"අරගලය සිදුවූ කාලයේදී විනාශවූ මැති ඇමතිවරුන්ගේ නිවාස සහ දේපලවලට සිදූවූ හානිය වෙනුවෙන් කෝටි 122 ක් මුදලක් වන්දි ලබා දීම ගැන ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගෙන් ප්‍රශ්න තුනක්!
සමාජ සහ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී සිටින ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා තමාගේ මුහුණු පොතේ මෙවැනි අදහසක් පළකර තිබුණි.
"අරගලය සිදුවූ කාලයේදී විනාශවූ මැති ඇමතිවරුන්ගේ නිවාස සහ දේපලවලට සිදූවූ හානිය වෙනුවෙන් (කෝටි 122 ක්) මුදලක් වන්දි ලෙස ඔවුන්ට ලබාදී ඇති බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී හෙලි කළහ.එය කන වැටුනු මට ප්‍රශ්ණ කීපයක් මතුවුනි.
එවන් වන්දියක් දීමට තීන්දු කලේ කව්ද? වන්දි දීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද? සහ සිදුවූ විනාශය තක්සේරු කලේ කව්ද?"
එතුමා මෙන්ම ආරංචි රාළ ද මේ ප්‍රශ්න එලෙසම අසයි.
කිසියම් අනතුරක් හෝ කොළහාලයක් නිසා දේපළකට හෝ මිනිස් ජීවිතයකට සිදුවෙන හානි වෙනුවෙන් වන්දි ගෙවීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුය. සෞඛ්‍ය ඇමතිවරයා පවසන ආකාරයටම නියඟය සහ ගංවතුර නිසා සිදුවෙන වගා හානි වලට වන්දි ගෙවීම, ආපදාවන් නිසා ඇතිවන දේපළවලට වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් ඇත. ආරංචි රාලගේ දැනුමේ ප්‍රමාණය හැටියට වන්දි ගෙවීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ සිදු විය යුතු යයි සිතයි. පළමු කොටස වන්නේ එම නිශ්චිත දේපළ රක්ෂණය කර ඇතිනම් රක්ෂණ සංස්ථාව විසින් එම වන්දිය ගණනය කර ඒ අනුව වන්දි ගෙවීම. දෙවන ක්‍රමය විය යුත්තේ රජයේ පවතින ප්‍රතිපත්තියක් යටතේ කිසියම් ස්වභාවික හෝ කොළහාලයක් නිසා ඇතිවෙන දේපළ හානියක් සඳහා වන්දි ගෙවීම.
මේ කුමන වන්දි ගෙවීමකදී වුවත් ගෙවිය යුතු වන්දියේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා පිළිගත් ක්‍රමවේදයක් තිබිය යුතුය.
සරත් ඉද්දමල්ගොඩ පියතුමා මතු කරන මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කවුදැයි අපි නොදන්නෙමු. එහෙත් මෙම වන්දි ගෙවීමේදී මේ රට පාලනය කළ පාලකයින් සැබෑ ලෙසම මෙම වන්දි ගෙවීම් අනුමත කිරීම සඳහා පෞද්ගලිකව තම දේශපාලන අධිකාරිය තුළ බලපෑම් කර ඇති බව නම් ඉතා පැහැදිලිය.
එසේ නම් මේ රටේ තක්සේරුකරුවන්ගෙන් මින් ඉදිරියට ප්‍රයෝජනයක් නොවනු ඇත.
හානි වෙනුවෙන් වන්දි ගෙවීම අනිවාර්යෙන්ම තිබිය යුතු ජාතික වැඩ පිළිවෙලකි. එහෙත් ඒ සඳහා පිළිගත් සම්ප්‍රදායන්ට අනුව නිර්මාණය වූ නිර්ණායකයන් මත පදනම් ක්‍රමවේදයක් තිබිය යුතුය. එවැන්නක් හඳුන්වාදීම ජාතික ජන බලවේගයේ කාර්යභාරය වන අතර පිළිගත් ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් කිසියම් වන්දියක් ගෙවා ඇත්නම් පුද්ගලයා දැරූ තනතුර හෝ ඔහු සිටින තරාතිරම වංචනිකව ලබාගෙන ඇති මෙම මහජනතාවගේ මුදල් නැවත අය කර ගැනීමට කිසිදු බාධාවක් කරගත යුතු නැත.
ආරංචි රාළ
Comments
Post a Comment