ස්වභාවදහම කැන්වසය මත සිතුවම් කර ඇය.

 

ආරංචි රාළ; 2025.10.24 

" තෙලිතුඩින් හැඩගන්වන චිත්‍රයක් වේ නම්, එය ලෝකේ ඇති එවැනි එකම චිත්‍රය වේ. මක්නිසාදයත් එම සමානාත්මතාවයට තවත්  නිර්මාණයක් බිහි නොවනු ඇත. එබැවින්, අතින් අඳින චිත්‍රවලට ලෝකයේ ඇත්තේ අසීමිත වූ ආදරයක් සහ කැමැත්තකි".

චිත්‍ර ඇඳීම ඇයගේ විනෝදාංශය යයි. ඇයගේ අතට පැන්සලක් පෑනක් අසුවන ඕනෑම මොහොතක කොළයක් මත හුදු කුරුටු ගෑමක් වුවද සුන්දර සිතුවමක් වීමේ වාසනාව ඇය සතුවිය.

පරිසරයේදී ඇයගේ නෙත ගැටෙන ඕනෑම දසුනක් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇයට ජන්මයෙන්ම උරුම වූ දායාදයකි.

පොතපත කියවීමෙන්, චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමෙන් සහ දිගින් දිගට තනිවම  චිත්‍ර ඇඳීමෙන් ඇය තම හැකියාව  සහ නිපුණතාවය වෘත්තීය මට්ටමට ගොඩනගා ගත්තාය.

මීගමුව තලාහේන Crab Cove Restaurant හී එක කොටසක ඇයගේ  සිතුවම් ප්‍රදර්ශනය සඳහා තබා ඇති ආහාර සඳහා එම ස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන්ට මෙම චිත්‍ර නරඹා සුන්දර වින්දනයක්  ලබා ගැනීමට සහ මිලදී ගැනීමට අවස්ථාව ඇත.

 

" තෙලිතුඩින් හැඩගන්වන චිත්‍රයක් වේ නම්, එය ලෝකේ ඇති එවැනි එකම චිත්‍රය වේ. මක්නිසාදයත් එම සමානාත්මතාවයට තවත්  නිර්මාණයක් බිහි නොවනු ඇත. එබැවින්, අතින් අඳින චිත්‍රවලට ලෝකයේ ඇත්තේ අසීමිත වූ ආදරයක් සහ කැමැත්තකි".

තම දෑතින් නිර්මාණය වන චිත්‍රයක් තවත් කෙනෙක් විසින් රස විඳිනවා දැකීම තරම් වෙන සතුටක් ඇයට නැත.


තමාගේ චිත්‍ර අගය කරන එසේම ඒවා ඔවුන් සතු කරගත් පුද්ගලයින් කෙරෙහි ඇයට ඇත්තේ අසීමිත ගෞරවයකි.

තම සිත තුළ මැවෙනා චිත්ත රූපයක්, කැන්වසයක් මත තැවරීමට ලොකු ඉවසීමක් සහ හික්මීමක් අවශ්‍ය බව ඇය කියයි.

ඇයගේ නිර්මාණ තවත් බොහෝ දෙනෙකුට රස විඳින්නටත් ඒවා ඔවුන් සතු කර ගැනීමටත් අවස්ථාව උදා වෙන්නත්, තව තවත් ස්වභාවධර්මය කැන්වසය මත ජීවමාන කරවීමට ඇයට ශක්තිය ලැබේවායි න් අපි පතමු.

+940715347403 අමතා ඔබට ඇයව දුරකතන සහ වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ කර ගත හැක.

 

ආරංචි රාළ; 2025.10.24 151 වන දිගහැරුම

 

 


 

Comments

Popular posts from this blog