අහෝ යුක්රේනය !සෙලෙන්ස්කිගේ නේටෝ දීගය; යුක්‍රේනය මල සොහොනක් කළ අරුමය !

2014 වසරට පෙර  සාමකාමීව,ආර්ථික වශයෙන්  දීප්තිමත් අනාගතයක් තිබූ යුක්‍රේනය  දුර්ලභ ඛණිජ සම්පත් තිබූ රටක් .එහි මිලියන 45 ක් ඉතා සුවපහසු ජීවිතයක් ගත කළා. 2014 වසරේ දී ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි රජයට එරෙහිව යුක්‍රේන ජනතාව විසින් සිදු කරන බව පෙන්වූ එහෙත් ඇමෙරිකාව සහ යුරෝපය මෙහෙයවූ  කැරැල්ලක්/විප්ලවයක් ආරම්භ වෙනවා. මයිදාන් අරගලය නමින් ඉතිහාසයේ ලියැවුණේ ඒ විප්ලවය.


 යුක්‍රේනයේ ආණ්ඩුව (රුසියානු හිතැති) පෙරලුනු අතර එහි  ඇමෙරිකාවනු හිතවාදී   පාලනයක් ඇති වුණා. 2022 දී  ඇමෙරිකාව විසින්ම පත් කළ පාලකයා රුසියාව සමග යුද්ධයක පැටළුණා. ඒ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ඉල්ලුම් කිරීම සමගයි. සැබැවින්ම එය යුක්‍රේනය ලවා ඇමෙරිකාව රුසියාව සමග ඇතිකරවනු ලැබූ ගැටුමක්.

තමන්ගේ දේශ සීමාවටම ප්‍රතිවාදී නේටෝ කඳවුරු පැමිණීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්.       එය අතිශය සාධාරණයි. එම නිසා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනවා. එහෙත්, යුද්ධයේ පළමු සතියේදීම පූටීන්, යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා ආරාධනා කරනවා. ඔහුට යුක්‍රේන භූමිය හෝ ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය නොවූ අතර අවශ්‍ය වුණේ යුක්‍රේනය නේටෝ සාමාජිකත්වය ලබා නොගන්නා බවට සහතිකයක් පමණයි. ආරංචි රාළත් එතැනදී පුටින් සමගයි.

නමුත් ඒ මොහොතේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය යුක්‍රේනයට සාම සාකච්ඡා වලට යන්න දෙන්නේ නැහැ. ඔවුන්ටත් මේ යුද්ධය අවශ්‍ය වුණා. ඔවුන් යුක්‍රේනයට යුද්ධ කරන්න, අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙනවා.

මේ යුක්‍රේනය ලවා ඔවුන් රුසියාවට එරෙහිව කළ රූකඩ යුද්ධයක් (Proxy war).  යුක්‍රේනයට යුධ ආධාර සහ කුලී හේවායන් පවා ඔවුන් ලබා දෙනවා. නමුත් දිනෙන් දින යුක්‍රේනය යුද්ධය පරාජය වුණා. ඔවුන්ට සිය භූමිය අහිමි වු අතර යුධ ආධාර වලින් සිදු වුණේ රුසියාවේ ජයග්‍රහණ ප්‍රමාද වීම පමණයි.

යුක්‍රේන පාලකයාට මේ යුද්ධය ධන නිධානයක්. ඔහු යුද්ධයෙන් විශාල මුදල් සම්භාරයක් වංචා කළ බවට කටකතා තියෙනවා. ඇමෙරිකාවේ ස්ථාවරය වූයේ හැකි පමණ රුසියාව දුර්වල කිරීමට යුද්ධය ඇද ගෙන යා යුතු බවයි. එහෙත් 2024 දී  ඩොනල්ඩ් ට්‍රම්ප්  ජනාධිපතිධූරයට පත්වීමත් සමග  ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ට්‍රම්ප් යුක්‍රේනයට යුධ ආධාර ලබා දීම නතර කරන විට යුක්‍රේනය අසරණ වෙනවා.  ආයුද, උණ්ඩ මෙන්ම සෙබලුන්ගේ ආහාර සහ වැටුප් පවා හිඟ වෙන අතරේ එක්වරම යුද්ධය රුසියාවට ඉතා පහසු දෙයක් බවට පත්වෙනවා.

දැන් ඇමෙරිකාව මුල් වී යුද්ධය අවසන් කිරීමට සාම සාකච්ඡා ආරම්භ කරලා. කවදත් සිය ඉල්ලීම් ඉටු වෙනවා නම් සාමයට විරුද්ධ නැති පූටින් එයට එකඟත්වය පළ කරලා. එදා යුක්‍රේනයට සාම සාකච්ඡා සඳහා නොයන ලෙසට උපදෙස් දුන් ඇමෙරිකාවම මුල් වී අද සාම සාකච්ඡා ආරම්භ කිරීම දෛවයේ සරදමක්.

