"යුක්තිය පතන මවක් ඉදිරියේ සත්‍යය සදහටම සඟවා තැබිය නොහැකිය"

ඇය වේදිකාවට ගෙන ආ දේශපාලකයෝ 1994 දී බලයට පැමිණි පසු මනෝරානි පමණක් නොව දහස් ගණන් වැළපෙමින් සිටි මව්වරුන් අමතක කළහ. මන්ද, කුමන පිළක සිටියත් ඔවුන්ට ආරක්ෂා කර ගැනීමට දේශපාලන ප්‍රභූ පෙළැන්තියක් තිබුණි; බල තන්හාවක් තිබුණි; ධනය ගොඩගසා ගැනීමේ වුවමනාවක් තිබුණි.පයට පෑගෙන දූවිල්ලක් වැනි වූ මව්වරුන්ගේ කඳුළු වලට අගයක් නොතිබුණි.

අධිකරණ ශාලාවෙන් පිටතට එමින් ඇය, මනෝරානි සරවනමුත්තු තම කටහඬ අවදි කළාය: "ලංකාවේ ඉන්න වාසනාවන්තම අම්මා මම. මට මගේ පුතාගේ මළ මිනියවත් දකින්න ලැබුණා. ඒත් දහස් ගණන් අම්මලාට තමන්ගේ දූ පුතුන්ගේ මළ මිනියවත් දකින්න ලැබුණේ නැහැ.මගෙ පුතාගේ මළ සිරුර මුහුදු රැළි විසින් වෙරළට පා කරලා එවල තිබුණේ මගෙ පුතා වෙනුවෙන් සටන් කරන්න ශක්තිය දෙන්නයි "

භීෂණය රට වෙළා ගෙන පැවති යුගයේ විරුද්ධ පක්ෂ දේශපාලකයන්ට මනෝරානි පෙරට ගැනීමට අවශ්‍ය වූයේ ඇය යුක්තිය ඉල්ලා සටන් කරන මව්වරුන්ගේ සංකේතය වූ බැවිනි. ඇය මව්වරුන්ගේ පෙරමුණුවල පෙරමුණ ගත්තාය. පා ගමන්වල පෙරටුව ගියාය; රැස්වීම් වල කතා කළාය. ඇය ශක්තියක් වූයේ අතුරුදහන් කරනු ලැබූ දරුවන්ගේ මව්වරුන්ට පමණක් නොවෙයි. විරුද්ධ පක්ෂ දේශපාලකයන්ටද ඇගේ සම්ප්‍රාප්තිය විශාල ශක්තියක් විය. එහෙත් මනෝරානිට අවශ්‍යය වූයේ දරුවන් අහිමි වූ මව්වරුන්ට ශක්තියක් වීම පමණකි.

ඇය වේදිකාවට ගෙන ආ දේශපාලකයෝ 1994 දී බලයට පැමිණි පසු මනෝරානි පමණක් නොව දහස් ගණන් වැළපෙමින් සිටි මව්වරුන් අමතක කළහ. මන්ද, කුමන පිළක සිටියත් ඔවුන්ට ආරක්ෂා කර ගැනීමට දේශපාලන ප්‍රභූ පෙළැන්තියක් තිබුණි; බල තන්හාවක් තිබුණි; ධනය ගොඩගසා ගැනීමේ වුවමනාවක් තිබුණි.පයට පෑගෙන දූවිල්ලක් වැනි වූ මව්වරුන්ගේ කඳුළු වලට අගයක් නොතිබුණි. 

මෙසේ පීඩකයාත්, පීඩනයට එරෙහි වූ බව පෙන්වූ විරුද්ධ පිළත්, එකම පිළකට ගාල් වෙද්දි හාරන්නට පටන් ගත් මිනී වළවල් නැවත වැසී ගියේය. ආරම්භ කළ විමර්ශනයන් සොයා ගත නොහැකි තැන්වල සැඟවී ගියේය. 2001 දී මනෝරානි මිය ගියේ තම පුත්‍රයාගේ ඉරණමට ඉටුවන යුක්තියක සේයාවක්වත් නොදැකය.

පුතෙකු පැහැරගෙන ගොස් මරා දැමූ පසු මවකට තවදුරටත් ජීවත් විය නොහැකිය යන ඇගේම ප්‍රකාශය සැබෑවක් බවට පත්විය.

ඇය ජීවිතයෙන් සමුගෙන වසර හතරකට පසු ඇගේ පුතාගේ ඝාතකයෝද නිදොස් කොට නිදහස් කරනු ලැබූහ. එසේ සිදුවූයේ මනෝරානි විසින් ඝාතකයන් හඳුනාගෙන තිබියදීත්ය. ඒ වන විට ඇය කඩා වැටුන ගැහැණියක වූවාය. ඇය මෙන්ම දහස් ගණන් මව්වරු බලාපොරොත්තු කඩ වූ චරිත බවට පත්ව පොළොව යට සැඟවී ගියහ. ඉතිරි අය රටේ කොතැනක හෝ තම දූ පුතුන් නැවත ගෙදර එතැයි යන උමතු සිතිවිල්ලෙන් බලා සිටිනවා විය යුතුය.

අශෝක හඳගමගේ තම "රානි  " තුළින් මෙරට ජනතාව, විශේෂයෙන්ම ඒ භිෂණය මවමින් පතවාගෙන ගිය ඒ  මර්ධනකාරී අතීතය නැවත අපට මතක් කරදෙයි. චිත්‍රපටය පිළිබදව පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ වෙමින් පවතියි. ආරංචි රාළ ඒ කිසිවක් බැහැර නොකරයි. කෙසේවෙතත්  

"යුක්තිය පතන මවක් ඉදිරියේ සත්‍යය සදහටම සඟවා තැබිය නොහැකිය" යන කතාව දොස්තර මනොරානි  සරවනමුත්තු නම්වූ මේ ආදරණිය අම්මා අපට කියා දුන්නාය.

 ආරංචි රාළ - 2025 . 03.  02 - 55  වන දිගහැරුම

 

 ෂෙල්ටන් පිරිස් ගේ සටහනක් ඇසුරිනි.

 

 

 

Comments

Popular posts from this blog