මම කතෝලිකයෙක් නොවෙමි.
ශ්‍රී ලංකාව ක්‍රිස්තියානි ආගම් හඳුනාගත්තේ බටහිර ජාතීන් හරහාය. 1505 දී මෙහි පැමිණි පෘතුගීසීන් කතෝලික සභාවද, 1656 දී ලන්දේසීන් ඕලන්ද රෙප්‍රමාදු සභාවද, 1796 දී ඉංග්‍රීසින් ඇන්ග්ලිකානු සභාවද හඳුන්වා දුන්හ. කතෝලික දහම වැළඳ ගැනීමට වැඩිපුරම පෙළඹුණේ මුහුදුබඩ පළාත්වල වැසියන්ය. එයට හේතුව වූයේ දුෂ්කර දිවි පෙවෙතක් ගත කළ මුහුදුබඩ ජනයාට කතෝලික සභාවේ වත් පිළිවෙත් තුළින් එක්තරා ආකාරයක මානසික වින්දනයක් ලැබීමය.
ඕලන්ද රෙප්‍රමාදුවටත්, ඇන්ගිලිකානු සභාවටත් මේ මිනිසුන් කතෝලික සභාවෙන් කඩා වෙන්කර ගැනීම පහසුු නොවීය. ඕලන්දයන්ට සහ ඉංග්‍රීසින්ට අවශ්‍ය වූයේ තම පාලන බලය ස්ථාවර කර ගැනීමය. සාමාන්‍ය ජනතාව තම සභාවන්ට හරවා ගැනීමේ අවශ්‍යතාවයක්ද ඔවුන්ට නොවීය. ඔවුන්ට අවශ්‍ය ආකාරයේ ඉහළ සමාජයේ ප්‍රභූ කොටස් නාගරිකව වාසය කළ අතර තනතුරු, ඉඩකඩම්, නම්බුනාම මගින් ඔවුන් දිනා ගැනීමද පහසු විය
රාජකීය, තෝමස් වැනි පාසල් බිහිකර ගත්තේ මේ ප්‍රභූ පන්තිය පාලක කටයුතුවලට හුරු කර ගැනීම පිණිසය. 20 වන සියවස මැදදී ඉංග්‍රීසීන්ගෙන් පාලනය තමන් අතර ගත් ප්‍රභූ පිරිස් බිහි වූයේ මේ පාසැල් දෙකෙන්ය. ඔවුන් අතරින් මුල් තැන් ගත් සේනානායක, කොතලාවල, බණ්ඩාරනායක, ජයවර්ධන, වික්‍රමසිංහ පවුල්වල සංස්කෘතිය මේ පාසල් තුලින් ලැබුන පුහුණුවේ අග්‍රඵලයයි. ඒ ගැන ආරංචි රාළ හොදින් දනියි.
මේ සියලු දෙනාම සර්පයින් හැව අරින්නාක් මෙන් රටේ වැසියන් ඉදිරියේ බෞද්ධයන් ලෙස පෙනී සිටියත් ඔවුන්ගේ අභ්‍යන්තරය බදාගෙන සිටියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා එහි සංස්කෘතිය පිළිබඳව පාලනය සහ අධ්‍යාපනය හරහා ලබාදෙන ලද පුහුණුවයි.
මේ පවුල් තවමත් නඩත්තු කරන්නේ එම අධිරාජ්‍යය ගැති චින්තනයයි. එයට හේතුව නම් බලය හා ධනය ගොඩ ගසා ගැනීමට ඔවුන්ට ඉඩ ලබා දුන්නේ බ්‍රිතාන්‍යයන් වීම නිසාය.
පසුගිය පෙබරවාරි 5 වන දින ලන්ඩනයේ අල් ජසීරා සමග පැවති මාධ්‍ය සංවාදයේදී, අදාළ නොවූවත්, තමා කතෝලිකයෙක් නොවන බව රනිල් ප්‍රකාශ කිරීමට හේතු වූයේ තම පරම්පරාවේ මූලය බ්‍රිතාන්‍යය සම්ප්‍රදායයන් හා සංස්කෘතියන් වීම නිසාය. තමා ඇන්ග්ලිකානු සංස්කෘතියේ ඵලයක් බව ඔහු නොකියා කීවේ එළෙසය. තම පරපුරම ඇන්ග්ලිකානුවන් වීම නිසා දැඩි බෞද්ධ මතධාරියකු ලෙස ප්‍රකාශ වීමටත් ඔහුට බියක් තිබේ.
එම තත්ත්වය සමහන් කිරීම සඳහා ඔහු කළේ තමා බෞද්ධයෙක් බව නොකියා මල්වතු නාහිමියන්ට හැමදෙනාම යටත් බව කියා ඇඟ බේරාගැනීමය.
කතෝලික සභාව (කාර්දිනල්) විකාර කාරයන් යැයි පවසා ඔහු උත්සාහ කළේද බෞද්ධ ප්‍රජාව වෙතින් ලකුණක් ලබා ගැනීමටය.
රනිල්ගේ අනුගාමිකයින්, ආසියාවේම බුද්ධිමතා ලෙස ඔහුට වන්දනා මාන කරන්නේ මේ "දිය යටින් ගින්දර ගෙන යාමට " ඔහුට ඇති හැකියාව ලෙස බැලීමෙනි. එහෙත් ඔහු උරුම කරගෙන ඇත්තේ තම පරපුර විසින් ඔහුට උරුම කර දුන් කපටිකම් මිස අන් කිසිවක් නොවන බව ආරංචි රාළ හොදින් වටහාගෙන සිටියි.
තව කිව යුත්තක් ඇත. ඇඟ පුරාම ලේ තවරා ගත් රනිල් තමා කතෝලිකයකු නොවේයැයි පිළිගැනීම ගැන කතෝලිකයන් සැනසුම් සුසුම් හෙළනු නියතය.මක්නිසාදයත් මේ ඔවුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කෘර ලෙස වදහිංසාවට පමුණුවා මරණයට පත්කළ චතාරිකය සිහිකරන කාල වකවානුවයි.
ආරංචි රාළ
(ෂෙල්ටන් පිරිසගේ සටහනකට අනුවය.)
2025 .03. 16 /65 වන දිගහැරුම
Comments
Post a Comment