Posts

Image
බරබ්බස් කවුද ? (අබ්බාස්ගේ පුත්‍රයා) බරබ්බස් ගැන සඳහන් වන්නේ අළුත් ගිවිසුමේ පමණය. ඔහු පිළිබඳව වෙනත් ඓතිහාසික සටහනක් හමු නොවේ. එහෙත් රෝම අධිරාජ්‍යයට විරුද්ධව කැරළි ගැසූ මෙවැනි චරිත ජීවත්ව සිට ඇත. ඒ නිසා එවැනි අය වටා විවිධ ජනප්‍රවාද නිර්මාණය වීම ස්වභාවිකය. විප්ලවයේ සහ යුක්තියේ සංකීර්ණත්වයේ සංකේතයක් ලෙස බරබ්බස් සමාජය තුළ හඳුනාගත හැකිය. ඔහු ප්‍රචණ්ඩ ප්‍රතිරෝධය සහ සාමකාමී නායකත්වය අතර වෙනස නියෝජනය කරයි. ඇතැමුන් ඔහු පීඩනයට එරෙහි වන නිදහස් සටන්කාමියෙකු ලෙස දකින අතර තවත් සමහරු ඔහු සලකන්නේ අහිංසක මිනිසෙකුගේ වියදමින් නිදහස් වූ අපරාධකරුවෙකු ලෙසය. ඔහුගේ කතාව, පැවිති තත්වයන් විසින් බලපෑමට ලක් වූ මහජන මතය යුක්තිය සහ නායකත්වය හැඩගස්වා ගත හැකි ආකාරය පිළිබඳ මතක් කිරීමක් ලෙස සැලකිය හැකියි. අළුත් ගිවිසුමේ සුවිශේෂක වරුන් සතර දෙනා බරබ්බස් හොරෙක්, මිනිමරුවෙක්, කැරළිකරුවෙක් ලෙස හඳුන්වති. රජයකට එරෙහිව නැගී සිටින්නන් මිනිමරුවන්, කූඩුකාරයන්, ගණිකාවන් ලෙස හංවඩු ගැසීම අදත් සිදුවෙයි.  පිලාත් වෙත අනුකම්පාව දැක්වීම පිනිස, ඔහු ජේසු තූමාව නිදහස් කිරීමට උත්සාහයක් ගත්බව පෙන්වීමට, බරබ්බස් චරිතය ඉදිරිපත් කළා වෙන්නට...
Image
දිශාව නිවැරැදි නම් වේගය හා බොත්තම් අදාළ නොවේ. රෝමය පැය විසිහතරෙන් නොසෑදූ අතර රට ගැන  කිඹුල් කඳුළු හෙලන්නන් හට ඇත්තටම හැඬීමට කාලය නුදුරින් ඇති බව අපි විශ්වාස කරමු. ආදරණීය සොයුරනි, ඔබේ මානුෂික නිදොස් හදවත, අව්‍යාජ බව මිස ඇඳුමෙහි බොත්තම  හෝ සුටුස් ගා ඉංග්‍රීසි කතා නොකිරීම අපට නම් ප්‍රශ්න නොවේ. කෝට් සූට් ඇඳ රට පාලනය කරනවා යයි කියමින් සාමාන්‍ය මිනිසාගේ අමුඩය පවා උකස්  කල මහත් හොරුන් ගැන මට බොහෝ දේ කීමට නැත.   සුදෝ සුදු ආරිය ඇඳුම , සාටක හා උජාරුවට ටයි කෝට් බස්සා ගෙන  පත සයිස් සරීර කූඩු සහිත පල් හොරු මේ රට සුද්දා ගෙන් භාර ගත්හ. උන්ට සුද්දා රට නිකම්ම දුන්නා යැයි මම නොසිතමි. සියළු සම්පත් සූරා කා ඉතිරි වූ යම් සම්පතක් වේ නම් එයත් සූරා කෑමටම ලක් වනු පිණිස බ්‍රිතාන්‍යය ලංකාව භාරදී ගියේ උන්ගේ හොඳම වහලුන්ටය.  උන් අමුතු පැලැන්තියක් බිහි කළෝය. එදා සිට රටේ පාලක පැලැන්තියට සිය බලය සදාකාලිකව පවත්වා ගැනීම හැර මේ රට සෞභාග්‍යය සමෘද්ධිය ගෙන ඒම උන්ගේ  සැබෑ උවමනාවක් නොවූ බවට අද මගේ රටේ ඇති හිඟන බව සාක්ෂි දරයි.          කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යා...
