Posts

Image
ආරංචි රාළ  - 100  යුද්ධයක් දකුණු ආසියාවට දරා ගත නොහැකිය. දකුණු ආසියාව යුධමුක්ත කලාපයක්? හැකි ඉක්මනින් සාර්ක් නායකයින්ගේ සමුළුවක්? දකුණු ආසියාවට අයත් වන්නේ   ලෝකයේ බිම් ප්‍රමාණයෙන්   සියයට 3ක් පමණ   ප්‍රමාණයක් උනත්, එහි   ජනගහණය   බිලියන 2කට ආසන්න ප්‍රමාණයකි.   එය ලෝකයේ මුළු ජනගහණයෙන්   25%ක් වේ. ඒ අනුව දකුණු ආසියාව ලෝකයේ   ඉහළම ජනගහණ ඝනත්වයන්ගෙන් යුතු භුමි ප්‍රදේශයකි. දකුණු ආසියාවේ නගර රැසක ජනගහණ ඝනත්වය ඉතා අධිකය. පකිස්තානයේ   "කරච්චි" සහ ඉන්දියාවේ   කොල්කටාහි ජනඝනත්වය ලෝකයේ වෙනත් කිසිම නගරයක් සමග සන්සන්දනය කල නොහැකි තරම්ය. මෙවැනි ඉතාම ඉහළ ජනගහණ ඝනත්වයක් ඇති රටවල් දෙකක් අතර ඇතිවන යුද්ධයකදී   මියයන මිනිසුන්ගේ සංඛ්‍යාව කිසිවෙකුට අනුමාන නොකළ හැකි වන අතර එය මහා මිනිස් සංහාරයක් වනු ඇත. ඉන්දියාවේ සහ පකිස්ථානයේ නායකයින් යුද්ධයකට පැටලීමට කලින්   යුද්ධයක් නිසා මියයා   හැකි තමන්ගේ ජනතාව ගැන සිතිය යුතු බවයි ආරංචි රාළ අවදාරණය කරයි. ඉන්දියාවේ සහ පකිස්ථානයේ ඇති යුධ ශක්තිය සහ මෙම රටවල් දෙකටම ඊනියා බලවත් රටවල් වලින් ආයුධ ලබා ගැන...
Image
කට රැක ගන්නෝ -    දිවි රැක ගන්නෝ. ආරංචි රාළ කල්පනා කරන්නෙත් පුරවැසියා කල්පනා කරන ආකාරයටමය.  පුරවැසියාට අනුව ආණ්ඩුව යනු විධායකයද ඇතුළත් ව්‍යවස්ථාදායකයි (පාර්ලිමේන්තුව).ඇයි ඉතින් මේ දෙකොටසට ම නියෝජිතයන් තෝරාපත් කරන්නේ පුරවැසියා ය. පොලිස් සහ නීතිපති දෙපාර්තමේන්තුත්, විනිසුරු වරුන් ඇතුළු අධිකරණ පද්ධතියත් ආණ්ඩුව විසින් පාලනය නොකළ යුතු ස්වාධීන ආයතනයන් විය යුතු බව ආරංචි රාළගේ අදහසයි. අධිකරණ කටයුතුවලදී නීතියට ඇස් නොපෙනෙන බව කියන්නේ ඒ නිසාය. පසුගිය කාලවලදී නම්  අපේ පාලකයෝ  නීතියත් තම හිතුමතේට පාලනය කළහ. එය වෙනම කතාවකි අගවිනිසුරුවරියක දොට්ට දැම්මේත්, විනිසුරුවරුන්ට ගල් ගසා හූ කීවේත්, විනිසුරුවන් මිනී මස් කන්නන් ( cannibals) ලෙස හැඳින්වූයේත් එවැනි පාලකයන් විසිනි. පුරවැසියා කල් ගතවී හෝ ඔවුන්ට දිය යුතු පිළිතුර දීී ඇත . දැන් සිදුවන්නේ කුමක්ද ?  අත් අඩංගුවට පත්වන සහ සිර ගතවන දේශපාලකයන් පවසන්නේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් හිරේ දමන බවය. ආණ්ඩුවේ දේශපාලකයෝද ඒ බව පිළිගනිති. 'ඔව් අපි දූෂිතයන් සහ අපරාධකරුවන් හිරේ දමනවා'   යයි ඔවුහු පවසති. 'තාත්තලාව පමණක් නොව අම්මලාවත්...
