Posts

Showing posts from January, 2025
Image
  ආණ්ඩුවේ ජාතික ඒකාබද්ධතාවය ( National Integration)   මහා පොළොවේ පැල කළ හැක්කේ අන්තර්කරණ ( Inclusion ) ක්‍රියාවලියක් තුලිනි.   තමන්ගේ බලය තහවුරු කරගැනීම සදහා පාරම්පරික දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම නැගෙනහිර කේන්ද්‍ර කරගෙන ගොඩනැගුනු මුස්ලිම් දේශපාලන පක්ෂ වලට තමන්ගේ ජනතාව වෙනුවෙන් කේවල් කිරීමට එම  ජනතාව බෙදාවෙන්කරන කිසිදු තත්ත්වයක් මේ වනවිට ඉතිරිවී නැත. කෙසේවුවද  ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය  පවත්වන අවස්ථාව වනතෙක්ම මේ පාරම්පරික දෙමල සහ මුස්ලිම් නායකයෝ  ඒ බව පිළිනොගත්තේ ජාතික ජන බලවේගය ඔවුන්ගේ කොන්දේසි වලට එකග නොවුන නිසාය. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලිම් යැයි කියමින් මේ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ     කෘතිමව පවත්වාගෙන යන පිළුනුවූ   ඊනියා බලය බෙදාහැරීම සහ දහතුනට එහාගිය (13 +) විසදුමකට එකගව බලය ලබා ගැනීමට උත්සාහ කලද බහුතර දෙමළ ජනතාව ඔවුන් දෙදෙනාවම ප්‍රතික්ෂේප කර ජනාධිපතිවරණයේදී   ජාතික ජන බලවේගයේ අනුර දිසානායක සහෝදරයාට පැහැදිලි සහයෝගයක් ප්‍රකාශ කළ අතර මහා මැතිවරණයේදී උතුරු නැගෙනහිර පැහැදිලි ජයග්‍රහණ...
Image
බහිරවයන්ගෙන් රේගුව  ගලවා ගන්නේ නම් ආණ්ඩුවට අවශ්‍ය ආදායම ගලාගෙන එන්නේ කලා වැවේ සොරොව්ව විවෘත කළ විට ජලය ගලා එන්නා සේය . ජාත්‍යන්තර රේගු    දින සැමරුමේදී රේගු අධ්‍යක්ෂක ජෙනරාල් සහ ජනපති අනුර දිසානායක ආරංචි රාළ කාටවත් චරිත සහතික ලියන්නේ නැත.  ඒත් වර්තමාන රේගු දෙපාර්තුමේන්තුවේ ඉහළ කළමනාකරණය මේ රටේ ආණ්ඩුවේ සහ ජනතාවගේ අපේක්ෂාවන්ට සාධාරණත්වයක් ඉටු කිරීමට ලොකු වෙහෙසක් දරන බව නං ඉතා පැහැදිලියි . රාජ්‍ය අදායමේ සුවිශේෂී වූ පංගුවකට දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා රේගුවයි. මේ අනුව ශ්‍රී ලංකා රේගුවට ආණ්ඩුව ලබා දී ඇති අති විශාල ආදායම් ඉලක්කය වෙත ලගාවීමට රේගුවේ ඉහළ කළමනාකරණය   ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් දියත් කර ඇති බව කිව හැක. පසුගියදා පැවති ජාත්‍යන්තර රේගු දිනය සැමරීමේදී රේගූ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා මේගැන සදහන් කල අතර ජනාධිපතිවරයාද ඒගැන පැසසුම් සහගතව කතා කළේය. කෙසේ වෙතත් මේවනවිට රේගුව තුල සිරවී ඇති බහලුම් ඉක්මනින් ඉවතිකිරීමට වැඩපිළිවෙලක් රේගුව සකස් කළ යුතුබද ජනාධිපතිවරයා අවධාරණය කළේය. බංකොලොත් වූ රටක් නැවත ගොඩනැගීමේදී රාජ්‍යය ආදායම කිසියම් ස්ථාවර මට්ටමකට පවත්වා ගැනීම සහ ඒ ...