Image
රාජ්‍ය නොවන ආයතන ( NGOs) වලට ලැබෙන අරමුදල් සාධාරණ නියාමනයකට ලක්කල යුතුය ! රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීත්වය ශත වර්ෂ ගණනාවක් අතීතයට යන කතාවකි.  ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් තමන්ගේ විදේශ කටයුතු අමාත්‍යංශයට සම්බන්ධව මෙම සංවර්ධන නියෝජිත ආයතන පවත්වාගෙන යති. එවාට අවශ්‍ය   අරමුදල් සම්පාදනය කරන්නේ එම රටවල රාජ්‍යයන් විසිනි. ඇමරිකාව කැනඩාව යුරෝපා සංගමයට අයත් රටවල්,   නොර්වේ, බ්‍රිතාන්‍ය ,ජපානය කොරියාව මෙන්ම මැදපෙරදිග බොහෝ රටවල් පමණක් නොව ඉන්දියාව පවා මේ ආකාරයට විවිධ රටවල ක්‍රියාත්මක වන තමන්ගේ සංවර්ධන නියෝජිත ආයතන වලට අරමුදල් සම්පාදනය කිරීමේදී   අති විශාල මුදල් ප්‍රමාණයක් තමන්ගේ වාර්ෂික අයවැයෙන් වෙන් කරති. එපමණක් නොව ලෝකයේ විවිධ   ආගමික සභාවන්ද මෙවැනි ආකාරයේ සංවර්ධන නියෝජිත සංවිධාන පවත්වාගෙන යති. එම රටවල් හෝ ආගමික  සභාවන් ලෝකයේ ක්‍රියාත්මක වන විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් සම්පාදනය කිරීමේදී ඒ සියල්ල සඳහා යොදාගන්නා ප්‍රධාන නිර්ණායකයක් වන්නේ ලෝකය පිළිබඳව ඔවුන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තීන් වේ. තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්ති  වලට හෝ ආගමික ප්‍රතිපත්ති වලට පරි...
Image
“සීසර්ගේ දේ   සීසර්ටත් දෙවියන්ගේ දේ   දෙවියන්ටත් දෙන්න.” ජේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු ගෙන්  දේව ධාර්මික විග්‍රහයක්! ජේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු   මේ පාඨය දැන්  නිතර නිතර අපට ඇසෙනවා. මෙය ශුද්ධවූ බයිබලයේ ඇති ඉතා ජනප්‍රිය පාඨයක් ලෙස සැලකිය හැක. මෙම පාඨයට  පාදකවන ඓතිහාසික පසුබිම සහ එහි  දෙවධාර්මික අදහස මතුකර ගැනීමට ආරංචි රාළ කැලණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය ක්‍රිස්තියානි සංස්කෘතික අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු සමග කෙටි සංවාදයක නිරත වෙනවා. මේ  කථිකාචාර්ය විජිත් රොහාන් මේ ගැන දක්වන අදහසයි . සීසර්ගේ දේ  සීසර්ටත් දෙවියන්ගේ දේ  දෙවියන්ටත් දෙන්න, යන අදහස මතුවන්නේ   ජුදා ජනතාව  රෝම අධිරාජයාට බදු දීම පිළිබඳව ජේසුස් වහන්සේගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකටඋන්වහන්සේ දුන් පිළිතුර සමගය. ශුද්ධවූ බයිබලයේ මාර්ක් (12; 13 - 17), මතෙව්(22:15 - 22) සහ ලූක් (20;19 -20) යන  සුභාරංචි තුනකම මේ අවස්ථාව අපට හමුවෙනවා. මේ ජේසුව කිසියම් උගුලකට හසු කිරීමට දරන උත්සාහයක්.  ඒ කාලයේ ජේසු  ජීවත්වූ එ...
