Posts

Image
A Golden Opportunity for National Unity and Reconciliation for the NPP Government. News Whisperer : 2025.06.28     The recent presidential and parliamentary elections in Sri Lanka have created a rare and historic opportunity for the National People's Power (NPP) government to lay the foundations for true national unity and reconciliation. In the presidential election held in September 2024, the people of the Northern, Eastern, and Hill Country regions expressed , albeit implicitly ,  their aspiration to live as one Sri Lankan nation under a unified leadership. This message was unequivocally reinforced in the parliamentary elections held in November 2024, when voters in these regions rejected the traditionally ethnic-based Tamil and Muslim political leaderships and instead elected representatives from the NPP. However, the inability of the NPP leadership to fully recognize and embrace this political mandate and aspiration led to a significant setback in the local governmen...
Image
ඉරාන - ඊශ්‍රායල යුද්ධය නිදාගෙන සිටි සිංහයෙකු අවදිකර ඊශ්‍රායලය ඉතිහාසයේ අතිදැවැන්ත යුධ පරාජයක් අත් කරගත්තාද ? ඉරානය විසින් න්‍යෂ්ඨක අවියක් නිෂ්පාදනය කරන බවත් එය නතර කිරීමට නම් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර කර ඒ පිටුපස සිටින විද්‍යාඥයින් විනාශ කළ යුතුයැයි  ඇමරිකාව සහ ඊශ්‍රායලය තීරණය කර තිබුණි. ආරංචි රාළට එතකොට මතක් උනේ අපේ පැරණි  "හක්කේ බුදු රැස් බොක්කෙ දඩ මස්" කියමනයි.  තමන් සතුව න්‍යෂ්ටික අවි තබාගෙන  වෙනත් රටක් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකළ යුතු යැයි කියන්නට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්දැයි ආරංචි රාළට නම් වැටහෙන්නේ නැත.   හමාස් සංවිධානය විනාශ කිරීමටයි කියමින් පලස්තීනයේ  ගාසා තීරයට එල්ල කරන ලද අමානුෂික ප්‍රහාර වලට විරුද්ධව කිසිවක් කතා නොකර ලෝකයේ ඊනියා බලවතුන් යැයි කියාගන්නා රටවල් ඇස් කන් පියාගෙන නිහඬව ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් කරන සමූල ඝාතනය දෙස ඔහේ බලාගෙන සිටින මොහොතක කලාපයේ චන්ඩියා ලෙස ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉරානය විවිධ මුස්ලිම් සටන්කාමී කණ්ඩායම් වලට සහාය දක්වන්නේයැයි බලවතුන් චෝදනා කරති. එහෙත්  ඉරානය රටක් ලෙස කිසිවිටක තවත්...
Image
  “ Those who first take up arms will be the first to face destruction.” Holy Bible On the night when Jesus was unlawfully seized by the Jews under the orders of the chief priests, one of the disciples who was with Him in the Garden of Gethsemane, Simon Peter, drew a small sword that he had at his side    and struck the ear of one of the men who came to arrest Jesus.  Upon seeing this, Jesus turned to Peter and said, as recorded in the Holy Scriptures: "Peter, put your sword back into its sheath. Those who take up the sword shall perish by the sword." Anyone who simply investigates many of the recent killings in Sri Lanka  will clearly understand this truth. When Aranchi Raala  (News Guy)  was a university student  in 1983 , he once participated in an inter-university cultural competition. One of the events was a speech contest, and the topic given was "Disarmament, War, and Peace." Students from the law faculties of various universities, inc...