Image
ඉන්දියානු දුෂිත වායුව ශ්‍රී ලංකා අහස්තලය ආක්‍රමණය කරයි ! පරිසම්වෙන්න! මධ්‍යම  පරිසර අධිකාරයෙන් අනතුරු ඇගවීමක්! අද ශ්‍රී ලංකාවේ  ප්‍රදේශ බොහොමයක අහස වැහි මන්දාරම් ගතියකින් යුක්ත වුවත් එය එවැනි  සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් නොවන බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පවසති .   උතුරු දෙසින් හමා ආ තද සුළඟ සමග ඉන්දියානු  අහසේ පැවති දූෂිත වායුව දැන් ශ්‍රි ලංකා අහස් තලයට තල්ලු කර ඇත.මෙය අතිශයින්ම සෞඛ්‍යයට අයිතිකර තත්ත්වයකි. බලධාරීන් විසින් ඒ පිළිබඳව  මේ වන විටත් ජනතාවට අනතුරු ඇඟවීම් කර ඇත. කාර්මිකරණය සමඟ වායුගෝලය දූෂණය වීම වැළැක්විය නොහැකි යථාර්ථයක් වන අතර මේ පිළිබඳව සමස්ථ ලෝකයේම අවධානය දැඩිසේ යොමු වී ඇත. දේශගුණය පිළිබඳව පැරිස් සම්මුතිය ඉදිරියට පැමිණෙන්නේ මේ නිසාය. ඒ සඳහා ලෝකයේ රටවල් බොහොමයක් එකඟවන අතර තමන්ගේ සංවර්ධන ක්‍රියාවලියේදී වායුගෝලයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කර ගැනීමට එම සම්මුතිය මගින් බොහෝ රටවල් කිසියම් එකඟතාවයකට පැමිණ ඇත. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන  ආගමනය සමඟ ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්ව ඇති අතර එය ලෝකයේ දේශගුණික සමතුලිතතාවයට ත...
Image
මියන්මාරයේ රෝහින්‍යයා සරණාගතයෝ,  ආණ්ඩුවේ කරුණාව සහ  NGO  අදෝනාව! පසුගිය දශක තුනක කාලයේ පටන් ලෝකයේ දිනෙන් දින වර්ධනය වන  අභ්‍යන්තර සහ බාහිර යුධ තත්ත්වයන් නිසා පීඩාවට පත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සරණාගතයන් ලෙස රටවල් ඇතුළත ගැටුම් නොමැති ප්‍රදේශවලටත්, තවත් කණ්ඩායම්  බාහිර රටවලටත් ජීවිත රැකවරණය සඳහා පැමිණ ඇත. සිරියාව, යේමනය, පලස්තීනය, යුක්රේනය, ඇෆ්ඝනිස්තානය, ඉන්දීය/ පකිස්ථානු කාශ්මීරය,  මියන්මාරය ඇතුළු අප්‍රිකාවේ විශාල රටවල් සංඛ්‍යාවක් මේ සරණාගතයින් ලෝකයට බිහි කරන ලදී. 1983 වනවිට දරුණු තත්ත්වයකට පත් වූ ශ්‍රී ලංකාවේ යුද්ධය ද ලක්ෂ සංඛ්‍යාත සරණාගතයන් පිරිසක් බිහිකළ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කැනඩාව ඇමරිකාව සහ යුරෝපීය රටවල් ගණනාවක රැකවරණය පතා ගිය අතර මේ වන විට වැඩි දෙනෙක් එම රටවල පුරවැසියන් බවට පත්ව ඇත. 2009 මැයි මාසය වන විට ශ්‍රී ලංකාව තුළ පැවති යුධමය වාතාවරණය සම්පූර්ණයෙන්ම පහව යාමත් සමඟම ඇෆ්ඝනිස්තානය,  පකිස්ථානය සහ මැද පෙරදිග රටවල් කීපයකින්ම සරණාගතයන් ලෙස සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරටට  පැමිණ ඇත. සරණාගතයින් පිළිබඳව කතාව නැවතත් කරළියට එන්නේ පසුගිය දෙසැම්...
