Posts

Showing posts from July, 2025
Image
ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගිය හැක්කේ අන්තර්කරණ ක්‍රියාවලියකින් පමණි. කළු ජූලිය උගත් පාඩමක් ලෙස මිස විටින් විට පාර ණ තුවාලයක් කරගත යුතු නැත ( කළු ජූලිය වෙනුවෙන් ආරංචි රාල ලියූ විශේෂ සටහනකි). ආරංචි රාළගේ කියවීම අනුව දෙමළ ජනතාව ඝාතනය කිරීම සහ බහුතර සිංහල ජනතාවක් ජීවත් වූ  ප්‍රදේශවලින් ඔවුන්ව කුරිරු ලෙස පලවා හැරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ 1983 කළු ජූලිය පැහැදිලි ලෙසම එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබල නායකයින්ගේ  අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වූ නින්දිත සහ අමානුෂික ව්‍යාපෘතියකි. ඒ සඳහා බොහෝ සිංහල ජනතාවගේ ද සහය ලැබුණු බව අප පිළිගත යුතුය.   ඒ මහා පීඩනයට හසුවූ දෙමළ ජනතාව බේරා ගැනීමට ඉදිරිපත් වූයේද සිංහල ජනතාවමය. එයද අප පිළිගත යුතුය. "අනේ, අපි නම් කළු ජූලියට සහාය දැක්වුවේ නැතැයි" කියා කිසිවෙකුට   ඇඟ බේරාගැනීමට නොහැකිය. මක්නිසාදයත්, කඩු පොලු , පෙට්‍රල් කෑන් සහ ගිනි පන්දම් අරගෙන නොගියාට, "ඔය දෙමළුන්ට ගහන්නමයි ඕන කියන" සිංහලයෝ කණ්ඩායමක් ද මේ රටේ   සිටි බව අපි අමතක නොකළ යුතුය.  එසේ සිංහල මිනිස්සුන්ට සිතන්නටත් හේතු තියෙන්නට ඇත. කෙසේ වෙතත් කළු ජූලියේ මහා පා...
Image
අධිකරණ ඇමතිතුමාගෙන් මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණය ගැන පාඩමක්. පසුගිය දා දියත පරිශ්‍රමයේ පැවැත්වූ බන්ධනාගාර රැදවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයට පැමිණි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර සහෝදරයා වටකරගත් මාධ්‍යවේදීන් ඔහුගෙන්   මේ වනවිට වංචා සහ දූෂණ පිළිබඳව කරනු ලබන අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ප්‍රශ්න කරන්නට පටන් ගත්හ. අවාසනාවකට මාධ්‍යවේදීන්ට ඒ මොහොතේ තමන් ආවරණය කිරීමට   පැමිණ සිටි වැඩසටහන පිළිබඳ කිසිදු අවබෝධයක් නැතිවා සේ තමන්ගේ මාධ්‍ය හරහා අලෙවි කර ගත හැකි සහ ඔවුන්ට හොට් නිවුස් එකක් කර ගත හැකි තොරතුරක් හෝ ප්‍රකාශයක් හර්ෂණ නානායක්කාර ඇමතිවරයාගෙන් ලබා ගැනීමට උත්සාහ කළහ. ඇමතිවරයාට තමන් මේ මොහොතේ පැමිණ සිටින්නේ කුමකටදැයි හොඳ අවබෝධයක් තිබුණි. දැඩි සේ සන්සුන් වූ ඇමතිවරයා, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන බවට පොරොන්දුවූ අතර මුලින්ම තමන් පැමිණි වැඩසටහන පිළිබඳව දැනුවත් කළ ආකාරය ආරංචි රාළ අතිශයින්  අගය කරයි. අතීතයේ කුමන හෝ හේතුවක් නිසා උසාවියෙන් වැරදිකරුවන් බවට පත්වී මේ වන විට බන්ධනාගාර ගත වී සිටින රැඳවියන්ට තමන්ගේ නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව ලබාදීම ඔවුන් බන්ධනාගාරයෙන් පි...