ඒ විතරක් නොවෙයි, මේ වසර තුන තුළ ඇමෙරිකාව විසින් යුක්‍රේනයට ලබා දුන් යුද ආධාර වල සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 350 ක්. ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඇමෙරිකාව යළිත් ඒ මුදල් යුක්‍රේනයෙන් ඉල්ලා සිටිනවා. යුක්‍රේනයට එම ණය ගෙවීමට මුදල් නැහැ.

ඉතින් යුක්‍රේනය සතු වටිනා සහ විරල ඛනිජ සම්පත් වල අයිතිය ඇමෙරිකාවට ලියා දීමට ඔවුනට සිදු වෙනවා. එම ඛණිජ සම්පත් වල වටිනාකම ඩොලර් බිලියන 500 ක්. ඩොලර් බිලියන 350 ක් වැය කළ ඇමෙරිකාව ඩොලර් බිලියන 500 ක් උපයනවා. ආරංචි රාළ  හැමදාම කියන්නේ ;ඇමරිකාවට  යුද්ධය බිස්නස් එකක් .

එසේම, රුසියාවේ සියලූම ඉල්ලීම් වලට එකඟ වෙන ලෙස යුක්‍රේනයට බල කරන්නේත්  ඇමෙරිකාවමයි.

දැන්  යුක්‍රේනය බිඳ වැටුණු, කඩා වැටුණු රටක්. අද යුක්‍රේනයේ ජනගහනය මිලියන 25 යි. ආර්ථිකය බංකොලොත්. නිෂ්පාදනය බිංදුවයි. රැකියා සහ ව්‍යාපාර නතරවෙලා. තරුණයන් ලක්ෂ 15 ක් මිය ගිහින්. එය එක් පරම්පරාවක්ම අහිමි වීමක්. එවැනි  අහිමි වීමක් රටකට දරාගත නොහැකියි.

දැන් ඔවුන්ට තිබු  වටිනාම  ඛණිජ සම්පත්  ඔවුන්ට අයිති නැහැ. යුද්ධයෙන් අහිමිවූ  20% යුක්‍රේන භූමිය  සාම ගිවිසුම අනුව රුසියාවට ලබා දීමට ඇමෙරිකාව එකඟ වෙලා.

2014 කැරැල්ල හෝ, 2022 සාම සාකච්ඡා මග හැරීම සිදු නොකළා නම් යුක්‍රේනයට මේ විනාශය සිදු නොවීමට තිබුණා. එය අදත් එදා පැවැති 'දිව්‍ය ලෝකයම' වන්නට තිබුණා. අද යුක්‍රේනය මල සොහොනක් නැතිනම් අපායක්.

සාමාන්‍ය ඇමෙරිකානු සහ බටහිර ජනතාව රුසියාව සහ පූටින් තමන්ගේ හතුරෙකු ලෙස නොදකින බව ඇමෙරිකානුවන්ගේ සමාජජාලා කියවීමෙන් පැහැදිලි වෙනවා. නමුත් සෙලෙන්ස්කි රූකඩයක් බව ඔවුන් දන්නවා. පසුගිය ජනාධිපතිවරණය ට්‍රම්ප් ජය ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ඔහු යුද්ධය අවසන් කිරීම සඳහා පූටින් සමග සාකච්ඡා කරන බවට  පොරොන්දු වීමයි.

රටකට සිටිය හැකි නරකම නායකයා පෞරුෂයක් නැති, බියගුලු 'රූකඩයක්'. වෙනත් සෑම සෘණාත්මක ලක්ෂණ සහිත නායකයෙකුට වඩා 'රූකඩ නායකයෙක්' රටකට හානිකරයි.

ඒකාධිපතියෙක් කියනා පුටීන් යටතේ රුසියාවට කිසිඳු හානියක් වූයේ නැහැ. ඔවුන් දිනෙන් දින දියුණු වෙමින් සිටිනවා.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්ථියක් ලෙස බටහිර මාධ්‍ය විසින් චිත්‍රයට නැඟූ 'රූකඩය' සෙලෙන්ස්කි යටතේ යුක්‍රේනය සම්පූර්ණයෙන්ම විනාශයි.

 

ආරංචි රාළ : 2025 . 02.  28 - 53  වන දිගහැරුම

 ඉරේෂන් සිරිවර්ධන විසින් තබන ලද FB සටහනක් පදනම් කරගෙන ලියා ඇත.

 



 

Comments

Popular posts from this blog