අබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණ ක්‍රියාවලියේදී දේශසීමා සහයෝගිතාව අතිශයින්ම වැදගත්!
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ක්‍රියාකාරිනි රසාංජලි අවධාරණය කරයි.
Zero Project – ප්‍රවේශවීමේ නවෝත්පාදනයට ශක්තිය (Powering Accessibility Innovation) 2025, ආසියා පැසිෆික් සම්මන්ත්‍රණය 2025, සිංගප්පූරුවේ Enabling Village හිදී 2025 සැප්තැම්බර් 18 වන දින පවත්වන ලදී.
අබාධ සහිත කාන්තාවන්ගේ ජාතික සංසදයේ (Nation Forum of Women with Disabilities - NFWD) නිර්මාතෘ සභාපති/ප්‍රධාන විධායක නිලධාරීණිය වන රසංජලී පතිරගේ මහත්මිය මෙම සම්මන්ත්‍රණයට මණ්ඩල කථිකා සාමාජිකාවක ලෙස සහභාගී වූවාය.
#ZeroProject විසින් #SGEnable සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම සුවිශේෂී සම්මන්ත්‍රණය "ප්‍රවේශවීමේ නවෝත්පාදනයට ශක්තිය" (Powering Accessibility Innovation) කෙරෙහි අවධානය යොමු කළ අතර – ආසියානු කලාපය පුරා ආබාධ සහිත පුද්ගලයන්ගේ ජීවිත පරිවර්තනය කිරීම සඳහා ප්‍රවේශවීමේ හැකියාව සහ තාක්ෂණය ක්‍රියා කළ හැකි ආකාරය මෙහිදී සංවාදයට ගන්නා ලදී.
සිය ඉදිරිපත් කිරීමේදී පතිරගේ මහත්මිය,
* ආබාධ සහිත පුද්ගලයින් අන්තර්කරණය කිරීමේදී දේශසීමා සහයෝගීතාවයේ වැදගත්කම,
* ප්‍රජා මට්ටමේ ක්‍රියාකාරකම් , ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීම සහ නව්‍ය ආර්ථික සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා NFWD හි කාර්යභාරය,
* කලාපීය සන්ධාන ශක්තිමත් කිරීමේ, නායකත්වය සහ ඩිජිටල් කුසලතා පුහුණුව ලබා දීමේ සහ සමාජගත වීම හා ආර්ථික වර්ධනය යන දෙකම මෙහෙයවන ප්‍රවේශ විය හැකි සංචාරක ආකෘති ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිලිබදව විශේෂ අවධානය යොමුකලාය.
කලාපයේ සහ ලෝකයේ රටවල් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ.
ආරංචි රාළ : 2025.09.27 : 143 වන දිගහැරුම



Comments
Post a Comment