අධිකරණ ඇමතිතුමාගෙන් මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණය ගැන පාඩමක්.
පසුගිය දා දියත පරිශ්‍රමයේ පැවැත්වූ බන්ධනාගාර රැදවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයට පැමිණි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නානායක්කාර සහෝදරයා වටකරගත් මාධ්‍යවේදීන් ඔහුගෙන් මේ වනවිට වංචා සහ දූෂණ පිළිබඳව කරනු ලබන අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.
අවාසනාවකට මාධ්‍යවේදීන්ට ඒ මොහොතේ තමන් ආවරණය කිරීමට පැමිණ සිටි වැඩසටහන පිළිබඳ කිසිදු අවබෝධයක් නැතිවා සේ තමන්ගේ මාධ්‍ය හරහා අලෙවි කර ගත හැකි සහ ඔවුන්ට හොට් නිවුස් එකක් කර ගත හැකි තොරතුරක් හෝ ප්‍රකාශයක් හර්ෂණ නානායක්කාර ඇමතිවරයාගෙන් ලබා ගැනීමට උත්සාහ කළහ.
ඇමතිවරයාට තමන් මේ මොහොතේ පැමිණ සිටින්නේ කුමකටදැයි හොඳ අවබෝධයක් තිබුණි. දැඩි සේ සන්සුන් වූ ඇමතිවරයා, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන බවට පොරොන්දුවූ අතර මුලින්ම තමන් පැමිණි වැඩසටහන පිළිබඳව දැනුවත් කළ ආකාරය ආරංචි රාළ අතිශයින් අගය කරයි.
අතීතයේ කුමන හෝ හේතුවක් නිසා උසාවියෙන් වැරදිකරුවන් බවට පත්වී මේ වන විට බන්ධනාගාර ගත වී සිටින රැඳවියන්ට තමන්ගේ නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව ලබාදීම ඔවුන් බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන යම් දිනකදී පහසුවෙන් සමාජයට අන්තර්ග්‍රහණය වීමට ලබාදෙන සුවිශේෂී අවස්ථාවකි.
එවැනි වැඩසටහනක ඇති වටිනාකම සහ වැදගත්කම හර්ෂණ ඇමතිවරයා මාධ්‍යවේදීන්ට පැහැදිලි කර දුන් අතර ඒ සදහා තමන්ගේ මාධ්‍යය ඔස්සේ නිසි මාධ්‍යය ආවරණය ලබා දීම යුතුකමක් බවද මතක් කර දුන්නේය.
එසේම කට ගැස්මට අවශ්‍ය නම් කරවල කෑල්ලක් ලබාදීමටද ඇමතිවරයා සූදානම් බව ප්‍රකාශ කිරීමටද අමතක නොකළේය.
අපේ බොහෝ මාධ්‍යවේදින්ට විවිධ වැඩසටහන් සඳහා ආරාධනා කළත්, එම වැඩසටහනේ ඇති වැදගත්කම සහ එය ජනතාවට සන්නිවේදනය කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ නැත. මේ මොහොතේ හර්ෂණ නානායක්කාර ඇමතිවරයා මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණය පිළිබඳව සොඳුරු පාඩමක් කියා දුන් බව ආරංචි රාළගේ විස්වාසයයි.
ආරංචි රාළ 2025.07.17. 125 වන දිගහැරුම
ඉතා හොඳින් ලියා ඇත ආරංචි රාළ
ReplyDelete