Image
දුලීකා හංස පෙරේරා වසර දාහතක් තිස්සේ මොළය හා බැදුණු ආබාධිත තත්වයෙන් සිටින පිරිමි දරුවෙකු සමග ජීවත්වන දරුවන් සතර දෙනෙකුගේ මවකි.මේ ඇයගේ කතාවයි.   මට ඕන වුනේ මගේ පොඩි පුතාවත් මගේ අනිත් දරුවෝ වගේ දකින්නයි! චන්දුල  ඉපදෙන කොට සාමාන්‍ය දරුවෙක්. ඒත් සතියක් ඇතුලත ඔහුට ඉතා තදින් උණ වැළදුන නිසා අපි ඔහුව රාගම මහා රෝහලට ඇතුලත් කළා. දින කීපයක් සාමාන්‍ය ප්‍රතිකාර කිරීමෙන් පසුවත් ඔහුගේ ශරීරයේ උණ තත්ත්වය අඩු වුණේ නෑ. දරුවා තුළ යම් අසාමාන්‍ය තත්ත්වයක් පවතින බව වෛද්‍යවරුන්ට තේරුණා. මොළේට විෂබීජයක් ඇතුල් වෙලාද කියලා සොයන්න විශේෂ පරීක්ෂණයක් කළ යුතු බව වෛද්‍යවරු පැවසුවා. එය  කොන්දට එන්නත් දෙකක් විඳලා  දරුවාගේ ශරීරයෙන් මැරබොන් ලබා ගත යුතු, දරුවාව අතිශයින්ම වේදනාවට පත්කරන විශේෂ පරීක්ෂණයක්.  මමත් චන්දුලගේ   තාත්තාත් ඒ පරීක්ෂණය කරන්න එකඟ වුණේ නැහැ.  එතකොට වෛද්‍යවරු කිව්වේ ; එම පරීක්ෂණය කරන්න අපි කැමති නැතිනම් දරුවාගේ ජීවිතය ගැන වගකීම අපි භාර ගත යුතු බවයි. අවසානයේ චන්දුලගේ තාත්තා පරීක්ෂණය කිරීමට එකඟ වෙලා රෝහලේ අදාළ ලිය කියවිලි වලට අත්සන් කෙරුවා.  ඒ වෙනකොට දරුවට විටින් විට ෆි...
Image
දහම් පාසැලේ දහම මුළු දහම් පාසල් සංකල්පයම පුළුල් පුනර් ජීවනයකට යටත් කළ යුතුව ඇත. "අට පහු වෙලා එන අය හිටගෙන ඉන්න ඕන.  නැතිනම් හැමදෙනාටම පේන්න ඉස්සරහට වෙලා ඉන්න ඕන.  නිළ ඇඳුමෙන් එන්න ඕනෑ.  කාඩ් එක අත්සන් කරන්න ඕන. මේවා හරියට කරනවද කියලා දෙමව්පියෝ බලන්න ඕන.  එහෙම නැත්තං දඩුවම් විඳින්න ඕන ".   මේ උසාවියක, පොලිසියක, සිර කඳවුරක නොව දහම් පාසැලක දණ්ඩ නීති සංග්‍රහයයි.   සමහර පවුල් වල පාසල් වියේ දරුවන් පමණක් නොව අත දරුවෝ ද සිටිති.  මේ සියලු දරුවන් උදෑසනම පුබුදුවා, මුහුණකට පිරිසිදු කරගෙන, කවා පොවා, ඇඳුම් අන්දවා, වතුර බෝතල්, කෑම, පොත්පත් සහිත බෑග්, දරුවන්ගේ කරේ පටවා අම්මලා තාත්තලා හනි හනික පල්ලියට දුවති. එසේ නොකළහොත් අපායට යෑමට සිදුවේ යැයි සිතාගෙන මෙන්ය. පල්ලියේදී ළමයි මැටි රූප බවට පත් වෙති.  සිනාසීමත් තහනම් නිසාය.  ඒ මදිවට සමහර සුවාමිලා තමන්ගේ පොතේ දැනුම පෙන්වමින් දීර්ඝ, අවවාදාත්මක දේශන පවත්වති.  ළමයින්ට දිගු වේලාවක් එකම ඉරියව්වෙන් සිටිය නොහැකි බව දහම් පාසල් ගුරුවරු දන්නේ නැත.  ඒ නිසා පල්ලිය තුළ මැටි රූප බවට පත්වෙන ළමයි එළියට එන්නේ බලි රූප ස්වර...
Image
ආබාධ සහිත පුද්ගලයන්ගේ  අයිතිවාසිකම් සුරැකීම සඳහා වන රජයේ "එක්ව අත්නොහැර”  වැඩසටහන  සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ඉදිරියටම. ජාතික ජන බලවේගයේ "එක්ව අත් නොහැර", ආබාධ සහිත පුද්ගලයන් සඳහාවූ ප්‍රතිපත්ති ප්‍රකාශය පොළොව මත පැළ කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රධාන ක්‍රියාමාර්ගයන්   ගණනාවක්ම මේ වන විට ආබාධ සහිත පුද්ගලයින්, ඔවුන්ගේ සංවිධාන සහ ඔවුන් වෙනුවෙන් කටයුතු කරන විවිධ සංවිධාන හා එක්ව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරමින් සිටියි.   මෙහි ප්‍රධාන ක්‍රියාමාර්ගයන් කීපයක් වන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වන නව පනත සකස් කිරීම සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජාතික ප්‍රතිපත්තිය/ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡා දෙකක්   පසුගිය ජුලි 07 වන දින බත්තරමුල්ල සව්සිරිපායේ   සමාජ සුභසාධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීමේ අමාත්‍යාංශයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ සාමාජික සාමාජිකාවන් සහභාගි වූ මෙම සාකච්ඡාවන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් වසන්ත ද   සිල්වා මහතා විසින් මෙහෙයවනු ලැබූ අත...
