මිගමුව කලපුව රැකගැනීමට ජනොදනයෙන් යෝජනා දහයක්!
මිගමුව කලපුව විනාසයි, ධීවරයෝ නන්නත්තාරයි! ආරංචි රාළගේ පුවතට (2025.03.07) කීපදෙනෙක්ම ප්‍රතිචාර දක්වා තිබුණු අතර කලපුවේ විනාශය පිලිබදව ආණ්ඩුවේ පමණක් නොව සැමදෙනාගේ අවදානය යොමුවිය යුතු බව ඉන් තහවුරු විය. මිගමුව කලපුව පිරිසිදු කිරීම සදහා තාක්ෂණික සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව ඇති කීපදෙනෙක්ම ආරංචි රාළට මේවනවිටත් කතා කර ඇත. ඒ අතරේදී ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජික සංවිධානයක් වන ජනොදනය කලපුව රැකගැනීම සදහා තමන්ගේ යෝජනා මෙසේ ඉදිරිපත් කරයි.
මීගමු කළපුව පිරිසිදුව තබාගැනීම
දැනට සිදුවෙමින් පවතින දෑ;
01. දිස්ත්‍රික් වන සංරක්ෂණ කාර්යාලය සිංහ සමාජය අනුග්‍රහයෙන් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් මුන්නක්කර කුරුසපල්ලිය ප්‍රදේශය හා වෙඩිකන්ද දූපත පිරිසිදු කිරීම.
02. මීගමුවේ නාගරික කානු කළපුවට වැටීම අධ්‍යයනය කර පිරිසිදු කිරීමට මීගමුවේ ධීවර කාර්යාලය හා නගර සභා නිලධාරීන් සමග සාකච්ඡා වට කීපයක් පැවැත්වීම.
03. ජනතාව වෙතින් ලැබෙන විවිධ පැමිණිලි අදාළ රාජ්‍යාංශ වෙත යොමු කිරීම. ( උදා. කඩොලාන විනාශයන් )
යෝජනා:
01. මීගමු කළපුව ආශ්‍රිත සෑම තොටුපලකට ම අදාළ ව අප සාමාජික සාමාජිකාවන් හා ධීවර නියෝජනයන් ඇතුළත් " හරිත කමිටු " ගොඩනැගීම.
02. හරිත කමිටුවට පැවරෙන කාර්යයන්:
- අදාළ තොටුපල සඳහා විධිමත් ව කසල බඳුන් ස්ථාපනය කිරීම.
- ඒවායේ කසල ඉවත් කිරීම සඳහා නගර සභාවේ මහජන සෞඛ්‍ය අංශය සමග සහයෝගයෙන් කටයුතු කිරීම.
- කඩොලාන හා වෙනත් පරිසර විනාශයන් පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීම.
- තොටුපල ආශ්‍රිත කානු හා අගල්වල ක්‍රියාකාරීත්වය ගැන සැලකිලිමත් ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
03) සෑම තොටුපලකට ම අදාළව පරිසරය රැකීම පිළිබඳ දැන්වීම් පුවරු සවි කිරීම.
04) තොටුපොළ ආශ්‍රිත ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් සංවිධානය කිරීම.
05) විධිමත් කානු නොමැතිවීම හා වෙනත් හේතූන් නිසා ජලය රැඳෙන ස්ථාන ගැන මීගමුවේ මහජන සෞඛ්‍ය අංශය දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීම.
06) ප්‍රදේශයේ දැනට ඇති කානු හා ජලය බැස යන මාර්ග ගැන තොරතුරු වාර්තාවක් සෞඛ්‍ය අංශය වෙත ඉදිරිපත් කිරීම.
07) නව කානු හා අගල් අවශ්‍ය යැයි ඔබ සිතන්නේ නම් ඒ පිළිබඳව ද යෝජනා ඉදිරිපත් කිරීම.
08) ජලය රැඳී තිබෙන හා ජලය බැස නොයන ( stagnate වී ඇති ) ස්ථාන පිළිබඳ ව වාර්තා කිරීම හා යෝජනා ඉදිරිපත් කිරීම.
09) පවිත්‍රතා වැඩසටහන් හා ශ්‍රමදාන සංවිධානය කිරීම.
10) ප්‍රාදේශීය හරිත කමිටු නියෝජිතයන් සඳහා පුහුණු වැඩ සටහන් සංවිධානය කිරීම.
ආරංචි රාළ
2025 .03. 10 - 61 වන දිගහැරුම
Comments
Post a Comment