බුද්ධිමය ඌනතාවයන් ඇති දරු දැරියන් බාල දක්ෂ ක්‍රියාකාරකම්වලට යොමු කිරීමෙන් අන්තර්කරණය වේගවත් කළ හැක.
ඔවුන් සියලු දෙනාම කිසියම් නිල ඇඳුමක් ඇඳගෙන සිටින බව ඔබට දැකගත හැක. ඔවුන් ඇඳගෙන සිටින්නේ බාල දක්ෂ නිල ඇඳුමකි.
නියත වශයෙන්ම දැන් ඔබට ප්‍රශ්නයක් පැන නැගෙනු ඇත. එනම්; "බුද්ධිමය ඌනතා ඇති පුද්ගලයෙකුට" පිරිමි හෝ කාන්තා බාල දක්ෂයෙක් විය හැකිද?"
නොර්වේ රාජ්‍යයේ බුද්ධිමය හෝ ශාරිරික ආබාධ සහිත දරු දැරියන්, තරුණ තරුණියන් සදහා පමණක් නොව වැඩිහිටියන් වෙනුවෙන්ද ඉතාමත් සාර්ථක ලෙස බාල දක්ෂ ව්‍යාපාරය උපයෝගී කරගෙන සිටින්නීය.
අවස්ථා කිහිපයකදී ආරංචි රාළට එම සුවිශේෂී බාල දක්ෂ කණ්ඩායම් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව උදාවී ඇති අතර නෝර්වේ රාජ්‍යයේදී මෙන්ම ශ්‍රී ලංකාවේදී ඔවුන්ව මුණ ගැසීමට සහ ඔවුන් සමඟ විවිධ වැඩසටහන් වලට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත.
බාල දක්ෂ ව්‍යාපාරය යනු විවිධ ක්‍රියාකාරකම් වලින් සමන්විත දරු දැරියන් පමණක් නොව තරුණ තරුණියන්ද නිර්මාණශීලී ක්‍රියාකාරකම්වල නිරත කරවන ව්‍යාපාරයකි. ඊට සෘජුවම පරිසරය හා සම්බන්ධ ක්‍රියාකාරකම් තිබීම විශේෂයකි.
මේ වන විට ශ්‍රී ලංකාවේ තරුණ සංවිධාන කීපයක්ම බුද්ධිමය ඌනතාවයන් ඇති දරු දැරියන් බාල දක්ෂ ක්‍රියාකාරකම් සඳහා යොමු කරමින් සිටිනවා දැකිය හැක.
මේ වනවිට සංවිධාන කීපයක්ම බුද්ධිමය ඌණතාවයන් සහිත දරුවන් සඳහා බාලදක්ෂ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති අතර ඒ සඳහා දරුවන්ගේ විශේෂ උනන්දුවක් දැක් ගත හැක.
බාලදක්ෂ ව්‍යාපාරයේ ඇති බොහෝ ක්‍රියාකාරකම් බුද්ධිමය ඌනතා ඇති සහ එවැනි ඌනතා නොමැති පුද්ගලයින්ට එක්ව කළ හැකිය. එහිදී විවිධ ක්‍රීඩා, සංස්කෘතික සහ පාරිසරික ක්‍රියාකාරකම් පෙරමුණ ගනී. බුද්ධිමය ඌනතාවයන් තිබුනද අනිකුත් දරු දැරියන් සහ තරුණ තරුණියන් සමඟ එක්ව යම් ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් මෙවැනි කණ්ඩායම් සමාජයට අන්තර්කරණය කිරීමට ඇති හැකියාව ගැන ආරංචි රාළ ඉතා තදින් විශ්වාස කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාල දක්ෂයා ලෙස සැලකෙන්නේ ජනාධිපතිවරයාය. ජාතික ජන බලවේගයේ "එක්ව අත්නොහැර" ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රතිපත්තියේ මූලික අරමුණක් වන්නේද ආබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණය කිරීම යි.
ඔවුන් සඳහා ආණ්ඩුව මේ වන විට අති විශාල වැඩ කොටසක් දියත් කරමින් සිටින අතර ඒ සියල්ල ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින බවද කිව යුතුය.
කෙසේ වෙතත් අන්තර්කකරණය ගැන විශේෂ උනන්දුවක් දක්වන බැවින් මේ වන විට ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති බුද්ධිමය ඌනතාවයන් ඇති දරු දැරියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බාල දක්ෂ ව්‍යාපාරය යොමු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ආරංචි රාළ අවධාරණය කර සිටි.
ආරංචි රාළ; 2025.10.08. 147 වන දිගහැරුම







Comments
Post a Comment