා කියලා. ඒක සැල වීමෙන් පසුවයි මා මේ අධිකරණයේ පෙනී සිටින්න තීරණය කළේ. මේ මෝසම ගැන අපට දැනුම් දීමක් නොකර හොර පූසා වගේ උසාවියට ඇවිත් පාලු ගෙයි වලන් බිඳලා ඇප අරගෙන යන්න මේ සැකකරු හිතාගෙන ඉන්න ඇති. මම උසාවියට එන අවස්ථාවෙත් මේ සැකකරු ටයිකෝට් වලින් සැරසිලා පෙළේ බංකුවක වාඩිවී සිටියා. ස්වාමීනී මම අහන්න කැමතියි. මොහු බංකුවක වාඩිවෙලා ඉන්නේ කොහොමද? ඔහු සිටිය යුත්තේ කූඩුවේ."
"මොහු අපරාධකාරයෙක් . අපරාධකරුවෙකු උසාවියට එන්න ඕනේ බිම දිගේ බඩගාගෙන. මෙහෙම සිංහ ලීලාවෙන් ඇවිත් ඉන්න බෑ. මොහු ෆෝන් ඕෆ් කරගෙන යටිකූට්ටු ගේම් ගහමින් දින විස්සක් පමණ අධිකරණය මගහැර හැංගිලා සිටියා. සංවිධානාත්මක අපරාධකරුවන් හැටියට සැලකෙන මාකඳුරේ මදුෂ් , හරක් කටා වැනි අපරාධකරුවන්ටත් නොදෙවෙනි පුද්ගලයෙක් තමයි මොහු. ඒ වගේම මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහු උසාවියට ආවේ නහය ළඟටම වතුර ගලාගෙන ආවට පස්සේ.මේ සැකකරු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ පළමු වන වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ ඔබතුමාවයි. ඔබතුමා අධිකරණ ශාලාවේ දොර අගුළු වහගෙන කුමන්ත්‍රණය කරනවා කියලත් ඒ පෙත්සමේ චෝදනා කර තිබුණා."
"මේ සැකකරු පොලිස්පති ධුරයේ කටයුතු කරනකොට ප්‍රකාශ කර තිබුණා අපරාධකරුවන්ව ආරක්ෂා කරන්නේ නීතිඥවරු කියල. එහෙම කියපු එයා අද නීතිඥවරුන්වත් වට කරගෙන උසාවියට ඇවිල්ලා ඉන්නවා. ස්වාමීනි... මේක W15 හෝටලයට වෙඩි තැබීමේ දඬුවම නෙමෙයි. මෙය කර්මය පඩිසන් දීමක් හැටියට සඳහන් කරන්න සිදුවෙනවා. දිට්ඨ ධම්මවේදනීය කර්මය කියන්නේ මොකක්ද කියලා මොහුට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක දැන් ඔහුගේ ඇස් පනාපිටම ප්‍රදර්ශනය වෙනවා. කරුමය තමයි ඔහුට මේ ආත්මයේදීම පළදිලා තියෙන්නේ."
වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා" ස්වාමීනි..මේ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඔබතුමා නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ප්‍රභාකරන් හොයනවා වගේ විශාල පොලිස් කණ්ඩායමක් මොහු සොයා මෙහෙයුම් ආරම්භ කළා. මොහුට තිබෙන සමාජ බලයත් ආගමික බලයත් පාවිච්චි කරගෙන ඊයේ දවස වනතුරු මොහු හැංගිලා හිටියා. මේ සැකකරු පදිංචිව සිටින ලිපිනය ලෙස දාලා තිබිච්ච ලිපිනයේ ඉන්නේ හාමුදුරු නමක්. පසුගිය දින කීපයේදීම මෙයා ගැන පොලිසිය නිලමේවරු , දේශපාලකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කළා. මොහු ඩීල් දාලා තියෙන්නේ ඒ වගේ පුද්ගලයෝත් එක්කයි. මේ සැකකරුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී මත්පැන් බෝතල් 795 ක් සොයාගෙන තිබෙනවා. කෝටියකට වඩා වටිනා මත්පැන් බෝතල් සොයාගත්තා. හැම්පර් විතරක් එකසිය ගානක් තිබ්බා. රජයේ සේවකයින්ට තුටු පඬුරු ලබාගන්න බැහැ. එසේ නම් ඔහු ඒවා ලබා ගත්තේ කොහොමද? මොහුගේ නිවස ගෙයක් නෙවෙයි ඒක ඉස්කාගාරයක්. කිසිම දේපළක් මොහුගේ නමට ලියාපදිංචි වෙලා නැහැ. එහෙත් ඔහුට ගෙවල් අටක් පමණ තිබෙන බව අපි හොයාගෙන තිබෙනවා. ඒ නිසයි මම කිව්වේ මේ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවන්ට වඩා භයානක තැනැත්තෙක් කියලා." යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල් වරයා මෙම සැකකරු අධිකරණය මගහැර කට්ටි පනිමින් සිටි පුද්ගලයෙක් .
මෙන්න මෙවැනි ත්‍රාඩ සංස්කෘතියක් තමයි ජාතික ජන බලවේගය පරාජය කරේ සහ කරමින් ඉන්නේ. කෝ දේශබන්දු කෝ ඇල්ලුවද අහපු අයට පේනව නේද කොහොම යාන්ත්‍රණයක් ද මේ ගොල්ලෝ වටේ තියෙන්නේ සහ තිබුනේ කියලඒ නිසා ඉවසීමෙන් පරිස්සමෙන් අදියරෙන් අදියරයි මේ ත්‍රාඩ සංස්කෘතීය අවසන් කරන්න ඕන කියන එක තමයි ආරංචි රාළට කියන්න තියෙන්නේ.
ඒකට අපි හැමෝම ගිය සැප්තැම්බර් මාසේ නොවැම්බර් මාසේ එක මිටට එකා වගේ හිටගත්ත වගේ ඊටත් වඩා හයියෙන් ඉන්න ඕන හෙට බලයි ඇප ගන්න රෝහල් ගත් වෙන්න තව සෙල්ලම් දාන්න මොකද මෙයාල දාපු සෙල්ලම් ඔය පේනව නේ මෙයාල වෙනුවෙන් තකහනියෙම දුවන් එන සෙට් එක පේනව නේද? අපි එකට එකතු වෙලා ඕන මේව පරාජය කරන්න
ශක්තිමත්ව ඉදිරියට යමු ත්‍රාඩ සංස්කෘතිය පරාජය කරමු.
ආරංචි රාළ -
මුහුනුපොතේ තිබු සටහනකි.
Comments
Post a Comment