ඉන්දියානු දුෂිත වායුව ශ්‍රී ලංකා අහස්තලය ආක්‍රමණය කරයි !
පරිසම්වෙන්න! මධ්‍යම පරිසර අධිකාරයෙන් අනතුරු ඇගවීමක්!
අද ශ්‍රී ලංකාවේ ප්‍රදේශ බොහොමයක අහස වැහි මන්දාරම් ගතියකින් යුක්ත වුවත් එය එවැනි සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් නොවන බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පවසති.
උතුරු දෙසින් හමා ආ තද සුළඟ සමග ඉන්දියානු අහසේ පැවති දූෂිත වායුව දැන් ශ්‍රි ලංකා අහස් තලයට තල්ලු කර ඇත.මෙය අතිශයින්ම සෞඛ්‍යයට අයිතිකර තත්ත්වයකි. බලධාරීන් විසින් ඒ පිළිබඳව මේ වන විටත් ජනතාවට අනතුරු ඇඟවීම් කර ඇත.
කාර්මිකරණය සමඟ වායුගෝලය දූෂණය වීම වැළැක්විය නොහැකි යථාර්ථයක් වන අතර මේ පිළිබඳව සමස්ථ ලෝකයේම අවධානය දැඩිසේ යොමු වී ඇත. දේශගුණය පිළිබඳව පැරිස් සම්මුතිය ඉදිරියට පැමිණෙන්නේ මේ නිසාය. ඒ සඳහා ලෝකයේ රටවල් බොහොමයක් එකඟවන අතර තමන්ගේ සංවර්ධන ක්‍රියාවලියේදී වායුගෝලයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කර ගැනීමට එම සම්මුතිය මගින් බොහෝ රටවල් කිසියම් එකඟතාවයකට පැමිණ ඇත. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ආගමනය සමඟ ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්ව ඇති අතර එය ලෝකයේ දේශගුණික සමතුලිතතාවයට තීරණාත්මකව බලපානු ඇත.ආරංචි රාළ ඒ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දැඩි කෝපයකින් සිටයි.
පසුගියදා මාධ්‍ය වාර්තා කළේ තායිලන්තයේ පාසල් 300ට ආසන්න ප්‍රමාණයක් තාවකාලිකව වසා දමන ලද්දේ එරට තුළ අධික වායු දූෂිත තත්ත්වයක් නිසාය. කොයිතරම් දුරට උස් අහසට දූෂිත වායු මුදා හැරීමට උත්සාහ කළත් ක්ෂණිකව ඇතිවන කාලගුණික විපර්යාස සහ සුළඟේ ගමන් මාර්ගයේ වෙනස්වීම නිසා එම දූෂිත වායූන් පොළොව සමීපයට පැමිණීම වැළැක්වීමට කිසිවකට හැකි වී නැත.මේ සඳහා පරිසරයෙන්ම පිළිතුරක් ලබාගත යුතු බවයි බොහෝ පරිසරවේදීන්ගේ අදහස වන්නේ.
භූතානය වෙනි රටක් මේ වන විට කාර්මිකකරණයට දැඩි සේ ගොදුරු වී නැතත් එරට පවතින අධික වනගහනය නිසා පරිසරයට මුදා හරින ඔක්සිජන් ප්‍රමාණයේ අධිකත්වය නිසා තවමත් සුන්දර රටක් ලෙස පවතී.
අවාසනාවකට ආසියාවේ බොහෝ රටවල් මේ වන විට තමන් සතුව තිබූ වනාන්තර ප්‍රමාණයෙන් අති විශාල ප්‍රමාණයක් අහිමි කරගෙන ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ කාර්මිකකරණය නිසා වායු ගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් පාලනය කිරීමට තරම් ඔක්සිජන් ප්‍රමාණයක් පරිසරයට නිකුත් නොවීම නිසා මෙවැනි වායුගෝලීය දූෂිත තත්ත්වයන් ඇතිවීම යි.
ශ්‍රී ලංකාව වැනි රටක මහා ඝන වනාන්තර සහ වැසි වනාන්තරවලින් මෙන්ම මී සහ කඩොලන වැනි ශාඛයන්ගෙන් පරිසරයට ඔක්සිජන් වායුව මුදාහැරීම හොඳින් කලද අද වන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා සියල්ල නැතිවී යන තත්ත්වයක් උදාවී ඇත.
පසුගියදා ඇමෙරිකාවේ කැලිෆෝනියාව ප්‍රදේශයෙන් වාර්තා වූ ලැව් ගින්න එතරම් සීඝ්‍රයෙන් පැතිරී යාමට හේතුව වූයේ පරිසරය තුළ තෙතමනය නොතිබීමයි.
අප ද මධ්‍යම කඳුකරයේ අවස්ථා කීපයකදීම සුළු වැව් ගිනි තත්ත්වයන් අත්දැක ඇත්තෙමු. ඉදිරියේදී එවැනි දෑ සිදු නොවනු ඇතැයි කිසිවෙකුට සහතික විය නොහැක.
කෙසේ වෙතත් පරිසර අහිතකර ක්‍රියා අවම කර ගැනීමෙන් අපි අපේ වායුගෝලය සමතුලිත කරගත යුතුය ඇත.
පරිසර පරිසරයට දැඩි සේ ඔක්සිජන් මුදා හරින කඩලාන කැපීමට එරෙහිව මීගමුව ප්‍රදේශයේ එක්තරා රාජ්‍ය නිලධාරිනියක් තනිවම සටන් කරන විට මේ රටේ සිටි නියෝජ්‍ය ඇමතිවරයෙක් ඔක්සිජන් කන්නදැයි කියා ඇයගෙන් ප්‍රශ්න කළ ආකාරය අපට මතකය
ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ආරංචි රාළගේ අදහසයි.
ආරංචි රාළ -
Comments
Post a Comment