දිවි ගමනේ 90 වන සැතපුම් කනුව පසුකරන ලේරින්ස් පිරිස් නම්වූ ඔහු!

සමාජ සාධාරණත්වය ජීවිතය කරගත් විද්‍යා ගුරුතුමා

ආරංචි රාළ  කිසිදු චකිතයකින් තොරව එතුමාව ලෙරින්ස් පිරිස් ගුරුතුමා යයි ආමන්ත්‍රණය කරයි. ඒ ඔහුගෙන් පාසලකදී හෝ පන්තියකදී විද්‍යා හෝ වෙනත්  විෂයයක් ඉගෙන ගත්ත නිසා නම් නොවේ. සැබවින්ම සමාජය ජිවිතයේ භාවිතය පිලිබදව බොහෝදේ  ඉගෙනගත් නිසාය. ගුරුවරයකු ලෙස ගතකළ කාලයට වඩා වැඩි කාලයක් ඔහුගේ කාලයෙන් ගතවුයේ ජනතාව දැනුමෙන් සහ අධ්‍යාත්මිකව බලවත් කරවීම සදහාය. ඔහු එය හරියටම කළේය.

ආරංචි රාළට එතුමා හමුවන්නේ මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ වැඩසටහන් හරහාය. ඒ අතරතුර කිතුනු ගුරු එකතුවේ ජාතික කැඳවුම්කරුවා ලෙස අවස්ථා කීපයකදී ඔහුව හඳුනා ගන්නට ද ආරංචි රාළට හැකිවිය.

ඔහු පිළිබඳව මතකය බොහෝ විට ආරංචි රාළ තුළ පවතින්නේ ලෙරින්ස් පිරීස් ගුරුතුමාට සමාජ විග්‍රහයන් කිරීමට තිබූ අද්විතීය හැකියාව නිසාය.

 නියත වශයෙන්ම එතුමා සිසු ජීවිතය ගත කරන සමයේදී සහ තරුණ අවධියේදී කතෝලික පල්ලිය සමඟ සහ කතෝලික පියතුමන්ලා සමඟ ලොකු ඇසුරක් තියෙන්නට ඇතැයි ආරංචි රාළ විශ්වාස කරයි.

මිගමුව දුව පාස්කු ගම්මානයේ උපත ලද කෙනෙකු වූ එතුමා අතිශයින්ම ප්‍රගතිශීලි දේශපාලන සහ සමාජ මතවාදයක් දරු කෙනෙකි.

විශේෂයෙන් පාසල් සිසුවකුව සිටි කාලයේදී  ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයේ (YCS - Young Christian Students)ට සම්බන්ධ වී සිටියා විය යුතුය. එම ව්‍යාපාරයේ පුරෝගාමීයා වූ කාඩයිල් රදගුරු තුමාගේ ක්‍රමවේද වූ  "දැක්ම, විග්‍රහය සහ අවබෝධය" යන ක්‍රමවේදය ඔස්සේ සමාජයේ සමාජ කාර්යභාරය ඉදිරියට රැගෙන ගිය ලෙරින්ස් පීරිස් ගුරුතුමා ව්‍යාපෘති සම්පාදනයේ රුසියකි.

එසේම ඔහු ව්‍යාපෘති නියාමනය සහ ඇගයීම සඳහා වෘත්තීයමය අත්දැකීම් තිබූ කෙනෙකි. තම තරුණ වියේදී ධිවර ජනතාව සමුපකාර ව්‍යාපාරය සමග සම්බන්ධ කරවීමට විශාල කාර්යභාරයක්  කළ එතුමා මිගමුව ධිවර සමුපාකාර ව්‍යාපාරය ගොඩනැගීමට ලොකු දායකත්වයක් ලබා දුන්නේය.

ඉතා දක්ෂ ලෙස සිංහල සහ ඉංග්‍රීසි බස හැසිරවීමේ හැකියාව තිබීම නිසාම ඔහුට සමාජයේ ඕනෑම තැනක කටයුතු කිරීමේ හැකියාව තිබුණි.

ඉතා පරිස්සමින් තමාගේ වචන හසුරුවන ලෙරින්ස් පීරිස් ගුරුතුමා හැමවිටම තම මුවින් පිටවන වචන වලට ගෞරවාන්විත අර්ථයක් දෙන්නට උත්සාහ කළ කෙනෙකි.

ඔහු පොත් ගණනාවක් රචනා කර ඇති අතර මරිය මව්තුමිය කෙරෙහි  ඔහුට තිබුණේ දැඩි ගෞරවයක් සහ ආදරයකි. මිගමුව ජනාවබෝධ කේන්ද්‍රයට අමතරව ඔහුගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ ආරම්භවූ ජනෝදය  ව්‍යාපාරය ඔස්සේ අඩුආදායම් ලබන පවුල්වල කාන්තාවන් සංවිධානය කිරීම සැබවින්ම අගය කළ යුතුය.

මුතුරාජවෙල සුරැකීම සහ එය ඔස්සේ විවිධ විකල්ප සංවර්ධන වැඩසටහන් පිළිබදව එතුමා ඉදිරිපත් කර ඇති යෝජනා පෙරාදාට වඩා වලංගු වන්නේ අදටය.

පසුගිය 30 වෙනිදා ජිවන ගමන්මගේ 90 සැතපුම් කනුව පසුකල  ලේරින්ස් පිරිස් ගුරුතුමාට ආරංචි රාළ තම සුභාශිංසන පිරිනමයි.

 

ආරංචි රාළ : 2025.06.14 : 116 වන දිගහැරුම.

 

ඡායාරුපය: දිනුෂ නානායක්කාර,

නිකොන් ස්ටුඩියෝ, රියලිටි ප්ලාසා ජා ඇල

 

Comments

Popular posts from this blog