සැකකරුවෙකුට ඇප ලබාදීම සාමාන්‍ය උසාවි ක්‍රියාදාමයක් !
අධිකරණ හා ජාතික ඒකාකබද්ධතා අමාත්‍ය
පෞද්ගලික වෛර පිරි මසා ගැනීම සඳහා පට්ටපල් සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින් තමන්ගේ විරුද්ධවාදීන් මාස, අවුරුදු ගණන් ඇප නොදී රිමාන්ඩ් සිරභාරයේ තැබූ යුගයක් මේ රටේ තිබුණි. ඒවා සිදු වූයේ දේශපාලනික අවශ්‍යතාවයන් සඳහා මිස නීතියේ ප්‍රතිපාදන අනුවම නොවේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදීම පිළිබඳව වැරදි අදහසක් කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සමාජය තුළ පතුරවමින් පවතිනවා පමණක් නොව කලින් ආණ්ඩු වගේම ජාතික ජන බලවේගය ආණ්ඩුවත්, වංචනිකයන්, දූෂිතයින් සහ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයම අනුගමනය කරනවායැයි මතයක් ගොඩනගන්නටද උත්සාහ කරන බව පෙනෙයි.
මේ පිළිබඳව අධිකරණ හා ජාතික ඒකාකබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන අදහස ජනගත කිරීම වැදගත් බව ආරංචි රාළ විශ්වාස කරයි.
"සැකකරුවෙක් උසාවියට ඉදිරිපත් කළ විට ඇප ලැබෙනවා කියන්නේ ඔහු ඇය නිදහස් වෙනවා කියන එක නොවෙයි. මේ දිනවල විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන මේ රටේ ජනප්‍රිය පවුලක සමාජිකයකුට ඇප ලබාදීම ගැන කිව යුත්තේ ඔහු සම්බන්ධ මේ සිද්ධිය අවුරුදු අටකට කලින් සිදුවූ දෙයක් බවයි. එම සිද්ධිය ඒ අවස්ථාවේදී කරළියට පැමිණි විට ඔහු මෙම සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කර තිබුණේ නැත. අවුරුදු අටකට පසුව මේ පිළිබඳව නැවත විමර්ශනය කරන විට ලැබෙන තොරතුරු අනුව නීතිපතිවරයා විසින් ඔහුව මෙම සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කර ඇත."
නීතියේ ආධිපත්‍යයට කිසි ගරු කිරීමක් නැති යුගයක එසේ සිදු වූයේ ඇයි දැයි ආරංචි රාළ ප්‍රශ්න කරන්නේ නැත.
නානායක්කාර ඇමතිවරයා පවසන පරිදි; දූෂණයක්, වංචාවක් හෝ අපරාධයක් පිළිබඳව කෙනෙකුට අධි චෝදනාවක් ඉදිරිපත් කිරීමට කලින් ඔහුව හෝ ඇයව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
මෙය මේ රටේ නීතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන ආකාරයයි.
මේ රටේ අත්අඩංගුවට ගැනීම් සහ පුද්ගලයින් රිමාන්ඩ් භාරයේ තබා ගැනීම පිළිබඳව ආරංචි රාළට නම් හොඳ අවබෝධයක් ඇත. තමන්ගේ පෞද්ගලික වෛර පිරි මසා ගැනීම සඳහා පට්ටපල් සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින් තමන්ගේ විරුද්ධවාදීන් මාස, අවුරුදු ගණන් ඇප නොදී රිමාන්ඩ් සිරභාරයේ තැබූ යුගයක් මේ රටේ තිබුණි. ඒවා සිදු වූයේ දේශපාලනික අවශ්‍යතාවයන් සඳහා මිස නීතියේ ප්‍රතිපාදන අනුවම නොවේ.
දැන් මේ කතා කරන පුද්ගලයාට තව මාස දෙක තුනකින් නඩුවක් පැවරෙනු ඇත. එවිට සිදුවන්නේ කුමක්දැයි ජනතාව ඉවසිල්ලෙන් බලා යුතු සිටිය යුතුව ඇත.
කිසිම කෙනෙකු සැකකරුවෙකු ලෙස නම් කළ පමණින් ඔහුට හෝ ඇයට දඬුවම් කිරීම තවත් කෙනෙකු අපේක්ෂා කරන්නේ නම් එය ඔහුගේ හෝ ඇයගේ ජීවිත වටිනාකම් පිළිබඳ ප්‍රශ්නයකි.
ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ සියල්ල තිතට සිදුවෙන බව විශ්වාස කරන අතර ඉදිරියේදී සිදු වන්නේ කුමක්දැයි ආරංචි රාළ විමසිල්ලෙන් යුතුව බලාගෙන සිටියි.
ආරංචි රාළ
Comments
Post a Comment