Image
සැකකරුවෙකුට ඇප ලබාදීම සාමාන්‍ය උසාවි ක්‍රියාදාමයක් ! අධිකරණ හා ජාතික ඒකාකබද්ධතා අමාත්‍ය පෞද්ගලික වෛර පිරි මසා ගැනීම සඳහා පට්ටපල් සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින් තමන්ගේ විරුද්ධවාදීන්   මාස, අවුරුදු ගණන් ඇප නොදී රිමාන්ඩ්   සිරභාරයේ තැබූ යුගයක් මේ රටේ තිබුණි. ඒවා සිදු වූයේ දේශපාලනික අවශ්‍යතාවයන් සඳහා මිස නීතියේ ප්‍රතිපාදන අනුවම නොවේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදීම පිළිබඳව වැරදි අදහසක් කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සමාජය තුළ පතුරවමින් පවතිනවා පමණක් නොව කලින් ආණ්ඩු වගේම ජාතික ජන බලවේගය ආණ්ඩුවත්,  වංචනිකයන්, දූෂිතයින් සහ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයම අනුගමනය    කරනවායැයි මතයක් ගොඩනගන්නටද උත්සාහ කරන බව පෙනෙයි. මේ පිළිබඳව අධිකරණ හා ජාතික ඒකාකබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන අදහස ජනගත කිරීම වැදගත් බව ආරංචි රාළ විශ්වාස කරයි. "සැකකරුවෙක් උසාවියට ඉදිරිපත් කළ විට ඇප ලැබෙනවා කියන්නේ ඔහු ඇය නිදහස් වෙනවා කියන එක නොවෙයි.  මේ දිනවල විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන මේ රටේ ජනප්‍රිය පවුලක සමාජිකයකුට ඇප ල...
Image
වංචනිකයින්,දුෂිතයින් සහ අපරාධකරුවන් නීතීය ඉදිරියට ගෙන ඒම දේශපාලන පලිගැනීමක් නොවේ! දේශපාලනයට ඍජුව සම්බන්ධ කෙනෙක් හෝ දේශපාලන පවූලක සාමාජිකයෙක් මේ    රටේ නීතියට පටහැනිව කිසියම් වංචාවක් දූෂණයක් හෝ අපරාධයක් කර ඇත්නම් ඔහු හෝ ඇය කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමයි. මහා අධිකරණය විසින් මිනීමැරුමකට වරදකරු කරන ලදුව එය අභියාචනාධිකරණය විසින් යළි තහවුරු කළ පසුව මරණ දඬුවම නියම කරනු ලැබූ වරදකරුවකුට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, ජනාධිපති සමාව ප්‍රදානය කළ අතර ඉන් නොනැවතී ඔහුව රජයේ ආයතනයක ඉහළම තනතුරකට පත් කිරීමට තරම් නීතිය තමන්ගේ පාලනය යටතේ බව පෙන්නු ජනාධිපතිවරුන් ගැන ජනතාවට හොඳට මතකය. පසුගිය කාලයේ මේ රට තුළ   දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවූ බව සැබෑය.   තමන් උපයාගත් මුදලින් අත්‍යාවශ්‍යම භාණ්ඩ පවා ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වී රට බංකොලොත් රාජ්‍යයක් බව ප්‍රකාශ කිරීමට ඒ ඊනියා පාලකයන්ට සිදුවිය. ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා පසුගිය සැප්තැම්බර් 21 වන දින පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ හෝ ඉන් අනතුරුව පැවැති මහා මැතිවරණයේදී...
