සිවිල් සමාජයෙන් නීතිපතිට විරෝධය!
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ජනතාව විසින් ජාතික ජන බලවේගයට දේශපාලන බලය ලබාදී ආණ්ඩුකරණයේ වගකීම බාර දුන්නද රාජ්‍ය මෙහයවිම තවමත් සිදුවන්නේ ඉහත සදහන් කළ මේ රාජ්‍ය නිලධාරීන්ගේ අභිමතයට අනුව මිට පෙර රට පාලනය කළ තක්කඩි දේශපාලකයින්ගේ අවශ්‍යතාවයන්ට අනුවය.
මේ රාජ්‍ය නිලධාරීන් පසුගිය ආණ්ඩු හදුන්වාදුන් අනපනත්, නීති රෙගුලාසි වලට යටත්ව කටයුතු කරනවා මිස ජාතික ජන බලවේගයේ "පොහොසත් රටක් සහ ලස්සන ජිවිතයක් " ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. එය අලුත් ආණ්ඩුව ජය ගතයුතුම අභියෝගයකි.
ජාතික ජන බලවේගය බලයට ගෙන ආ මේ රටේ බහුතර ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීමටනම් "පොහොසත් රටක් සහ ලස්සන ජිවිතයක්" ප්‍රතිපතිත්ති ක්‍රියාත්මක කළ යුතුම වන්නේය.
අපරාධකරුවන් නිතිය ඉදිරියට පමුණුවා දඩුවම් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රධාන පොරොන්දුවකි. එහෙත් මේ දිනවල කතා බහට ලක්වෙන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකකරුවන් ලෙස නම් කර ඇති තිදෙනෙකුට නඩු පැවරීම අවශ්‍ය නොවන බව නීතිපතිවරයා විසින් දැනුම්දී තිබීම ජනතාව ජාතික ජන බලවේගය අපරාධකරුවන් නිතිය ඉදිරියට පමුණුවා දඩුවම් කිරීම ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇත.
සැබවින්ම මේ සිදුවන්නේ කුමක්ද?
ආණ්ඩුවේ නීතිපතිවරයාගේ හැසිරීම සහ ක්‍රියාත්මකවීම රටේ ඉහල අධිකාරිත්වය පවා ප්‍රශ්න කිරීමක් නොකරන සංස්කෘතියක් මේ රට තුළ ගොඩනැගී තිබුනේය. සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම ඉතා ස්වාධීනව සිදුවිය යුතු අතර නීතිපතිවරයා සම්පුර්ණයෙන්ම ස්වාධින පුද්ගලයෙක් විය. එහෙත් පසුගිය දසක ගණනාවක් තිස්සේ මේ රට පාලනය රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා ඒ ස්වාධින සංස්කෘතිය සම්පුර්ණයෙන්ම කාබාසිනියා කළ අතර ඔවුන් විසින් පත්කළ නිතිපතිවරයා ගෙන් ජනතාවට ස්වාධීනත්වයක් අපේක්ෂා කළ නොහැකිය. මහජන ව්‍යාපාරයක අවශ්‍යතාවය සහ මැදිහත්වීම මතු වන්නේ මෙවැනි තීරණාත්මක අවස්ථාවකදීය.
මේ වනවිටටත් සිවිල් සමාජ කණ්ඩායම් ගනනවක්වම නීතිපතිවරයාට ඉවත්වෙන්නයි බලකරමින් විරෝධතා ව්‍යාපාර ගණනාවක් සංවිධානය කරමින් සිටින අතර ආරංචි රාළ කොන්දේසි විරහිතව එම විරෝධතා වලට ජනතාව සහභාගී වියයුතු බව කියයි.
ආරංචි රාළ
සංස්කාරක : අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)
ඡායාරුප අන්තර්ජාලයෙනි
Comments
Post a Comment