Image
"අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" ශුද්ධවූ බයිබලය නායක පූජකයින්ගේ නියෝගයකට අනුව ජේසුස් වහන්සේව ජුදයින් විසින් අනීතික ලෙස තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කළ  එම තීරණාත්මක  රාත්‍රියේ ගෙත්සෙමනි උයනේ උන්වහන්සේ සමග සිටි ශ්‍රාවකයන් ගෙන් කෙනෙක් වූ සීමොන් පේදුරු  තම ඉනේ ගසාගෙන සිටි කුඩා කඩුව අතට ගෙන  ජේසුස් වහන්සේව අල්ලා ගැනීමට පැමිණි  එක් මැරවරයෙකුගේ කන කපා දැමුවේය.  ජේසුස් වහන්සේ මේ දුටු විගස   පේදුරු දෙස හැරී මෙසේ කී බව ශුද්ධවූ ලියවිල්ලේ සදහන් වෙයි. "පේදුරු නුඹේ කඩුව කොපුවේ දමාගන්න,  කඩු ගත්තෝ කඩුවෙන්ම නසී" අපේ රටේ පසුගිය දින කීපය තුළ සිදුවූ බොහෝ ඝාතන පිළිබඳව සරල විමර්ශනයක් කරන කෙනෙකුට මේ සත්‍යය ඉතා හොඳින් අවබෝධ කරගත හැකිය. ආරංචි රාළ සරසවි සිසුවකුව සිටි 1983 කාලයේ අන්තර් විශ්ව විද්‍යාල සංස්කෘතික තරගාවලියකදී   කථික තරගයක් සඳහා ඉදිරිපත් වූ අතර ඉදිරිපත් කළ යුතුව තිබූ කතාවේ මාතෘකාව වූයේ   "නිරායුධකරණය යුද්ධය සහ සාමයයි".  තරඟය සඳහා නීති විද්‍යාලයේ මෙන්ම   විශ්ව විද්‍යාල වල නීති පීඨවල සිසු සිසුවියන් ද   ආරංචි රාළ සමග මෙම කථික තරගයට සහභාගි විය....
Image
ව්‍රායි කැලී බල්තසාර්, අපේ   නගරාධිපතිය ඇයයි ! මැයි 06 වෙනිදා කොළඹ ජනතාවගේ තීරණය ජුනි 16 දින තහවුරු විය. ආරංචි රාළගේ විශ්වාසයට අනුව මැයි 06 වෙනිදා පැවැත්වූ පළාත් පාලන   ඡන්ද විමසීමේ   අවසන් ප්‍රතිඵල වලට අනුව මහ නගර සභාවක, නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක නිශ්චිත පක්ෂයකට හෝ   කණ්ඩායමකට සෙසු පක්ෂ සහ කණ්ඩායම් වලට වඩා සභිකයන් සංඛ්‍යාවක් පත් කර ගැනීමට අවස්ථාව ලැබී ඇත්නම් එම පක්ෂය හෝ කණ්ඩායම නියත වශයෙන්ම එම සභාවේ බලය ස්ථාපිත කළ යුතුය. මක්නිසාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නිශ්චිත ජන කණ්ඩායමක් තුල වැඩිපුර ජනතා කැමැත්ත ඇති කණ්ඩායමට එම අයිතිය ඇත. ජනතාවගේ කැමැත්ත තමන්ගේ උරුමයක් යැයි සිතාගෙන, ජනතාව විසින් පලවා හරිනු ලැබීමෙන් අනතුරුව ද වැලේ වැල් නැතුව සිටින දේශපාලන කණ්ඩායම් සහ පක්ෂවලට මේ සරල සත්‍යය අවබෝධ කරගන්නට බැරුවා නොවේ. එහෙත් ඔවුන්ගේ උත්සාහය ජනතාව තමන්ව දිගින් දිගටම  ප්‍රතික්ෂේප කලත් මජර දේශපාලන ව්‍යාපෘති දියත් කර විකෘති බහුතරයක් පෙන්වමින් බලයේ සිටීම හෝ බලය ලබා ගැනීමය. ශ්‍රී ලංකාවේ දේශපාලන පැවැත්මේ වාසනාවට එවන් නරුම දේශපාලන කණ්ඩායම් සහ පක්ෂවලට කොළඹ මහ නගර සභාවට ජාතික ජ...
