ආණ්ඩුවේ ජාතික ඒකාබද්ධතාවය (National Integration)  මහා පොළොවේ පැල කළ හැක්කේ අන්තර්කරණ (Inclusion ) ක්‍රියාවලියක් තුලිනි.

 

තමන්ගේ බලය තහවුරු කරගැනීම සදහා පාරම්පරික දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම නැගෙනහිර කේන්ද්‍ර කරගෙන ගොඩනැගුනු මුස්ලිම් දේශපාලන පක්ෂ වලට තමන්ගේ ජනතාව වෙනුවෙන් කේවල් කිරීමට එම  ජනතාව බෙදාවෙන්කරන කිසිදු තත්ත්වයක් මේ වනවිට ඉතිරිවී නැත. කෙසේවුවද  ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය  පවත්වන අවස්ථාව වනතෙක්ම මේ පාරම්පරික දෙමල සහ මුස්ලිම් නායකයෝ  ඒ බව පිළිනොගත්තේ ජාතික ජන බලවේගය ඔවුන්ගේ කොන්දේසි වලට එකග නොවුන නිසාය.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලිම් යැයි කියමින් මේ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ    කෘතිමව පවත්වාගෙන යන පිළුනුවූ  ඊනියා බලය බෙදාහැරීම සහ දහතුනට එහාගිය (13 +) විසදුමකට එකගව බලය ලබා ගැනීමට උත්සාහ කලද බහුතර දෙමළ ජනතාව ඔවුන් දෙදෙනාවම ප්‍රතික්ෂේප කර ජනාධිපතිවරණයේදී  ජාතික ජන බලවේගයේ අනුර දිසානායක සහෝදරයාට පැහැදිලි සහයෝගයක් ප්‍රකාශ කළ අතර මහා මැතිවරණයේදී උතුරු නැගෙනහිර පැහැදිලි ජයග්‍රහණයක්ද අත්පත් කර දුන්නේය.

 ආණ්ඩුව හ ආණ්ඩුව දරණ දේශපාලන ව්‍යාපාරය විසින් දෙමළ ජනතාව වෙත දක්වන අවංක, අව්‍යාජ ආදරය මගින් දෙමළ අන්තවාදය පරාජය කල හැකිය යන්නට ජනාධිපතිවරයා ආදරයෙන් වැළඳ ගන්නා  මේ   දෙමළ ජාතික  අම්මාගේ ක්‍රියාව, ඇගේ නෙත්වලින් ගලන සෙනෙහස හොඳම උදාහරණයකි.

හැබැයි, මේ ජාතික ඒකාබද්ධතාවය (National Integration)  මේ මහා පොළොවේ පැලකරන්නට නම්, සිංහල දේශපාලකයන්, වර්ගවාදී සාහිත්‍ය කරුවන්, කලාකරුවන් විසින් ජාතක කර උස් මහත් කර තිබෙන, දැන් වීරවංශ . ගම්මන්පිල, රතන  වැන්නන්ට අමතරව අලුතින් දේශපාලනයට එක්වූ දිලිත් ජයවීරලා විසින් ද පෝෂණය කරමින් තිබෙන සිංහල ජාතිවාදය සහ අන්තවාදය ද දේශපාලනයේ දී උන් පරාජය කල අන්දමින්ම පරාජය කල යුතුව තිබෙනවා. දේශපාලන තලයේ ඔවුන් ජනතාව ගේ පිළිකුලට, වෛරයට, ප්‍රතික්ෂේප කිරීමට භාජනය කල සේම   මේ අන්තවාදය සහ ජාතිවාදය වපුරන්නන් සහ

පෝෂණය කරන්නන් ද එම ජාතිවාදී මතය සමගම, පිළිකුලට, වෛරයට, ප්‍රතික්ෂේප කිරීමට භාජනය කල යුතුව තිබෙනවා. ඒ සඳහා නිර්මාණශීලි සහ ඵලදායි අධ්‍යාපන, සන්නිවේදන වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍යයි. එහි දී මුලින්ම කල යුතු වන්නේ ජාතික ජනබලවේගයේ, එනම් ආණ්ඩුව දරන දේශපාලන ව්‍යාපාරයේ සියලුම දෙනා, විශේෂයෙන් මැති ඇමතිවරුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සියලු දෙනාම ජනපති අනුර කුමාර දිසානායකගේ මේ දැක්ම, එම ප්‍රේමය සහ මේ ප්‍රතිපත්තියේ දැඩි ලෙස රැඳී සිටීමයි.

අප දෙමළ ජනයා අන්තර්කරණය  කර ගත යුතුයි. (Inclusion) ඒ අන්තර්කරණය  කිරීම හුදෙක් සමාජයීය සහ ආර්ථික වශයෙන් පමණක් නොව පැහැදිලිවම  දේශපාලන අන්තර්කරණයක්  විය යුතුයි.

ලෝකයේ ඕනෑම රටකට ජාතියකට මෙය පොදු කාරනාවකි. ඒ නිසා ඒ  සාධකය - දේශපාලනට අන්තර්කරණය  කරගැනීම- ජාතික ඒකාබද්ධතාවය ගමනේ  දී අමතක නොකළ යුතුයි. දෙමල අන්තවාදය මෙන්ම සිංහල අන්තවාදය  මුළුමනින්ම පරාජය කල හැක්කේ එවිටයි.

 

ආරංචි රාළ සංස්කාරක :  අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 (ආරංචි රාළට මේ සටහන ලිවීමේදී කැනඩාවේ සමන් විජේසුරිය සහය විය.)

 


Comments

Popular posts from this blog