පාර්ලිමේන්තුවේ විනය කෙලෙසමින් චණ්ඩිපාට් දැමු විපක්ෂ නායකට සභානායකගෙන් විනය ටොක්කක්!

රටක නීති රීති සම්පාදනය කරන උත්තරීතර පාර්ලිමේන්තුවේ විනය පවත්වාගෙන යාමට අවශ්‍ය පියවරයන් ගැනීම ජාතික ජන බලවේගය ආණ්ඩුව පත් කිරීමට ඡන්දය දුන් බහුතර ජනතාවගේ එක් අපේක්ෂාවකි.එය අකුරටම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට ඇත.

 

එහෙත් අවාසනාවකට, විපක්ෂයේ ඉතා සුළු කණ්ඩායමක් වුවත් වාචාල මන්ත්‍රීවරු පිරිසක් දිගින් දිගටම තමන්ගේ කටට එන ඕනෑම දෙයක් කියවමින් පාර්ලිමේන්තුව වාචාලයින්ගේ කෝලම් මඩුවක් කිරීමට උත්සාහ කරමින් සිටිති.

සුචරිතවාදී චරිතයක් නිරූපණය කරමින් රටේ විකල්ප නායකයා තමා බව පුන පුනා දොඩවන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා අද පාර්ලිමේන්තුවේදී තමාගේ කොලේ ඉරා ගත්තේය.

පසුගිය කාලය පුරාවටම එතුමා සිංහල සහ ඉංග්‍රීසි භාෂාවේ වචන සහ වාක්‍ය කාණ්ඩයන්  කිසිම තේරුමක් නැතිව පාවිච්චි කරන අයුරු අපි දුටුවෙමු.

පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු මෙහෙයවන අවස්ථාවේදී කථානායකවරයාට, නියෝජ්‍ය කතානායකවරයාට හෝ මුලසුන හොබවන  මන්ත්‍රීවරයෙකුට හෝ මන්ත්‍රීවරියෙකුට  සභාවේ කතා කරමින් සිටින ඕනෑම කෙනෙකු දැනුවත් කිරීම් කිරීමට  අයිතිය තිබෙන බව මේ තරම් කාලයක් පාර්ලිමේන්තුවේ  සිටින එතුමා නොදැන සිටීම පුදුමයකි.

විපක්ෂ නායකවරයා අගමැතිවරිය ප්‍රශ්නට යක් යොමු කරවන අවස්ථාවේදී නියෝජ්‍ය කතානායකවරයා රීතිමය තත්ත්වයක් පැහැදිලි කිරීමට උත්සාහ කල විට විපක්ෂ නායක වරයා චන්ඩියෙකු මෙන්  ;  " නිකං මැදට පනින්නේ නැතිව ඉන්නවා" යැයි, නියෝජ්‍ය කතානායකවරයාට තර්ජනය කිරීම සැබවින්ම අශෝබන හැසිරීමකි

එම අවස්ථාවේදී, පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විමල් රත්නායක ඇමතිවරයා, මේ පිළිබඳව විපක්ෂ නායකවරයාට දැනුම් දී ඔහුට එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නැයි ද, නැතිනම් නියෝජ්‍ය කතානායකවරයාගෙන් සමාව ඉල්ලන්නයි බලකර සිටීම සැබවින්ම පාර්ලිමේන්තුව තුළ විනය පවත්වා ගෙන යාමට ජාතික ජන බලවේගයේ ඇති අවශ්‍යතාවය සහ කැපවීම ප්‍රදර්ශනය කිරීමකි.

එසේම පාර්ලිමේන්තුවේ විනය පවත්වාගෙන යාම පිළිබඳව, සභා නායකවරයා කරන ලද ප්‍රකාශය ආරංචි රාළ අතිශයින්ම අගය කරයි. කොලේ ඉරා ගත් විපක්ෂ නායකවරයා අවසානයේ තමාගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තේය.

රටක් ගොඩනැගිය හැක්කේ එය පාලනය කරන නායක නායකයන් විනයානුකූල ජීවිතයක් ගත කිරීම තුළිනි. ජාතික ජන බලවේග ආණ්ඩුව එය පාර්ලිමේන්තුවෙන් පටන් ගෙන තිබීම ආරංචි රාළ සැබවින්ම උද්දාමයට පත් කර ඇත.

 

ආරංචි රාළ

සංස්කාරක: අරුණ ශාන්ත නෝනිස්

 (ඡායාරුප අන්තර්ජාලයෙනි)

 


















 

Comments

Popular posts from this blog