කැබිනට් සංශෝධනයට සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීම සහ මාරු කිරීම ගැන ආරංචි රාළ සතුටින්....!

වසරකට පසු වෙනස්කම් කීපයක් සිදුව ඇත. ඇත්තටම එය හොදය.

නිතර නිතර නොවුනත් ඉඳ හිට හෝ වෙනස්කම් සිදුවීම රට නිවැරදි මාවතට යොමු කර වයි.

විශේෂයෙන් ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ට  ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ලබාදීම අගය කළ යුතුයි. එහිදී ඇයට, ඇමතිවරයාගේ පසුපසින් යන ගමන කට වඩා ජන මාධ්‍ය අමාත්‍යාංශයේ නායකත්වය ගෙන ඉදිරියට යන වගකීමක් තිබිය යුතු බවයි ආරංචි රාළ ගේ අදහස. මක්නිසාදයත්,  ජාතික ජන බලවේගය ආණ්ඩුව බොහෝ දේවල් කරමින් සිටි ඒ මීට පෙර කිසිම ආණ්ඩුව ක් නොකළ රට සැබෑ  ගෞරවාන්විත දිශානතියක් කරා රැගෙන යන වැඩ පිළිවෙලක් ය. එසේනම්  එම වැඩ පිළිවෙල ඉතාමත් ගෞරවාන්විත විදියට ජනතාව ට දැන ගැනීමට සැලැස්වීම මෙන්ම, කියා ගන්නට දෙයක් නැතිව වල්මත් වී සිටින විපක්ෂය සහ ජාතික ජන බලවේගයේ විරුද්ධවාදීන් නින්දිත ලෙස ආණ්ඩුවට කරනු ලබන මඩ ප්‍රචාර වලට උත්තර දීම  කළ යුතුය.

ඊටත් වඩා මේ රට තුළ ජනමාධ්‍ය ව්‍යාපාරයකින් (Media Business)ඔබ්බට දිවෙන ගෞරවාන්විත ජන මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය විය යුතුය. ඇයට ඒ සඳහා නායකත්වය දීමට අවශ්‍ය දැනුම්, අත්දැකීම් මෙන්ම පැහැදිලි දැක්මක් සහ කැපවීමක් ඇත.

එසේම, එරංග ගුණසේකර තරුණ කටයුතු වලිනූ ඉවත් කර වෙනත් කෙනෙකුට ලබාදීම ඉතා සුදුසුය. තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත්කර ඇති මන්ත්‍රීවරයා  ගැන ආරංචි රාළට අවබෝධයක් නැත.  එහෙත්, ඔහු එම තනතුරට සුදුසු ඇතැයි මම සිතමි. පසුගිය කාලය පුරාවටම තරුණ කටයුතු පිළිබඳව ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්‍රියාකාරකම්වලට දැඩි විවේචනයක් තිබුණි.

ඒ බොහෝ විවේචනවලට ආරංචි රාළ එකඟවිය. මක්නිසාදයත්, ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තරුණ කටයුතු ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කටයුතු නොවිය යුතුය. රටක තරුණ කටයුතු  අතිශයින්ම ස්වාධීනව හැසිරිය යුතු ක්ෂේත්‍රයකි.

එරංග අති දක්ෂයෙකි. ඒත් ඔහුට, ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කටයුතුවලින් මිදී මේ රටේ සමස්ත ජනතාවට පිළිගත හැකි තරුණ කටයුතු නිර්මාණය කිරීමට හෝ පවත්වාගෙන යාමට ඇති අවස්ථාව ඉතා අඩුයි.

තරුණ කටයුතු පටු දේශපාලන මතවාද සහ ක්‍රියාකාරකම් වලින් සම්පූර්ණයෙන්ම බැහැරවී විශ්වීය සංකල්ප පදනම් කරගෙන නිර්මාණය විය යුතුවා සේම, අන්තර්කරණ සංකල්පය මත පවත්වාගෙන යා යුතුයි.

තරුණ කටයුතු සමාජ ක්‍රියාදාමයක් සේම, විටක කලාවක් සහ විද්‍යාවක්ද වන්නේය. නව තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා මේ ගැන අවදියෙන් සිටිය යුතු මය..

වසරකට පසු වෙනස්කම් කීපයක් සිදුව ඇත. ඇත්තටම එය හොදය. නිතර නිතර නොවුනත් ඉඳ හිට හෝ වෙනස්කම් සිදුවීම රට නිවැරදි මාවතට යොමු කර වයි.

අලුත් වගකීම් ලද සැමට තමන්ගේ කාර්යභාරය හොඳින් සිදුකිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා.

ආරංචි රාළ; 2025.10.11. 148 වන දිගහැරුම

 

 

 

Comments

Popular posts from this blog