Image
"අරගලය සිදුවූ කාලයේදී විනාශවූ මැති ඇමතිවරුන්ගේ නිවාස සහ දේපලවලට සිදූවූ හානිය වෙනුවෙන් කෝටි 122 ක් මුදලක් වන්දි ලබා දීම ගැන ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගෙන් ප්‍රශ්න තුනක්!   සමාජ සහ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී සිටින ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා තමාගේ මුහුණු පොතේ මෙවැනි අදහසක් පළකර තිබුණි. " අරගලය සිදුවූ කාලයේදී විනාශවූ මැති ඇමතිවරුන්ගේ නිවාස සහ දේපලවලට සිදූවූ හානිය වෙනුවෙන් (කෝටි 122 ක්) මුදලක් වන්දි ලෙස  ඔවුන්ට ලබාදී ඇති බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී හෙලි කළහ. එය කන වැටුනු මට ප්‍රශ්ණ කීපයක් මතුවුනි. එවන් වන්දියක් දීමට තීන්දු කලේ කව්ද?  වන්දි දීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද? සහ  සිදුවූ විනාශය තක්සේරු කලේ කව්ද?" එතුමා මෙන්ම ආරංචි රාළ ද මේ  ප්‍රශ්න  එලෙසම අසයි. කිසියම් අනතුරක් හෝ කොළහාලයක් නිසා දේපළකට හෝ මිනිස් ජීවිතයකට සිදුවෙන හානි වෙනුවෙන් වන්දි ගෙවීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුය. සෞඛ්‍ය ඇමතිවරයා පවසන ආකාරයටම නියඟය සහ ගංවතුර නිසා සිදුවෙන වගා හානි වලට වන්දි ගෙවීම, ආපදාවන් නිසා ඇතිවන දේප...
Image
විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙ යමක් කියන විට මාලිමා මැති ඇමතිවරු කෑකෝ ගසමින් බාධා කිරීමෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි වන්නේ නැ ත. -  මහාචාර්ය ලියනගේ අමරකිර්ති කාලයකදී මේ රටේ එක් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ 225 දෙනාවම ගෙදර යවා මහජනතාවට පාලනය ලබාදෙන ක්‍රමවේදයක් සකස් විය  යුතු බවට කෑ   මොරදුන්නේය. කෙසේ වෙතත් අවසානයේ මේ රටේ ජනතාව නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගනිමින් ඉන් අනතුරුව ඔහු අයත් වෙන පක්ෂයට තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් පාර්ලිමේන්තුව තුළ   ලබා දෙමින් ජනාධිපතිවරයාගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන් 225 න්   159 දෙනෙකුවම ලබා දුන්හ. ආණ්ඩු   සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම විය යුත්තේ   ජනතාව තමන් වෙත ලබා දී ඇති ජනවරම වගකීමෙන් යුතුව පාවිච්චි කරමින් ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් කටයුතු කිරීමය. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඉතා සුළු පිරිසක් එසේ කටයුතු කිරීමට උත්සාහ කලද බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කර ගැනීමට උත්සාහ කරන අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ඊයේ(පෙබරවාරි 06) පාර්ලිමේන්තුවේදී කළ විශේෂ දැනුම් දීමෙන් මේ පාර්ලිමේන්තු ස...
Image
පාර්ලිමේන්තුවේ විනය කෙලෙසමින් චණ්ඩිපාට් දැමු විපක්ෂ නායකට සභානායකගෙන් විනය ටොක්කක්! රටක නීති රීති සම්පාදනය කරන උත්තරීතර පාර්ලිමේන්තුවේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය පියවරයන් ගැනීම ජාතික ජන බලවේගය ආණ්ඩුව පත් කිරීමට ඡන්දය දුන් බහුතර ජනතාවගේ එක් අපේක්ෂාවකි.එය අකුරටම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට ඇත.   එහෙත් අවාසනාවකට, විපක්ෂයේ ඉතා සුළු කණ්ඩායමක් වුවත් වාචාල මන්ත්‍රීවරු පිරිසක් දිගින් දිගටම තමන්ගේ කටට එන ඕනෑම දෙයක් කියවමින් පාර්ලිමේන්තුව වාචාලයින්ගේ කෝලම් මඩුවක් කිරීමට උත්සාහ කරමින් සිටිති. සුචරිතවාදී චරිතයක් නිරූපණය කරමින් රටේ විකල්ප නායකයා තමා බව පුන පුනා දොඩවන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා අද පාර්ලිමේන්තුවේදී තමාගේ කොලේ ඉරා ගත්තේය. පසුගිය කාලය පුරාවටම එතුමා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවේ වචන සහ වාක්‍ය කාණ්ඩයන්   කිසිම තේරුමක් නැතිව පාවිච්චි කරන අයුරු අපි දුටුවෙමු. පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු මෙහෙයවන අවස්ථාවේදී කථානායකවරයාට, නියෝජ්‍ය කතානායකවරයාට හෝ මුලසුන හොබවන  මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියෙකුට  සභාවේ කතා කරමින් සිටින ඕනෑම කෙනෙකු දැනුවත් කිරීම් කිරීමට  අයිතිය ත...