ශ්‍රී ලංකාව ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇති කැපවීම  CRPD ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී නැවත තහවුරු කරයි.

නිව්යෝක් , 2025 ජූනි
; එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වූ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව සම්මුතියේ (CRPD) රාජ්‍ය පාර්ශවකරුවන්ගේ 18 වන සම්මන්ත්‍රණයට එක්වෙමින් ශ්‍රී ලංකාව, ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, ගරුත්වය සහ සම්පූර්ණ සමාජ සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා ඇති කැපවීම නැවත තහවුරු කළාය.

මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීමේ අමාත්‍ය  ගරු (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා සදහන් කළේ 2016 දී CRPD සම්මුතිය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව එහි මූලික වටිනාකම්වලට අනුකූලව ජාතික නීති ගැසීම සඳහා නිරන්තර පියවර ගෙන ඇති බවය.

"ශ්‍රී ලංකා රජය ආයතනික යාන්ත්‍රණ ශක්තිමත් කිරීම, මහජනතාවගේ අවබෝධය වැඩි කිරීම, සහ ආබාධිත පුද්ගලයින්ගේ අර්ථවත්  සහභාගිත්වය සදහා දිරිගැන්වීමට කැපවී සිටීන " බව අමාත්‍ය පන්නිලගේ මහතා පැවසිය.


අන්තර්කරණය සහ ව්‍යවසස්ථාදායකය තුල සහභාගිත්වය.

සමාජ සාමූහිකභාවය සඳහා රජය විසින් ඉතිහාසගත පියවරක් ලෙස ජාතික ලැයිස්තුව හරහා  දෘශ්‍යාබාධ සහිත  පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව ඔස්සේ  පත් කිරීම සිදු කර ඇත. මෙය නීතිමය ක්‍රියාවලියේදී ආබාධ සහිත පුද්ගලයින්ගේ සෘජු නියෝජනය සහතික කරයි.

දැනට සිදුවමින් පවතින ප්‍රධාන වැඩසටහන් අතර, ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පතක් සකස් කිරීම විශේෂ ස්ථානයක් ගනී.

එය CRPD සම්මුතියේ සම්මතයන්ට අනුකූලව ගෞරවය, සමානත්වය සහ සම්පූර්ණ සමාජ ඒකාබද්ධතාවය වර්ධනය කිරීමේ නීතිමය පදනමක් වනු ඇත.

ඒත් සමඟම, සංඥා භාෂාව නීතිමය අයුරින් පිළිගැනීම සඳහා නව පනත් කෙටුම් පතක් සකස් කරමින් පවතින අතර, ශ්‍රවණ ආබාධ පිරිස සඳහා සන්නිවේදන පහසුකම් සැලසීමේ වැදගත්කම එයින් අවධාරණය කරයි.

පවතින ප්‍රවේශ හැකියාවන් සම්බන්ධ නියමාවලිය යළි විමර්ශනය කරමින්, නව ප්‍රතිපත්ති සකස් කිරීමත්, ගෝලීය යහපත් තත්වයන්ට  යාවත්කාලීන වීමත් සිදුවෙයි.

සමස්ත රටම ආවරණය වන පරිදි ජාතික දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද සැලසුම් කර ඇති අතර, එය සනාථ කරගත හැකි ප්‍රතිපත්ති හා ඉලක්කගත සමාජ වැඩසටහන් සඳහා සහය වීමට නියමිතය.

මිට අමතරව, ජාතික අබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම සහ සම්පූර්ණ ජාතික ක්‍රියා මාර්ගසටහනක් සකස් කිරීමත් සිදුවෙමින් පවතී.

අන්තර්කරණය  සහ රැකියා අවස්ථා සදහා සහාය

ආබාධ සහිත පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රජය රෝහල් පහසුකම් , නිවාස, අධ්‍යාපන, රැකියා සහ ප්‍රවේශය ඇතුළු ක්ෂේත්‍රවල  වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ අන්තර්කරණ  රැකියා අවස්ථා නිර්මාණය කිරීම , ඒ සඳහා රැකියා ගැලපීම, කුසලතා සංවර්ධනය, වෘත්තීය මාර්ගෝපදේශනය, සහ බඳවා ගැනීමේදී සහාය වැනි ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක වේ.

සේවාවාහීන් සමඟ එක්ව වැඩ කිරීමෙන් තිරසාර සහ අන්තර්කරණ  රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමටත් උත්සාහ ගනු ඇත.

ඩිජිටල් ප්‍රවේශය සහ ජාත්‍යන්තර සබඳතා

ඩිජිටල් අන්තර්කරණය  උදෙසා, 11/2024 ව්‍යවෘත්තයචක්‍රලේඛනය  නිකුත් කරමින්, සියලු රාජ්‍ය ආයතන වල නිල වෙබ්අඩවි හා ඩිජිටල් වේදිකා සඳහා Unicode-අනුකූල අකුරු භාවිතය අනිවාර්ය කර ඇත.

මෙවර CRPD සමුළුවේ සභාපති තනතුර ශ්‍රී ලංකාව විසින් දැරීම, ජාත්‍යන්තර වේදිකාවේදී ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාවට   නායකත්වයේ කාර්යභාරයක් ඉටුකළ හැකිවනු ඇත.

"සෑම පුද්ගලයෙකුටම අන්තර්කරන්යවූ  සමාජයක් ගොඩනැගීම සඳහා, දීර්ඝකාලීන සහයෝගය, අනුග්‍රහය සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ සක්‍රීය සහභාගිත්වය අවශ්‍ය වේ," යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.


"මෙම වසරේ අග භාගයේදී පැවැත්වෙන දෙවැනි ලෝක සමාජ සංවර්ධන සමුළුව වෙත ගමන් කිරීමේදීද, අපට අධ්‍යාපනය සහ හැඟීම් ඇති කිරීම ඔස්සේ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඇති ව්‍යුහාත්මක බාධක සාර්ථකව හඳුනාගෙන විසඳීම අත්‍යවශ්‍ය වේ."

අමාත්‍ය පන්නිලගේ තම දේශනය අවසන් කරමින් CRPD සම්මුතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම නැවත තහවුරු කරන අතර, කිසිවෙකු පසුබැසීමෙන් තොර ලෝකයක් ගොඩනඟා ගැනීමට ජාත්‍යන්තර සන්ධානවල එකමුතුව අනිවාර්ය බව අවධාරණය කළේය.

 

ආරංචි රාළ 2025.06.13 - 115 වන දිගහැරුම

 



Comments

Popular posts from this blog