ඉන්දියාව සහ චීනය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා සමතුලිතව පවත්වාගැනීමේ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අභියෝගය?
ජනපති අනුර කුමාර දිසානායක මේ අභියෝගාත්මක යථාර්තය ඉතා හොදින් අවබෝධ කරගෙන ඇති බව පසුගියදා ඔහු ඉන්දියාවට සහ චීනයට කල නිළ සංචාර වලදී අපි දුටුවෙමු.
2020 සංඛ්‍යාලේඛනවලට අනුව, එම වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආනයන ප්‍රභවය වී තිබුනේ චීනයයි. එය මුළු ආනයනවලින් 22% ක් වූ අතර ඉන්දියාවෙන් 19.2% කි. ශ්‍රී ලංකාවේ අපනයනය දත්ත ගත් කල, චීනය දිවයිනේ මුළු අපනයනයෙන් 2.35% ක් පමණක් වන අතර ඉන්දියාව ශ්‍රී ලංකාවේ මුළු භාණ්ඩ අපනයනයෙන් 6.11% කි. සරලව ගත් විට ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳාමේ අඛණ්ඩ වර්ධනය සඳහා ඉන්දියාව සහ චීනය සමඟ සුහද සබඳතා පැවැත්වීම අත්‍යවශ්‍ය වේ.
දකුණු ආසියාවේ භූ දේශපාලනික සහ භූ ආර්ථික ගතිකත්වයට චීනය කර ඇති බලපෑම සාපේක්ෂ වශයෙන් අධ්‍යයනය කර නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස, බීජිං සහ නවදිල්ලිය සමඟ සැලකිය යුතු වෙළෙඳ සහ දේශපාලන සබඳතා ඇති ශ්‍රී ලංකාව දෙපාර්ශවය සමඟ සබඳතා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න වැදගත්වේ.
ශ්‍රී ලංකාව ඉන්දු-චීන තරඟය සඳහා රංග භූමියක් කර ගැනීමට ඉඩ නොදී මේ බලවතුන් විශාල ආයෝජන හරහා අප වැනි කුඩා රාජ්‍යයන් ඔවුන්ගේ කක්ෂය දෙසට ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන විට අපි අපගේ ජාතික අවශ්‍යතාවයන් මතුකර ගැනීමට උත්සාහ කළ යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ වරාය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සොයා බැලීමෙන් සහ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ චීනය අතර මහා බල තරගයක් ප්‍රකාශ වන බව ආරංචි රාළට සිතෙයි. ශ්‍රී ලංකාවේ උත්සාහය ආර්ථික සංවර්ධනයේ ශ්‍රී ලංකාවේ මූලික ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ ඉදිරියට ගෙන යාම විය යුතුය..
එසේම ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාව පිලිබදව මෙතරම් උනන්න්දුවක් දක්වන්නේ මන්දැයි අප සොයා බැලිය යුතුව ඇත. 2019 සහ 2021 කාලයේ කොළඹ වාරයේ බටහිර ජැටිය සහ හම්බන්තොට වාරය ව්‍යාපෘති සඳහා ඉන්දියාව සහ චීනය සැලකිය යුතු ලෙස මැදිහත් විය. කොවිඩ් වසංගත සමයේදී එන්නත ලබාදීමට දෙරටම තරගයට මෙන් ඉදිරිපත් විය.2022 ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍ය යක් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවද දෙරටම යම් මුල්‍ය සහනාධාර ලබාදීමට ඉදිරිපත් විය.
චීනය බොහෝ අවස්තාවලදී ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සදහා වසර ගණනාවක සිට ආර්ථිකමය ලෙස මැදිහත්ව සිටින අතර ලගම සිටින බලවත් අසල්වැසියා ලෙස ඉන්දියාව දේශපාලනික මැදිහත්වීම් කළාය. උතුරු නැගෙනහිර යුද්ධය අවසාන කිරීමට 13 වන සංශෝධනය ගෙන ඒමට ඉන්දියාව කළ දැඩි මැදිහත්වීම් වල ප්‍රතිපල අප තවමත් විදිමින් සිටින්නෙමු.
ආරංචි රාළට සිතෙන්නේ මේ මහා බලවතුන් දෙදෙනා ලෝකයේ සහ ආසියාවේ තමන්ගේ ස්ථානය රැකගැනීම සදහා අපේ ආර්ථිකයටත් අපේ දේශපාලනයටත් කෙලින්ම බලපෑම් කරන අතර ඒ කිසිවක් නොසලකා සිටීමට අපට හැකියාවක් නැති බවය.
පසුගිය දසක දෙකක කාලය තුල මේ රට පාලනය කල පාලකයෝ චීනයේ සහ ඉන්දියාවේ එම බලපෑම තමන්ගේ වාසිය වෙනුවෙන් උපයෝගී කරගත්හ. උසුලාගත නොහැකි මට්ටටමේ සහ පවත්වාගෙන යා නොහැකි සුදු අලි ව්‍යපෘති ශ්‍රී ලංකාව තුල ඉන්දියාවෙන් සහ චීනයෙන් ලබා ගත ණය ආධාර වලින් ක්‍රියාත්මක වුයේ එබැවිනි.
ජාතික ජන බලවේගය ආණ්ඩුවට ඒ සියල්ල සමතුලිත කරගෙන චීනය සහ ඉන්දියාව සමග ගමන් කල යුතුව ඇත. ජනපති අනුර කුමාර දිසානායක මේ අභියෝගාත්මක යතාර්ථය ඉතා හොදින් අවබෝධ කරගෙන ඇතිබව පසුගියදා ඔහු ඉන්දියාවට සහ චීනයට කල නිළ සංචාර වලින් අපි දුටුවෙමු. කෙසේවෙතත් ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ජනාධිපතිවරයාගේ සංචාර සහ ඒවායේ ප්‍රථිපල පිලිබදව ගැබුරු විග්‍රයක් කළ යුතුබව ආරංචි රාළගේ අදහසයි.
ආරංචි රාළ
Good move
ReplyDelete