සයිප්‍රසයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සමාජ රක්ෂණ අරමුදල ලබා ගැනීමට අලුත් පනතක්!

සයිප්‍රසයේ  සේවය කරන සෑම සංක්‍රමණික සේවකයකු වෙනුවෙන්ම එරට කම්කරු අමාත්‍යාංශය විසින් විශේෂ සමාජ රක්ෂණ අරමුදලක්( Social Insurance Fund)පවත්වාගෙන යයි.

එම ආණ්ඩුව මෙම  අරමුදලට සංක්‍රමණික සේවකයා මාසිකව උපයන වැටුපට අනුකූලව නිශ්චිත ප්‍රතිශතයක්  බැර කරන අතර සුළු ප්‍රතිශතයක් සේවකයාගෙන්ද අය කර ගනු ලැබේ.

මේ ආකාරයට ශ්‍රී ලාංකික සංක්‍රමනික සේවකයන් වෙනුවෙන් සයිප්‍රස් රජය විසින් සහ සේවකයින් විසින් බැර කරන ලද විශාල අරමුදලක් සයිප්‍රස් හී කම්කරු අමාත්‍යාංශය සතුව ඇත.

සයිප්‍රස් රටේ  සේවා කාලය අවසන් වූ පසුව විදේශීය සංක්‍රමණික සේවකයන්ට එම අරමුදල සෘජුවම ලබාගත හැකිය.

ඒ අනුව පිලිපීනය, නේපාලය වැනි රටවලින් පැමිණ සයිප්‍රසයේ සේවය සේවකයෝ  විශාල මුදල් ප්‍රමාණයක් සයිප්‍රසේ සිට තමන්ගේ පෞද්ගලික බැංකු ගිනුම් වලට ගෙන්වා ගනිති.

 එහෙත් මෙම අරමුදලට හිමිකම් කියන සයිප්‍රසයේ සේවය කර  දැන් මෙරටට පැමිණ සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් පිරිසකට  තමන්ට හිමි විය යුතු අරමුදල ලබා ගැනීමේ හැකියාවක් නැත. මක්නිසාදයත් ඒ වෙනුවෙන් නිශ්චිත නීති ශ්‍රී ලංකාවේ සම්මත කර නැත. "එතෙර අපි" සංවිධානය සහ විවිධ සංක්‍රමණික සේවක සංවිධාන විසින් මෙම නීතිය සම්මත කර ගැනීමට පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නැයි වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම්  කළද  පැවති රජයන් ඒ ගැන සත පහකට  මායිම් කළේ නැත.

 මේ වෙනුවෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරන ජාතික ජන බලවේග ආණ්ඩුව හැකි ඉක්මනින් එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර සයිප්‍රස් රටේ සේවය කළ ශ්‍රී ලාංකිකයන්ට හිමි විය යුතු එම අරමුදල ලබා ගැනීමට දැන් කටයුතු සූදානම් කරමින් සිටින බව ආරංචි රාළට පසුගියදා දැනගන්නට ලැබුණි.

 

ආරංචි රාළ සංස්කාරක :  අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 

 

Comments

Popular posts from this blog