වංචාවලට උදව් කර ප්‍රතිලාභ ලැබූ රාජ්‍ය නිලධාරීන් නීතිය ඉදිරියට කැදවීමට පාර්ලිමේන්තුව නව නීති ගෙන ආ යුතුයි!
රුපවාහිනි නාලිකා කීපයක් ඔවුන්ගේ දවසේ ප්‍රවෘර්ති විකාශනයන් ඔස්සේ පසුගිය පාලන සමයේදී කෝටි ප්‍රකෝටි මුදල් ප්‍රමාණයක් වැයකරමින් ඉදිකිරීමට පටන්ගෙන අතර මග නතරකර ඇති ගොඩනැගිලි, පාලම් වැනි ව්‍යපෘති සහ ඒ සදහා වැයකරන ලද සහ අද නාස්තියක්වී ඇති ජනතාවට අයත් මහා ධනස්කන්දය ගැන ඇසෙන දකින විටමේවා පසුපස සිටි සැම දෙනාටම මඩු වලිගයෙන් පහරදී කෙසේ හෝ මේ මුදල් නැවත අයකර ගතයුතු බව ආරංචි රාළට සිතේ.
මේ ගැන විශේෂයෙන් තොරතුරු සොයන ජනෝදනයේ ආචාර්ය ඇලෙක්ස් පෙරේරා සමග කල කතා බහේදී ඔහු පැවසුවේ මෙවැන්නකි.
"පසුගිය කාලය පුරාම ලංකාවේ දූෂණ හා වංචා ආදි කටයුතු සඳහා දේශපාලනඥයින්ගේ සහභාගිත්වය සහ මැදිහත්වීම අතිශයින්ම සිදුවූ බව කවුරුත් දන්නා කරුණක්. එහෙත් බොහෝ දෙනෙකු දන්නා එහෙත් ගැඹුරින්ම අවධානය යොමු නොකොට ඇති කාරණයක් වන්නේ එවන් වංචා හා දූෂණ සම්බන්ධයෙන් පාර කැපූ හා ඒවාට අවශ්‍ය පසුබිම සකස් කළ සහ එම වංචා දූෂණවලට සම්බන්ධ වෙමින් ඒවායින් ප්‍රතිලාභ ලැබූ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධතාවයයි."
තවදුරටත් මේ ගැන කතා කරන ආචාර්ය ඇලෙක්ස් පෙරේරා ; "මේ පිළිබඳව කරුණු සොයා බැලීමේදී පැහැදිලි වන කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ මෙම ආකාරයට තමන්ගේ රාජකාරිය අපයෝජනය කරන නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිශ්චිත නීති පද්ධතියක් සකස් වී නොමැති" බව පවසයි. එහෙත් ෆීජී දිවයින්, උගන්ඩාව සහ කෙන්යාව ආදී බොහෝ රටවල්වල මේ සඳහා විශේෂ නීති සකස්කර ඇති බව පෙන්වා දෙන ඔහු, එම නිතිය රාජකාරී අපයෝජනය කිරීම හෙවත් ඇබියුස් ඔෆ් ඔෆිස් (Abuse Of Office) නමින් හදුන්වයි.
අද අප සිටින්නේද, මෙවැනි නීති පද්ධතියක් අත්‍යවශ්‍ය වන වකවානුවකයි. ඒ නිසා වර්තමාන පාර්ලිමේන්තුව තුළ මේ සඳහා නීති සම්මත කිරීමට
බලකරන ආචාර්ය ඇලෙක්ස් පෙරේරා ඒ සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් සකස් කොට මේ වනවිටත් ජාතික ජන බලවේගයේ වගකිව යුතු පුද්ගලයින් වෙත යවා ඇත.
ආචාර්ය ඇලෙක්ස් පෙරේරා විසින් ගෙන ඇති මේ පියවර මේ රටේ නීති විශාරදයන්, නීතිඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේද අවධානයට යොමුවිය යුතු අතර ඒ සදහා ජනමතයක් ගොඩනැගීම අවශ්‍ය බව ආරංචි රාළ ගේ අදහසයි.
ආරංචි රාළ
Comments
Post a Comment