තමන් ආණ්ඩු කරන සමයේ සිදුවූ ඝාතන ගැන මුනිවත රකින පරාජිත දේශපාලකයෝ ඊයේ සිදුවූ ඝාතනය දඩමීමා කරගෙන ආණ්ඩුවට මඩගැසීමට දරන වෑයම හාස්‍යජනකය.
අපරාධ විමර්ශනය පිළිබඳව ඉතා ජනප්‍රිය කියමනක් ඇත. ඒ මෙසේය; විමර්ශන කණ්ඩායම් වලට අපරාධයක් සෙවීමට නොහැකි වන්නේ නම් එක්කෝ එම අපරාධයට බලයේ සිටින දේශපාලකයෙක් සම්බන්ධය. නැතිනම් එම අපරාධය සිදුවී නැත.
පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් පිළිබඳව කතා කරන බොහෝ අවස්ථාවලදී එවකට විපක්ෂයේ සිටි දේශපාලන නායකයින් මෙම කියමන දිගින් දිගටම ප්‍රකාශ කළ අතර ඒ තුළින් ඔවුන් වක්‍රාකාරයෙන් පාස්කු ප්‍රහාරය පිටුපස නියත වශයෙන්ම ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට බලපෑම් කළ දේශපාලකයෝ කීපදෙනෙක්ම සිටින බවට ඉගි පළ කරන්නට විය.
කෙසේ වෙතත් මේ වන විට එම ප්‍රකාශ කළ විපක්ෂයේ දේශපාලකයින් දැන් මේ රටේ පාලකයෝ බවට පත්ව ඇත. එසේ නම් පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් සෙවීමට දැන් ඔවුන්ට කිසිදු බාධාවක් නැත. මක්නිසාදයත් දැන් බලයේ සිටින දේශපාලකයෝ එම පාස්කු ප්‍රහාරය පිටුපස නොමැති අතර නියත වශයෙන්ම අපරාධය සිදුවී ඇත. මහා මොළකරුවන් සොයන්නයි ආරංචි රාළ බල කර සිටින්නේ ඒ නිසාය.
ඊයේ (19) කොළඹ උසාවි සංකීර්ණයේදී වෙඩි තැබීමක් සිදුවූ අතර එම වෙඩි තැබීමෙන් මිනිමැරුම් සහ අපරාධ ගණනාවකට සම්බන්ධ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාතාල නායකයකු මරණයට පත්විය.
මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන උසාවියට ඇතුළු වූ වෙඩික්කරුවකු විසිනි. වෙඩික්කරු කවුරුන් දැයි වෙඩි තැබීම සිදුවී සුළු මොහොතකින් සීසීටීවී කැමරාවල අඩංගු වී තිබූ දර්ශන රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ජනතාව දැනගත් අතර තවත් පැය කීපයක් අතරතුරදී කොළඹ නගරයට කිලෝමීටර 150කට පමණ උතුරින් වූ ප්‍රදේශයකදී මෙම සැකකරුව අත්අඩංගුවට ගන්නා ලදී. එසේම ඔහුට සහායට පැමිණි තවත් කාන්තාවක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
පසුගිය කාලය පුරාවට මහා අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වංචාවලට සම්බන්ධ පාතාල නායකයෝ කීපදෙනෙකුවම ප්‍රසිද්ධ ස්ථානවලදී ඝාතනය කරනු ලැබීය. එම ඝාතන පිළිබඳව පොලිසියටද චෝදනා එල්ල වූ අවස්ථා තිබුණි. කෙසේ වෙතත් එම ඝාතකයින් තවමත් අත්අඩංගුවට ගෙන නැත.
එසේ නොවීම පිළිබඳව ජනතාව සැක කරන්නේ මෙම ඝාතන සිදුකළ ඝාතකයෝ පිටුපස ප්‍රබල දේශපාලකයෝ සිටින බවය. එබැවින් ඊයේ සිදුවූ ඝාතනය දඩමීමා කරගෙන ආණ්ඩුවට මඩගැසීමට පරාජිත දේශපාලකයෝ දරන වෑයම හාස්‍යජනකය.
ඊයේ උදෑසන කොළඹ උසාවි සංකීර්ණයේ දී ඝාතනයට ලක් වූ පාතාල නායකයාගේ ඝාතකයාද එම ඝාතනය සිදුකරන ලද්දේ තනිවම වුවද නියත වශයෙන්ම එය ඉතා සැලසුම් සහගතව කරන ලද ඝාතනයක් බව නම් පැහැදිලිය. එසේ නම් මෙම ඝාතනය පිටුපස සිටින මහා මොලකරු හෝ මොලකරුවන් කවුරුන්ද?
මෙම ඝාතනය විමර්ශනය කරන කණ්ඩායම් විසින් එය සොයා ගත යුතුවම ඇත. එසේ නොමැති වුවහොත් තමන් විපක්ෂයේ සිටින විට උපුටා දැක්වූ අපරාධ විමර්ශන පිළිබඳව ඒ සුප්‍රසිද්ධ කියමන වර්තමාන ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේද සත්‍යයක් අපට පත්වුණු ඇත.
ආරංචි රාළ
2025.02.20 - 47 වන දිගහැරුම
Comments
Post a Comment