Image
විනයගරුක ප්‍රවාහන සේවයක් සදහා   පද්ධතියේ බොහෝ දේ වෙනස්   කළ යුතුය. දැනට සති තුන හතරකට කලින් ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස කටයුතු කළ සහෝදරයෙක් අද දින පෞද්ගලික බස් රථයක කොන්දොස්තරයෙක් ලෙස සේවයේ යෙදී සිටින වට ආරංචි රාළට හමුවිය. දැනට මාස ගණනාවට කලින් සිදුවූ සුළු වරදක් නිසා(මුදල් ගෙන රු: 30/- ටිකට් පතක නිකුත් නොකිරීම නිසා )දැන් ඔහුගේ වැඩ තහනම් කර ඇත. ඉදිරියේදී ඔහුට  විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ. එතෙක්  ඔහු පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරයකු ලෙස කටයුතු කරයි. "මම හොරෙක් නම් මේ ප්‍රයිවෙට් බස් එකේ මට රස්සාව දෙන්නෙ නෑනේ" ඔහු කීවිට ආරංචි රාළගේ පපුව සීතල වී ගියේය. මේ ආරංචි රාළ වසර ගණනාවක් තිස්සේ හොඳින් හඳුනන කෙනෙක්. ඔහු ඉතාමත් අවංක කොන්දොස්තරවරයෙකි. ඊට හේතුව ඔහු අනිවාර්යයෙන්ම බස් රථයේ සෑම මගියෙකුටම ගෙවන මුදලට අනිවාර්යයෙන්ම ටිකත් පතක් නිකුත් කරයි. එහෙත් ඔහු මෙවැනි කතාවක් කීවේය. " මං ලංගම කොන්දොස්තරවරයෙක් විදියට වැඩ කරන්න අරගෙන අවුරුදු දාහතක් වෙනවා. අපිට මේ රැකියාව කරන කොට පොඩි පොඩි වංචාවන් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ කිසිම මුදලක් මම නම්  ගෙදර අරන් යන්නේ නෑ. උ...
Image
ට්‍රම්ප්ගේ  සංක්‍රමණිකයින්ගේ උපත් අයිතිය පිළිබද නියෝගය "පට්ට ව්‍යවස්ථා විරෝධී සහ අමු අමුවේ ඇමරිකානු ව්‍යවස්ථාව උල්ලංගණය කරන නියෝගයක්"                              එක්සත් ජනපද උපරිමාධිකරණ විනිසුරුවෙක් කියයි.   එක්සත්   ජනපද ජනාධිපති ලෙස නැවත තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපති ධුරයේ දිවුරුම්දීමත් සමග අත්සන් කරනු ලැබූ විධායක නියෝග කීපයක් අතර සංක්‍රමණිකයින්ගේ උපත් අයිතිය පිළිබද නියෝගය මේ වනවිට එරට ජිවත්වන සංක්‍රමණිකයන් අතර පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර අවධානයට ලක්ව ඇත. මේ අතර ආරංචි රාළට දැන ගන්නට ලැබෙන්නේ එරට උපරිමාධිකරණ විනිසුරුවකු විසින් එම නියෝගය සම්පුර්ණයෙන්ම එක්සත් ජනපද ව්‍යවස්ථාවට පටහැනි නියෝගයක්  ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවය. ඔහු එම නියෝගය හදුන්වන්නේ: "පට්ට ව්‍යවස්ථා විරෝධී සහ  අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංගණය කරන නියෝගයක් ලෙසය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය කියවන ඕනෑම කෙනෙක් එක්සත් ජනපදය විවිධ රටවලින් එරටට සංක්‍රමනයවූ සංක්‍රමණික ජනතාවගෙන් සැදුම් ලත් රටක් බව දනිති. සංක්‍රමණිකයින්ගේ...
