අනාගතය දෙස බලාගෙන සැමරූ  නිදහස් දිනයක්!


අනාගතය දෙස බලාගෙන. උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතක අපි අද නිදහස සමරන්නෙමු.

පොහොසත් රටක ලස්සන ජිවිතයක් " උරුම කරදීම සදහා  වන ජාතික ජන බලවේගය ජනතාවට පොරොන්දුවූ  වැඩපිලිවෙල ඉතා හොදින් ඉදිරියට ගෙනයමින් තිබෙන බව ආරංචි රාළ වටහා ගෙන ඇත. 

එදත් අදත් ජාතික ජන බලවේගයට කෙනහිලිකම් කරන ජඩ මධ්‍යකරණයක නිරතව සිටින රුපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය කණ්ඩායම් කීපයක් ජනතාවට තුට්ටුවක වටිනාකමක් නැති “නිර්මාණය කරන ලද”(Fabricated News ) තොරතුරු කීපයක් ආණ්ඩුවට මඩගැසීමට යොදාගත්තද ජනතාව ඒ කිසිවක් සත පහකට මායිම් කරන බවක් පෙනෙන්නට නැත.

කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කර තමන්ගේ ව්‍යාපාරික හෙන්චියන්ට හම්බකර ගැනීමට බොරු සෝබන සංදර්ශන පවත්වනවා වෙනුවට අත්‍යවශම අංග පමණක් ඇතුලත් කර ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ පැවැත්වූ ප්‍රථම නිදහස් දින සැමරුම සැලකිය යුතු ජනතා සහභාගිත්වයකින් ඊයේ කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී අභිමානතවත් ලෙස පැවැත්වුයේ මෙරට ජනතාවටටද එම අභිමානයේ කොටස් කරුවන් වීමට අවස්ථාව උදාකර දෙමිනි.

"අපට ලෝකයේ ධනවත්ම  රට වීමට නොහැකි විය හැක. එහෙත් අපට පොහොසත්ම රට විය හැකිය." ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා දැඩි ආත්ම විස්වාශයකින් යුතුව පැවසිය. "ධනවත් රටක් වීම සහ පොහොසත් රටක්විම" අතර ඇති වෙනස කුමක්දැයි  බොහෝ දෙනෙකු නොදැන සිටියාට  ආරංචි රාළ නම් ඒ කුමක්දැයි හොදින් දනී. පුරවැසියන්ට  තමන්ගේ ජීවිතය පිලිබදව අභිමානයක් ඇතිවන්නේ ඔහුට හෝ ඇයට තමන්ගේ ජිවිතයට  වටිනාකමක් ලැබූ විටය. රටක් ධනවත්වූ පමණින් ජනතාවට ඒ වටිනාකම ලැබෙන්නේ හෝ ඔවුන්ගේ ජිවිත ලස්සන වන්නේ  නැත. ඒ රටේ  යුක්තිය, සාමය, සමානාත්මත්මතාවය සහ සාධාරණත්වය පැවතිය යුතුම වන්නේය. ජාතික ජන බලවේගය ආණ්ඩුව ගොඩ නගමින් සිටින්නේ එවැනි රටකි.

අප බොහෝවිට දින සමරන්නේ අතීතයට ගමන් කරමිනි. එහෙත් ජනපති අනුර කුමාර දිසානායක නිදහස් දින ඔහුගේ කතාව ආරම්භ කරන්නේ අනාගතය දෙස බලාගෙනය.

"මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන. උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතක අපි අද නිදහස සමරන්නෙමු.”

 

 

ආරංචි රාළ

සංස්කාරක : අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 

ඡායාරුප අන්තර්ජාලයෙනි

 


 

Comments

Popular posts from this blog