සොබාදහමේ වීරවරියකට සමුදෙමු: ආචාර්ය ජේන් ගුඩෝල්

ලෝක ප්‍රකට සත්ත්ව විද්‍යාඥවරියක් වන ආචාර්ය ජේන් ගුඩෝල් මහත්මිය පිළිබද බොහෝ ලිපි, ඡායාරුප සහ වීඩියෝ පට අදදින සිට දකින්නට ලැබෙනු ඇත. ඒ ඇය මිය යාම නිසාය. ආරංචි රාළ ඇයගේ නික්මයාම පිලිබදව බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි..

ඇය වයස අවුරුදු 91 ක් ආයු වලඳා ඊයේ (01) අභාවප්‍රාප්ත වූ අතර, ඇයගේ ජීවිතය අප සැමට අසමසම ආදර්ශයකි.

 


  

ඇය අපට බොහෝ දේ කියා දුන්නාය.:

ජේන් ගුඩෝල් මහත්මිය වසර 60කට වැඩි කාලයක් ටැන්සානියාවේ ගොම්බේ වනාන්තරයේ ජීවත් වෙමින් චිම්පන්සීන් අධ්‍යයනය කළාය. ඇයගේ සොයාගැනීම් විද්‍යාව වෙනස් කළ බව කිව යුතුය.

මෙවලම් භාවිතා කළා: චිම්පන්සීන් ආහාර ලබාගැනීමට මෙවලම් සෑදීමටත්, ඒවා භාවිතා කිරීමටත් හැකි බව ඇය සොයා ගත්තා. එය මිනිසාට පමණක් ඇති හැකියාවක් ලෙස එකල විශ්වාස කර තිබුණා.

ඔවුන්ට හැඟීම් තිබුණා: ඇය චිම්පන්සීන්ට නම් තබා, ඔවුන්ට සතුට, දුක, ආදරය සහ බිය වැනි සංකීර්ණ හැඟීම් ඇති බව ලෝකයට පෙන්වා දුන්නා.

විද්‍යාවේ දොරටු විවෘත කළා: ඇය කාන්තාවන්ට විද්‍යා ක්ෂේත්‍රයට එන්නට දිරිය දුන් පුරෝගාමි චරිතයක්.

ඇය අපට දෙන පණිවිඩය:

සිය ජීවිතයේ අවසාන දශක කිහිපය පුරාම ඇය ලොව පුරා සංචාරය කළේ, පරිසරය සහ සතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කතා කිරීමටයි.

ඇය නිතරම කියා සිටියේ:

"අප සෑම කෙනෙකුටම දිනපතාම වෙනසක් කළ හැකියි. අප කරන්නේ කුමන ආකාරයේ වෙනසක්ද යන්න තීරණය කිරීම අප සතුයි."

ඇගේ අතිවිශාල සේවාව වෙනුවෙන්, ඇය එක්සත් ජාතීන්ගේ සාම දූතවරියක් ලෙස ද කටයුතු කළා.

ආචාර්ය ජේන් ගුඩෝල් මහත්මිය අද අප අතර නැතත්, ඇය අපට දායාද කළ පරිසරයට ආදරය කිරීමේ සහ එය ආරක්ෂා කිරීමේ දැක්ම සදහටම පවතිනු ඇත.

ඇගේ උරුමයට ගෞරවයක් ලෙස, අප සෑම කෙනෙකුම අදම සොබාදහම සුරැකීමට කුඩා හෝ යමක් කරමුයි ආරංචි රාළ පාඨකයින්ගේ ඉල්ලා සිටියි.

ආරංචි රාළ : 2025.10.02 - 145 වන දිගහැරුම

තොරතුරු සහ ඡායාරුප අන්තර්ජාලයෙනි.

 


Comments

Popular posts from this blog