Image
  කටුකුරුන්දේ 'සටන' ආසියාවේ බලවතා වන චීනයේ සංචාරය නිමවා පැමිණියා පමණය.ඒ නිසා මෙම කතාව රූපවාහිනිය/ගුවන් විදුලිය මගින් ජාතිය අමතා කළ යුතු කතාවක් බවට පත්කර ගත යුතුව තිබුණේය. අපට අවශ්‍ය වන්නේ ෆිදෙල්, මැන්ඩෙලා වැනි අවසානය දක්වාම ජනතාව මෙහෙය විය හැකි නායකයෙකි. මේ රටත්, ජනතාවත්  සංස්කෘතිමය, දේශපාලනමය සහ සමාජමය වශයෙන් සුද්ද පවිත්‍ර කළ යුතු බව විශ්වාස කළ එමෙන්ම ඒ සඳහා පියවර තැබූ ප්‍රථම රාජ්‍ය නායකයා නව ජනාධිපතිතුමා බව පවසන්නට ආරංචි රාළ කිසිවිටක පසුබට වන්නේ නැත.   මේ අතර ඊයේ පෙරේදා කටුකුරුන්දේදී ඔහු කළ ප්‍රකාශය තමන් විසින්ම ගොඩනගා ගනිමින් සිටි ප්‍රතිරූපයට එල්ල කරවාගත් පහරක් බවයි ආරංචි රාළ හිතෙන්නේ. එය එළිමහනක ජනතාව රැස්කරවා පවත්වන ලද දේශපාලන රැස්වීමක ස්වරූපය ගත්තේය. එහෙත් එය එසේ නොකළ යුතුව තිබිණි. ඔහුට ජනතාවට හෙළි කිරීමට බොහෝ කරුණු තිබුණු බව සැබෑය. ඇරත් ඔහු ආසියාවේ බලවතා වන චීනයේ සංචාරය නිමවා පැමිණියා පමණය.ඒ නිසා මෙම කතාව රූපවාහිනිය/ගුවන් විදුලිය මගින් ජාතිය අමතා කළ යුතු කතාවක් බවට පත්කර ගත යුතුව තිබුණේය. එය දේශපාලන රැළියකු පවත්වන කතාවක ස්වරූපය ගැනීමෙන් විචක්ෂණශීලී සහ සංයමශ...
Image
ඇමෙරිකාව සංක්‍රමිකයින්ගේ රටක් ! ගරු මරාන් එඩ්ගාර් බුඩේ බිෂොප්තුමිය ඩොනල්ඩ් ට්‍රම්ප් ට මතක් කර දෙයි. දිවුරුම් දීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස විධායක නියෝග ගණනාවකට අත්සන් කළේය. සංක්‍රමිකයන්ගේ භුමියේ උපන් අයිතිය, ස්ත්‍රී - පුරුෂ වශයෙන් මිස වෙනත් ලිංගික අනන්‍යතාවයන් ඇමෙරිකාවේ නැතිබව සහ පැරිස් පරිසර සම්මුතියෙන් ඉවත්වීම, ඒ අතරින් ප්‍රධාන වන නියෝගයන් කීපයකි. මෙම නියෝග ක්‍රියාත්මක කිරීමට ඔහුට සෙනෙට් අනුමැතිය මෙන්ම ශ්‍රේෂ්ඨධිකරණයේ අනුමැතිය ගත යුතුව ඇතත් ඔහුගේ මේ නියෝග බොහෝ දෙනෙකු භීතියට පත්කර ඇත . ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දෙන දිනයේ පවත්වන විශේෂ දේව මෙහෙයකදී ගරු මරාන් එඩ්ගාර් බුඩේ බිෂොප්තුමිය තම දේශනාව අතරේදී මේ නියෝග පිලිබදව සදහන් කරයි. “ ජනාධිපතිතුමනි, මට අවසාන වශයෙන් එක් ඉල්ලීමක් කිරීමට ඉඩ දෙන්න. මිලියන ගණනක් ඔබ කෙරෙහි විශ්වාසය තබා ඇති අතර, ඔබ ඊයේ ජාතියට පැවසූ පරිදි, ඔබට ප්‍රේමණීය දෙවි කෙනෙකුගේ භාරකාර හස්තය දැනී ඇත. දැන් බයවෙලා ඉන්න අපේ රටේ මිනිස්සුන්ට අනුකම්පා කරන්න කියලා අපේ දෙවියන්ගේ නාමයෙන් මම ඔබෙන් ඉල්ලනවා. ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් සහ ස්වාධීන දේශපාලන පක්ෂ වල ...