ව්‍රායි කැලී බල්තසාර්, අපේ නගරාධිපතිය ඇයයි !
මැයි 06 වෙනිදා කොළඹ ජනතාවගේ තීරණය ජුනි 16 දින තහවුරු විය.
ආරංචි රාළගේ විශ්වාසයට අනුව මැයි 06 වෙනිදා පැවැත්වූ පළාත් පාලන ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵල වලට අනුව මහ නගර සභාවක, නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක නිශ්චිත පක්ෂයකට හෝ කණ්ඩායමකට සෙසු පක්ෂ සහ කණ්ඩායම් වලට වඩා සභිකයන් සංඛ්‍යාවක් පත් කර ගැනීමට අවස්ථාව ලැබී ඇත්නම් එම පක්ෂය හෝ කණ්ඩායම නියත වශයෙන්ම එම සභාවේ බලය ස්ථාපිත කළ යුතුය.
මක්නිසාදයත්, ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නිශ්චිත ජන කණ්ඩායමක් තුල වැඩිපුර ජනතා කැමැත්ත ඇති කණ්ඩායමට එම අයිතිය ඇත.
ජනතාවගේ කැමැත්ත තමන්ගේ උරුමයක් යැයි සිතාගෙන, ජනතාව විසින් පලවා හරිනු ලැබීමෙන් අනතුරුව ද වැලේ වැල් නැතුව සිටින දේශපාලන කණ්ඩායම් සහ පක්ෂවලට මේ සරල සත්‍යය අවබෝධ කරගන්නට බැරුවා නොවේ. එහෙත් ඔවුන්ගේ උත්සාහය ජනතාව තමන්ව දිගින් දිගටම ප්‍රතික්ෂේප කලත් මජර දේශපාලන ව්‍යාපෘති දියත් කර විකෘති බහුතරයක් පෙන්වමින් බලයේ සිටීම හෝ බලය ලබා ගැනීමය.
ශ්‍රී ලංකාවේ දේශපාලන පැවැත්මේ වාසනාවට එවන් නරුම දේශපාලන කණ්ඩායම් සහ පක්ෂවලට කොළඹ මහ නගර සභාවට ජාතික ජන බලවේගයට පරිබාහිරව තේරී පත්වූ සභිකයන් 13 දෙනෙකු විසින් ඉතා ප්‍රබල කනේ පාරක් එල්ල කර ඇත.
ලෝකයේ ඕනෑ තරම් ඡන්ද විමසීම් වලදී 50% එකට වැඩි බහුතරයක් ලබා ගෙන නැති පක්ෂ හෝ කණ්ඩායම් පාර්ලිමේන්තුවේ හෝ පළාත් පාලන ආයතන තුළ පාලන බලය පිහිටුවා ඇත. එහෙත් එසේ කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇත්තේ සෙසු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වලට වඩා මන්ත්‍රීවරුන් හෝ සභිකයන් සිටින පක්ෂයකට හෝ කණ්ඩායමකට පමණි.
එබැවින් කොළඹ මහ නගර සභාවේ පමණක් නොව අනෙකුත් බොහෝ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල බලය ස්ථාපිත කර ගැනීමේ සදාචාරාත්මක අයිතිය මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී වැඩි සභිකයන් පිරිසක් තේරී පත් වූ ජාතික ජන බලවේගයට ඇත.
කොළඹ නගර සභාවේ නගරාධිපති හෝ නගරාධිපතිනිය තෝරා ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති නිර්වචනය නැවත සලකා බැලීමක් වනු නියත බව අවධාරණය කරමින් ආරංචි රාළ අද උදෑසන (16) විශේෂ පණිවිඩයක් තම පාඨකයින් සමග බෙදා ගත්තේ ඒ නිසාය.
මැයි 06 වෙනිදා පලාත් පාලන ජන්ද විමසීමේදී කොළඹ මහ නගර සභාව බල ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩි පිරිසක් විසින් මාලිමාවේ නගරාධිපති අපේක්ෂිකාව නගරාධිපතිනිය විය යුතු යැයි තීරණය කර තිබුණි. අද දින එය තහවුරු විය.
මෙතැන් පටන් කොළඹ මහ නගර සභාව ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින නගර සභාවක් මිස එහි සභිකයන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී සිටින්නක් නොවනු ඇත.
ව්‍රායි කැලී බල්තසාර්,ඇය එය කොළඹ ජනතාවගේ නගර සභාවක් බවට පරිවර්තනය කිරීමට නායකත්වය දෙනු ඇත.
ආරංචි රාළ 2025.06.16 ; 118 වන දිගහැරුම
Comments
Post a Comment