දේශබන්දුගෙන් පටන් ගෙන, සිරගත කළ යුතුම පාදඩ දේශපාලන සංස්කෘතිය! ආරංචි රාළ පුද්ගලයන් ඉලක්ක කරගෙන විවේචනය කරන්නෙ හෝ චෝදනා එල්ල කරන්නෙ නැත. එහෙත් මේ දේශබන්දු තෙන්නකෝන් ගැන නම් යමක් නොකියාම බැරිය. ආරංචි රාළ ලියන මේ සටහන සැබවින්ම ඔහු පමණක් නොව ඔහු සෘජුවම නියෝජනය කරමින් පෙනී සිටින පාදඩ සහ ජඩ දේශපාලන කණ්ඩායම් විසින් මේ රටතුල නිර්මාණය කළ අශිලාචාර දේශපාලන සංස්කෘතිය පිළිබදවය. 2022 පැවති අරගලයේ එක්තරා තීරණාත්මක දිනයකදී රාජපක්ෂලාගේ බිද වැටෙමින් තිබූ දේශපාලන අධිරාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ අවසාන පියවරක් ලෙස අරගලයට රාජපක්ෂලාගේ මැරවරයින් ලවා පහරදීම පිටුපස දේශබන්දු තෙන්නකෝන් සිටි බව කිසිවෙකුට රහසක් නොවේ. ඔහු සිටියේ පොලු අතැතිව අරගලකරුවන්ට පහරදුන් මැරයින් සමගය. ඒ පිළිබඳව ඇසින් දුටු සාක්ෂි තිබුණත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පලා ගිය ගෝඨභය රාජපක්ෂ වෙනුවට අනුපාත්‍රික ජනාධිපතිවූ රනිල් වික්‍රමසිංහ කිසිම උත්සාහයක් දැරුවේ නැත. එ පමණක් නොව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකට ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරුවකු කරන ලදුව තිබියදීත් දේශබන්දුව මේ රටේ...
Comments
Post a Comment