ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වන රජයේ "එක්ව අත්නොහැර” වැඩසටහන සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් ඉදිරියටම.
ජාතික ජන බලවේගයේ "එක්ව අත් නොහැර", ආබාධ සහිත පුද්ගලයන් සඳහාවූ ප්‍රතිපත්ති ප්‍රකාශය පොළොව මත පැළ කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රධාන ක්‍රියාමාර්ගයන් ගණනාවක්ම මේ වන විට ආබාධ සහිත පුද්ගලයින්, ඔවුන්ගේ සංවිධාන සහ ඔවුන් වෙනුවෙන් කටයුතු කරන විවිධ සංවිධාන හා එක්ව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික සභාව විසින් ක්‍රියාත්මක කරමින් සිටියි.
මෙහි ප්‍රධාන ක්‍රියාමාර්ගයන් කීපයක් වන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වන නව පනත සකස් කිරීම සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජාතික ප්‍රතිපත්තිය/ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡා දෙකක් පසුගිය ජුලි 07 වන දින බත්තරමුල්ල සව්සිරිපායේ සමාජ සුභසාධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීමේ අමාත්‍යාංශයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
ආබාධිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ සාමාජික සාමාජිකාවන් සහභාගි වූ මෙම සාකච්ඡාවන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් වසන්ත ද සිල්වා මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර පනතේ මූලික කෙටුම්පත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වනවිට අබාධ සහිත පුද්ගලයින් සදහා බලපැවැත්වෙන 1996 අංක 28 අබාධ සහිත පුද්ගලයින් ආරක්ෂා කිරීමේ පනතට සංශෝධන ඉදිරිපත් අබාධ සහිත පුද්ගලයින් සහ විවිධ පාර්ශවලින් යෝජනා ඉදිරිපත්වූ අතර ඉදිරියේදී සම්මත කරගනු ලබන පනතට 2006 ආබාධ සහිත පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇතුලත් අයිතිවාසිකම් ඇතුලත් කරනු ඇත.
ජාතික ප්‍රතිපත්තිය/ ක්‍රියාකාරකම් සැලැස්ම සැකසීම සඳහා විශේෂ තාක්ෂණික උපදෙස් කමිටුව ඇතුළු කමිටු දෙකක් පත්කර ඇති අතර එය ඉදිරියට ගෙනයාම සදහා සැකසූ විශේෂ කාර්ය නිර්දේශ පත (Term Of Reference ) TOR පිළිබඳව එකඟතාවයකට පැමිණ ඇති අතර නිෂ්චිත සැලැස්මකට අනුව ජාතික ප්‍රතිපත්තිය/ ක්‍රියාකාරකම් සැලැස්ම සැකසීම ඉතා කඩිනමින් ආරම්භ කරන බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් වසන්ත ද සිල්වා ආරංචි රාළ සමග පැවසීය.
තහවුරු නොකළ දත්ත වලට අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 24 ක් දක්වා වැඩි වී ඇති අතර එය 14% වැනි ඉහළ ප්‍රතිශතයක් බවට පත්වීම සැමගේ අවධානයට යොමු විය යුතු තත්ත්වයකි. මෙහිදී විශේෂයෙන්ම අබාධ සහිත පුද්ගලයින් මෙන්ම ඔවුන්ගේ පවුල්ව සාමාජික සාමාජිකාවන් ඇතුළු ඔවුන් වෙනුවෙන් සහ ඔවුන් සමග වැඩ කරන සියලුම පාර්වෂවයන්ගේ සහභාගිත්වය මෙම ක්‍රියාවලිය සදහා ලබා ගැනීම ආරංචි රාළ අගය කරයි.
එසේම රජයේ "එක්ව අත් නොහැර" ප්‍රතිපත්තියේ සහ වැඩපිළිවෙලේ සුවිශේෂත්වය වන්නේ මේ සඳහා සෑම වර්ගීකරණයකටම අයත් වන ආබාධ සහිත පුද්ගලයන්ගේ පූර්ණ සහභාගිත්වය තිබීමයි.
මේ වෙනුවෙන් රජයේ ඇති කැපවීම නියත වශයෙන්ම අනාගතයේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ ජීවිත වලට මහත් වූ අභිමානයක් ළඟා කර දෙන බව ආරංචි රාළගේ විස්වාසය යි.
ආරංචි රාළ 2025.07.09. 123 වන දිගහැරුම





Comments
Post a Comment