වැලන්ටයින් දිනය, ඔහු තම ජීවිත පූජාවෙන් රැක ගැනීමට ඉදිරිපත් වූ මිනිස් වටිනාකම් ආරක්ෂා කරගැනීමේ දිනයක් කර ගනිමු!
තරුණ තරුණියන්ගේ ආදරයට තහංචි බැදී යුගයක ඒවෙනුවෙන් තම ජිවිතයෙන් අරගල කළ ආදරණිය මිනිසෙකු නිසා ආදරවන්තයින්ගේ නමින් දිනයක් වෙන්විය
බොහෝ දෙනෙකුට එය තෑගි බෝග හුවමාරුව, සුභ පැතුම් පත් මගින් තම ආදරය ප්‍රකාශ කරන තම ආදරණීයයන් වෙනුවෙන් වෙන් කළ දවසකි.
අවාසනාවට මෙරට සමහරුන් මේ දිනය "වෙනස් අත්දැකීමක් " විඳගැනීමේ දිනයක් බවට පත්කරගෙන ඇත.වාණිජ ලෝකය විසින් මේ අදහස උත්කර්ෂයට නංවා වැලන්ටයින් විකිණීමේ සල්පිල් පිහිටුවා තිබේ.
ආදරය වෙනුවට රාගය වැළඳ ගැනීමට මිනිසුන් පෙළඹවීම මේ සල්පිල වල වෙළඳ අරමුණකි. බොහෝ නගර ආශ්‍රිතව පිහිටුවා ඇති "රූම්ස් " වැලන්ටයින් දිනය වන විට වෙන්කරවාගෙන තිබෙන ප්‍රමාණය කොතරම්ද යත්, පොරොත්තු ලේඛන පවා සකස් කෙරෙන බව මාධ්‍ය විසින් හෙළි කරනු දැක ඇත්තෙමු.
එක් අධ්‍යාපනඥයෙක් මේ ගැන අදහස් දක්වමින් පැවසුවේ රූම්ස් සංස්කෘතිය බිහිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ මිනිසුන්ට නිදහසේ තම ආදරය ප්‍රකාශ කිරීමට සුදුසු තැන් මේ රටේ නොමැති වීම බවය. එහි සත්‍යතාවයක්ද තිබෙන්නට පුළුවන.
![]() |
පෙබරවාරි 14 සලකුණු කරන්නේ වර්ෂ 269 දී දෙවන ක්ලෝඩියස් අධිරාජයාගේ පීඩන සමයේදී කිතුණුවෙකු වූ වැලන්ටයින් ඝාතනය කිරීමේ සිද්ධියයි.
|
වැලන්ටයින් දිනයේ ඓතිහාසික මූලයට මේ කිසිවක් හා සම්බන්ධයක් නැත. පෙබරවාරි 14 සලකුණු කරන්නේ වර්ෂ 269 දී දෙවන ක්ලෝඩියස් අධිරාජයාගේ පීඩන සමයේදී කිතුණුවෙකු වූ වැලන්ටයින් ඝාතනය කිරීමේ සිද්ධියයි. මේ කාලයේදී රෝම අධිරාජ්‍යය යුද්ධවල පැටළී සිටි අතර යුද්ධයට අවශ්‍යය සොල්දාදුවන් බඳවා ගැනීමට අධිරාජයා ක්‍රියා කරමින් තරුණයින්ට විවාහ වීමට තාවකාලික තහනමක්ද පැනවීය. එය එක් අතකින් යුද්ධ පවත්වාගෙන යාමට ධෛර්යයක් වූවා සේම ක්‍රිස්තියානි විවාහ වටිනාකම් බිඳ දමන අසම්මත ලිංගික චර්යාවන්ට මිනිසුන් යොමු කරවීමක් ද විය.
මෙම ද්විත්ව ව්‍යසනයන්ට එරෙහි වූ වැලන්ටයින් එයට ප්‍රතිකර්මයක් ලෙස රහසින් තරුණයින් විවාපත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කළේය. ක්ලෝඩියස් අධිරාජයා විසින් වැලන්ටයින් මරා දමන ලද්දේ මේ උපාය හෙළිවීමෙන් පසුවය.
වැලන්ටයින් අත්අඩංගුවේ සිටියදී ඇස්ටේරියස් නම් නඩුකාරයාගේ අන්ධ දියණියගේ දෑස් මත අත් තබා යාඥා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය සුවය ලැබූ බව කියැවෙයි.
මරා දැමීමට පෙර වැලන්ටයින් ඇයට ලිපියක් ලියා ඇති අතර එය අත්සන්කර ඇත්තේ "මේ ඔබේ වැලන්ටයින් " යනුවෙනි.මෙම ක්‍රියාව වැලන්ටයින් දිනයේදී තමන් ආදරය කරන්නන් වෙත ලිපි ලිවීමේ සිරිතට මුල් වී ඇත.
මිනිස් ලිංගික ක්‍රියාවන් පහත් තැනකට ඇද දැමීමේ වෑයමට එරෙහිව ගොඩ නැගී ඇති සමාජ වටිනාකම් වෙත පහර එල්ලකිරීම් සමාජයයන් තුළ ව්‍යාප්ත වී ඇති මේ යුගයේ ඒ සඳහා ව්‍යාපාරික ලෝකයත්,සමාජ මාධ්‍යයනුත් ඉහළම දායකත්වයක් ලබාදෙයි.
ලොව පුරා, එක් රාත්‍රියක් එකට ගත කිරීම, පර පුරුෂ/ස්ත්‍රී සේවනය, දික්කසාද, විශ්වාසය කඩ කිරීම්, ආත්මාර්ථකාමීත්වය ආදිය පිළිබඳ කතා ඕනෑවටත් වඩා තිබේ.
මෙවැනි සිදුවීම අතරේ, වැලන්ටයින් තම ජීවිතය පූජා කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වූ මිනිස් වටිනාකම්, විශේෂයෙන් ආදරය, අද වන විට වාණිජත්වය සහ සමාජ මාධ්‍යය මගින් නිතිපතා දූෂණය කරනු ලබන කන්‍යාවියකගේ තත්ත්වයට පත්ව ඇත.
මේ නූතන වැලන්ටයින් ව්‍යාපාරය විසින් වාණිජ ලෝකයේ මහා බල කනු තව තවත් ප්‍රකෝටිපතියන් බවටද පත්කරමින් සිටියි.
ආරංචි රාළ 2025 .02. 16. - 44 වන දිගහැරුම
(ෂෙල්ටන් පිරිස් ලියු සටහනක් පදනම් කරගෙන ලියුවකි)
Comments
Post a Comment