Image
සමාජ අසාධාරණයට එරෙහිව මහපාරේ කෑ ගැසීමෙන්  ඔබ්බට යන ක්‍රියාවලියක අවශ්‍යතාවය දකින ඔහු   ෂෙල්ටන් පීරිස් නම් විය. ආරංචි රාළට ඔහු ගැන සටහනක් ලියන්නට ලොකු ඕනෑ කමක් තිබුණි. විවිධ හේතු නිසා එය පමා වුවත් ඔහු  තම උපන්දින සමරන අද දිනයේ ආරංචි රාළට කිසිසේත්ම එය මගහැර සිටින්නට නම් නොහැකිය. වසර ගණනක් ඔහු සේවය කළ ඉන්දියානු රාජ්‍ය බැංකුවේ බොහෝ දෙනෙකුට ඔහු 'ෂෙලී' විය. ගෙදර අය නම්  ඔහුට කතා කළේ ෂෙල්ටන් කියාය. තමා ලියන කවියක කෙටි කතාවක හෝ කුමන හෝ සටහනක එය තමාගේ බව කියන්නට තබන සළකුන වුයේ; හේ.ෂෙල්ටන් පීරිස් ය. ආරංචි රාළට ඔහු ජෙරී අයියා විය. කවුරුන් කුමන නමකින් හැඳින්වුවත්, ඔහු නම් අපූරු මිනිසෙකි. ආරංචි රාළ ඔහු ගැන දන්නා තොරතුරු වලට වඩා නොදන්නා තොරතුරු බොහොමයකි. එබැවින් මේ සටහන නියත වශයෙන්ම ඔහු පිළිබඳව කරන කථිකාවක අල්පමාත්‍රයක් පමණි. තරුණ ක්‍රිස්තියානි සංගමය නිසා වයස අවුරුදු දාහතේ තරුණ ගැටවරයෙකුගේ කාලයේ පටන් ෂෙල්ටන් පීරිස් නම් වූ මේ මහා පුරුෂයා සමඟ සුන්දර සබඳතා පැවැත්වීමට ආරංචි රාළට හැකිවිය. එය ආරංචි රාළ සලකන්නේ භාගයක් ලෙසය. ඒ මහත් වූ භාග්‍ය හිමිවන්නේ ඔහු විසින් කරන ලද බොහෝ නිර්මාණ, ...
Image
දිවි ගමනේ 90 වන සැතපුම් කනුව පසුකරන ලේරින්ස් පිරිස් නම්වූ ඔහු! සමාජ සාධාරණත්වය ජීවිතය කරගත් විද්‍යා ගුරුතුමා ආරංචි රාළ  කිසිදු චකිතයකින් තොරව එතුමාව ලෙරින්ස් පිරිස් ගුරුතුමා යයි ආමන්ත්‍රණය කරයි. ඒ ඔහුගෙන් පාසලකදී හෝ පන්තියකදී විද්‍යා හෝ වෙනත්  විෂයයක් ඉගෙන ගත්ත නිසා නම් නොවේ. සැබවින්ම සමාජය ජිවිතයේ භාවිතය පිලිබදව බොහෝදේ  ඉගෙනගත් නිසාය. ගුරුවරයකු ලෙස ගතකළ කාලයට වඩා වැඩි කාලයක් ඔහුගේ කාලයෙන් ගතවුයේ ජනතාව දැනුමෙන් සහ අධ්‍යාත්මිකව බලවත් කරවීම සදහාය. ඔහු එය හරියටම කළේය . ආරංචි රාළට එතුමා හමුවන්නේ මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ වැඩසටහන් හරහාය. ඒ අතරතුර කිතුනු ගුරු එකතුවේ ජාතික කැඳවුම්කරුවා ලෙස අවස්ථා කීපයකදී ඔහුව හඳුනා ගන්නට ද ආරංචි රාළට හැකිවිය. ඔහු පිළිබඳව මතකය බොහෝ විට ආරංචි රාළ තුළ පවතින්නේ ලෙරින්ස් පිරීස් ගුරුතුමාට සමාජ විග්‍රහයන් කිරීමට තිබූ අද්විතීය හැකියාව නිසාය.   නියත වශයෙන්ම එතුමා සිසු ජීවිතය ගත කරන සමයේදී සහ තරුණ අවධියේදී කතෝලික පල්ලිය සමඟ සහ කතෝලික පියතුමන්ලා සමඟ ලොකු ඇසුරක් තියෙන්නට ඇතැයි ආරංචි රාළ විශ්වාස කරයි. මිගමුව දුව පාස්කු ගම්මානයේ උපත ලද කෙනෙකු වූ ...