Image
කේරල මුහුදේ ගිලෙන සිංගප්පුරු නැවේ   ප්ලාස්ටික් පබළු අපේ මුහුදුවෙරලට. "අලි මදිවට හරක් " මේ වන විට ඉන්දීය කේරල මුහුදේ ගිලීගිය බහාලුම් සහිත වූ  MSC Elsa 3 නෞකාවේ අහිතකර බලපෑම් ශ්‍රී ලංකාවේ  බස්නාහිර මුහුදු තීරයේ කැපුන්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගාල්පිටිය, තලාහේන සහ පිටිපන ආදී ප්‍රදේශවලටද බලපාන්නට පටන්ගෙන ඇති බවට සලකුණු පහළ වී ඇති බව මීගමු කලපුව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අජිත් හැඩ්ලි පෙරේරා ආරංචි රාළ සමග පැවසීය. එය සකල ශ්‍රී ලංකාවේ සමුද්‍ර හා වෙරළ තීරයට ඇති කරමින් ඇති බලපෑම ගැන ප්‍රමාණවත් තක්සේරුවක් තිබේදැයි අවබෝධයක් තවම කිසිවෙකුට නැත. X press Pearl නෞකාවේ හානිකර බලපෑම්වලින් තවමත් මිදී නැති මොහොතක "අලි මදිවට හරක් " යැයි කියැවෙන අකරතැබ්බයකට යළි මුහුණ දෙන්නට සිදු ව ඇත. ධීවර අමාත්‍යාංශය, මීපා, වෙරළාරක්ෂක අධිකාරිය ඇතුළු ආයතන දැන් ඉතිං මේ ගැන අප්‍රමාදව ක්‍රියාත්මක විය යුතුය. මීපා ආයතනය මේ වන විටත් වෙරළට ගොඩ ගසන ප්ලාස්ටික් පබුලු ඇට එකතු කිරීමට   කාන්තාවන් බඳවා ගන්නා බව සැලයි. මේ කටයුත්තේදිත් පුංචි පුංචි ජිල්මාල් සිදුවෙන බව වටින් ගොඩින් ආරංචි රාළට ආරංචි වෙයි. නිතර නිතර ගිනි ගන...
Image
ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සදහා වන කාර්යාලය ජාතික සමගිය වෙනුවෙන් සංවිධානය කරන, " සාම බයිසිකල් සවාරියට ආරංචි රාළගේ සුබ පැතුම්! 
Image
ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට රත්තරන් අවස්ථාවක් ! ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට රත්තරන් අවස්ථාවක් ( A Golden Opportunity for National Unity and Reconciliation   ) ජාතික ජන බලවේගය ආණ්ඩුවට ලැබී ඇත. 2024 සැප්තැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර සහ කදුකර ජනතාව "එක රටක් තුළ එක් නායකත්වයක් සමග ශ්‍රී ලාංකික ජනතාවක් " ලෙස ජීවත්වීමට   තමන්ගේ ඇති කැමැත්ත කිසියම් ආකාරයකට ප්‍රකාශ කළ අතර 2024 නොවැම්බර් මාසයේ මහා මැතිවරණයේදී   එය නියතවශයෙන්   තහවුරු කළේ පාරම්පරික වර්ගවාදී ඊනියා ප්‍රභූ දෙමළ සහ මුස්ලිම් දේශපාලන නායකත්වය ප්‍රතික්ෂේප කර ජාතික ජන බලවේගයෙන්   තමන්ගේ   නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමෙනි. අවාසනාවකට ජාතික ජන බලවේගයේ නායකත්වයට මේ ජනතාවගේ ඇති කැමැත්ත සහ ආශාව නිසි ලෙස තක්සේරු කර ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස මැයි මාසයේ පැවති පාලාත් පාලන මැතිවරණයේදී ජනතාව තමන්ට ලබා දුන් වරය ගම් මට්ටමින් තහවුරු කර ගැනීමට නොහැකි විය. කෙසේ වුවද  සමස්ථ  ශ්‍රී  ලංකා ද්වීපයම ආවරණය වන පරිදි සෑම ජන කොටසක්...