Image
දහහතර වන ලියෝ පාප් වහන්සේට ආරංචි රාළගෙන් ලිපියක්! ඊයේ (08) සවස් භාගයේදී  ලෝකය පුරා විසිරී සිටින කතෝලික සභාවේ කාදිනල් හිමිවරුන් එකසිය  තිස් පස් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් එකට එක්වී වතිකානු රාජ්‍යයේ නායකයා සහ කතෝලික සභාවේ ප්‍රධාන එඬේරාණන් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ රොබට් ප්‍රෙවොස්ට්  කාදිනල් හිමිපාණන්ව තෝරා පත් කර ගන්නා ලදී. මෙතැන් පටන් උන්වහන්සේව අප  දහහතරවන වන ලියෝ පාප් වහන්සේ ලෙස ආමන්ත්‍රණය කරනු ඇත. ආරංචි රාළ උන්වහන්සේ පිළිබඳව කිසිවක් දන්නේ නැත. එහෙත් අද පටන් උන්වහන්සේ කවුරුන්දැයි සොයා ගැනීම අපහසු නොවනු ඇත. කතෝලිකයෝ විශ්වාස කරන්නේ මේ තෝරා ගැනීම සිදුවූයේ මහෝත්තම දෙවියන් වහන්සේ කැමැත්ත අනුව බවය. ආරංචි රාළ ඒ ගැන කතා කරන්නේ ද නැත. එහෙත් ආරංචි රාළ දන්නා සැබෑ කිතුදහම ගැන පහත සටහන තබන්නේ දහහතරවන වන ලියෝ පාප් වහන්සේට නිවාඩුවක් ලැබුනු මොහොතක ගුගුල්   පරිවර්තනය උපයෝගී කරගෙන කියවා බැලීම සඳහාය. ගොල්ගොතාවේ ජිවිත පරිත්‍යාගයේ අපේක්ෂාව:  අදට වසර 2000කට ආසන්න කාලයකට පෙර ජුදයාවේ, හොරුන්, මංකොල්ලකරුවන්, මීනී මරුවන් සහ රාජ්‍ය විරෝධී කැරළි කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමෙන් අනතුරුව ...
Image
මැතිවරණය  ජයග්‍රහණයේ  තීරණාත්මක සාධකය ඡන්දපොළට ඡන්දදායකයින් කැදවා ගැනීමයි! පළාත් පාලන  මැතිවරණය  නැතිනම්, පුංචි චන්දය දැන් අවසානය.  ආරංචි රාළද ඊයේ උදෑසනම ඡන්ද පොළට ගොස් තමන් ජයග්‍රහණය කළ යුතු යැයි සිතන දේශපාලන පක්ෂයේ සලකුණට ඉදිරියෙන් තම ඡන්දය ලකුණු කළ බව කියන්නේ ලොකු උද්දාමයකිනි. පුද්ගලයෙකුට ඇති මූලික අයිතිවාසිකම් එකක් වන්නේ  තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියයි. කෙනෙක් එසේ නොකරන්නේ නම් ඔහු පුරවැසියෙකු වන්නේ නැත. ආරංචි දාල තමා පුරවැසියෙකු බව නැවත තහවුරු කළේය. මේ වන විට ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ශ්‍රී ලංකාව පුරා ඇති පළාත් පාලන ආයතන 324 කින් 266  තරම් වූ අති බහුතරයක බලය මේ වනවිට මාලිමාව විසින් හිමි කරගෙන ඇත. සමහර ආයතනවල ජයග්‍රහණය කළ පක්ෂයට වඩා විරුද්ධ පක්ෂයේ සභිකයන් ප්‍රමාණය වැඩියෙන් සිටින නිසා පළාත් පාලන ආයතනය පවත්වාගෙන යාම පිළිබඳව කිසියම් ගැටළුවක් මතුවිය හැකිය. කෙසේ වෙතත් ජාතික ජල බලවේගයේ නායකයින් අද (07)උදෑසන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශයට පත් කෙරුවේ;  මාලිමාව ජයග්‍රහණය කර ඇති සෑම සභාවකම බලය ඔවුන් තහවුරු කරන ...
Image
ඡන්ද මධ්‍යස්ථානය ඡන්දදායක මිතුරු ( Voter - friendly ) විය යුතුය.   මැතිවරණයකදී ජනතාවට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඇති සුදුසුකම තහවුරු කරමින් කොමිසම විසින් කරනු ලබන මූලික දැනුම්දීම වන්නේ ඡන්ද කාඩ් පත ඡන්දදායකයන් වෙත එවීමයි.  මෙම ඡන්ද කාඩ් පතෙහි සඳහන් වන්නේ ඡන්දදායකයාගේ නම පදිංචිව ඇති ලිපිනය සහ ජාතික හැඳුනුම්පත්   අංකයයි. ඊට අමතරව ඔහු හෝ ඇය විසින් ඡන්දය පාවිච්චි කළ යුතු ස්ථානය පිළිබඳ තව දුරටත් විස්තර සඳහන් වෙයි. 1980 ගණන්වල පවත්වන ලද ජනමත විචාරණයේ සිට මේ දක්වා සෑම ඡන්ද විමසීමකට ආරංචිරාළ සහභාගි වී ඇත.  ඡන්දය පාවිච්චි කිරීමේදී ඡන්දදායකයන්  විසින් අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියාදාමයක් සහ නීති රීති මාලාවක් ඇත.  එනම්, ඡන්ද කාඩ් පත සහ තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කළ හැකි කිසියම් ලියවිල්ලක් ඡන්ද මධ්‍යස්ථානය   වෙත රැගෙන යාම යි.   විවිධ හේතූන් හෝ තැපැල් සේවයේ ඇතිවෙන ප්‍රමාදයන් නිසා සමහර අවස්ථා වලදී ඡන්දදායකයන්ට ඡන්ද කාඩ් පත ලැබෙන්නේ නැත.  මේ ගැන සලකා බලන මැතිවරණ කොමිසම තමන්ගේ අනන්‍යතාවය තහවුරු කළ හැකි ලියවිල්ලක් සමග ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ විට ඡන්ද...
