විනයගරුක ප්‍රවාහන සේවයක් සදහා පද්ධතියේ බොහෝ දේ වෙනස් කළ යුතුය.
දැනට මාස ගණනාවට කලින් සිදුවූ සුළු වරදක් නිසා(මුදල් ගෙන රු: 30/- ටිකට් පතක නිකුත් නොකිරීම නිසා )දැන් ඔහුගේ වැඩ තහනම් කර ඇත. ඉදිරියේදී ඔහුට විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ. එතෙක් ඔහු පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරයකු ලෙස කටයුතු කරයි.
"මම හොරෙක් නම් මේ ප්‍රයිවෙට් බස් එකේ මට රස්සාව දෙන්නෙ නෑනේ" ඔහු කීවිට ආරංචි රාළගේ පපුව සීතල වී ගියේය. මේ ආරංචි රාළ වසර ගණනාවක් තිස්සේ හොඳින් හඳුනන කෙනෙක්. ඔහු ඉතාමත් අවංක කොන්දොස්තරවරයෙකි.
ඊට හේතුව ඔහු අනිවාර්යයෙන්ම බස් රථයේ සෑම මගියෙකුටම ගෙවන මුදලට අනිවාර්යයෙන්ම ටිකත් පතක් නිකුත් කරයි.
එහෙත් ඔහු මෙවැනි කතාවක් කීවේය.
" මං ලංගම කොන්දොස්තරවරයෙක් විදියට වැඩ කරන්න අරගෙන අවුරුදු දාහතක් වෙනවා. අපිට මේ රැකියාව කරන කොට පොඩි පොඩි වංචාවන් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ කිසිම මුදලක් මම නම් ගෙදර අරන් යන්නේ නෑ. උදේ බස් එකට ගොඩ වුණාම හවස් වෙනකම් ක්‍රමානුකූලව මේ බස් රථය ධාවනය කරවීමට, අපිට අපේ ප්‍රධාන ගමනාන්ත දෙක සහ මාර්ගයේ මෙහෙයුම් කරන බොහෝ නිලධාරීන්ට සුළු සුළු ගෙවීම් (සන්තෝසම් )කරන්න සිදුවෙනවා. ඊට අමතරව අනිවාර්යයෙන්ම බස් රථයේ රියදුරාගේ උදෑසන සහ හවස තේ පානයට, උදෑසන, දවල් සහ රාත්‍රී ආහාරය වෙනුවෙන් මුදල් ගෙවන්න වෙන්නෙත් කොන්දොස්තරටමයි."
මේ සියලු වියදම් වෙනුවෙන් අඩුම තරමින් කොන්දොස්තරට දවසකට රු; 2000ක් වත් අවශ්‍ය වෙනවා.
මේ මුදල් ඔවුන් ට ගෙදරින් ගේන්න බෑ. ඒ නිසා මේ මුදල ඔවුන්ට කෙසේහෝ හොයාගන්න වෙනවා.
ඒ නිසා සමහර අවස්ථාවලදී කෙටි දුරක් ගමන් ගන්නා මගීන්ගෙන් කොන්දොස්තර මුදල් ගන්නවා මිසක් ඒ වෙනුවෙන් ටිකට් පතක් නිකුත් කරන්නේ නැහැ. එහෙම ඉතුරු කරගන්න සල්ලි වලින් තමයි කලින් සඳහන් කරපු වියදම් ටික ගෙවන්නේ.
මේ ක්රමයම, ඔවුන්ට එවැනි දේ කරන්න බල කරනවා.
"මේක ඇත්තෙන්ම වෙනස් විය යුතු තත්ත්වයක්. ඒත් ඒක කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ." කොන්දොස්තර සංවේදී විය.
ඒත් ආරංචි රාළට නම් මේක තේරෙනවා මේ රටේ ප්‍රවාහන සේවයට කිසිම විනයක් නැත. අකමැත්තෙන් උනත් විනයක් ඇති පුද්ගලයකුටත් ඒ විනය නැති කණ්ඩායමේම කොටසක් වෙන්න සිද්ධ වෙලා. එවැනි තැනක පැවැත්ම වෙනුවෙන් අහිංසකයෙකුටත් වංචනිකයෙක් වෙන්න සිදුවෙනවා. හැබැයි ඔවුන් ඒ පොඩි වංචාව කරන්නේ පවත් ජීවිතයක් ගත කරන්න නෙමෙයි.මේ ක්‍රමය තුළ පවතින්න පමණයි.
නව පුනරුදයක සැබෑ මිනිසෙකු බිහිවන්නේ ඔහුට හෝ ඇයට ලැබෙන අභිමානවත් ජීවිතය තුළ පමණි.
ජාතික ජන බලවේගයේ ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව වසර පහක් ඇතුළතදී මහජනතාවගේ ප්‍රවාහන සේවා අවශ්‍යතාවයන්ගෙන් 70% ක් පොදු ප්‍රවාහන සේවා මගින් සැපයීමට ඉලක්ක කර ඇත.
එසේ නම් එය සැබැවින්ම විනයගරුක ප්‍රවාහන සේවයක් විය යුතුය.
ඒ සඳහා ප්‍රවාහන සේවා පද්ධතියේ වෙනස් කළ යුතු බොහෝ තැන් ඇති බව ආරංචි රාළ ප්‍රවාහන බලධාරීන්ට මතක් කරයි.
ආරංචි රාළ.
Comments
Post a Comment