Image
සිද්ධීන් කීපයක් කේන්ද්‍ර කරගෙන සිසුන්ට දඩුවම් කිරීමෙන් නවක වදය අපරාධයක් කර ගැනීම වැලැක්විය නොහැකිය? නවක වදය පිළිබඳව කතිකාව ආයෙත් කරලියට පැමිණ ඇත. කාලයෙන් කාලයට මෙය සමාජ කතිකාවක් බවට පරිවර්තනය වන්නේ  නවක වදයට සබැඳිව කිසියම් අවාසනාවන්ත සිදුවීමක් සිදු වූ විටය.  පසුගිය දශක පහ හය පුරාවටම නවක  වදය නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා සිසුන් කීප දෙනෙකුටම ජීවිත අහිමි වු අතර තවත් කීප දෙනෙක් සදාකාලික ආබාධිතයන් බවට පත්විය. එසේම සැලකිය යුතු සිසු සිසුවියන් ප්‍රමාණයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර ගොස් ඇති අතර ඒ සමාන ප්‍රමාණයක් නවක වදයට බියෙන් සරසවියට තමන්ගේ අයදුම් පතවත් යොමු කර නැත. අතිශයින්ම මානුෂීය ලෙස ක්‍රියාත්මක කළ හැකි සරසවියේ සුන්දර සාම්ප්‍රදායක් සීමිත සිසුන් පිරිසක් විසින් අමානුෂික ලෙස භාවිතා කිරීම නිසා මේ වන විට නවක වදය අපරාධයක්   බවට පත්ව තිබීම ආරංචි රාළ සලකන්නේ ඛේදවාචකයක් ලෙසය. මෙහි ආරම්භය කෙසේ වීදැයි ආරංචි රාළ හරියටම දන්නේ නැත. කොයි හැටි වෙතත් ආරංචි රාළ සරසවි සිසුවෙකු ලෙස   නවක වදයේ   සුන්දරත්වය ජීවමානව අත් දකිනු ලැබූ කෙනෙකි. එබැවින් නවක වදය තහනම් කළ යුතු යැ...
Image
සෑම දේශපාලන පක්ෂයක්ම මැයි දිනය නැවත කියවිය යුතුව ඇත. ලෝකවාසී ජනතාව තවත් මැයි දිනයක් අද දින සමරති. වැඩ කරන ජනතාව අද දින කම්කරු දිනය සමරනවා යැයි මෙම සටහන ආරම්භ කළ යුතු වුණත් ආරංචි රාළට හෘද සාක්ෂියට එකඟව එසේ කළ නොහැකිය. මක්නිසාදයත්, තවදුරටත් කම්කරු දිනය කම්කරුවන්ගේ හෝ ඔවුන් විසින්  සමරනු ලබන  දිනයක් නොවන නිසාය. අතීතයේ   කම්කරු දිනය සැමරීමේදී පුරෝගාමීත්වය ගෙන   කටයුතු කළේ මේ රටේ ප්‍රධාන වෘත්තීය සමිති සහ වැඩකරන ජනතාව නියෝජනය කළ   නායකයින් විසිනි. වාමවාදී මතවාද පෙරටුකරගත් ඔවුහු   එම කාර්ය හරියටම කලහ. අනතුරුව දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති මැයි දිනයට නායකත්වය දෙන ලදි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් කම්කරු ජනතාවගේ එකමුතුවන්වූ වෘත්තීය සමිති වලට අයත්ව තිබූ මැයි දිනය දේශපාලන පක්ෂ එය තමන්ගේ   දේශපාලන රැලියක් බවට පත් කර ගත්හ.  ආණ්ඩු බලය දරන දේශපාලන පක්ෂය සහ   විපක්ෂ දේශපාලන පක්ෂ   හැමවිටම   මැයි දිනය තමන්ගේ දේශපාලන ශක්තිය පෙන්වීම සඳහා යොදාගනු ගන්නට   විය. 1977 බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධනගේ යූඑන්පී ආණ්ඩුව මැයි දිනය හුදු සැණකෙළියක් බවට පත්කර...