ට්‍රම්ප්ගේ  සංක්‍රමණිකයින්ගේ උපත් අයිතිය පිළිබද නියෝගය "පට්ට ව්‍යවස්ථා විරෝධී සහ අමු අමුවේ ඇමරිකානු ව්‍යවස්ථාව උල්ලංගණය කරන නියෝගයක්"                             එක්සත් ජනපද උපරිමාධිකරණ විනිසුරුවෙක් කියයි. 

එක්සත්  ජනපද ජනාධිපති ලෙස නැවත තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපති ධුරයේ දිවුරුම්දීමත් සමග අත්සන් කරනු ලැබූ විධායක නියෝග කීපයක් අතර සංක්‍රමණිකයින්ගේ උපත් අයිතිය පිළිබද නියෝගය මේ වනවිට එරට ජිවත්වන සංක්‍රමණිකයන් අතර පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර අවධානයට ලක්ව ඇත.

මේ අතර ආරංචි රාළට දැන ගන්නට ලැබෙන්නේ එරට උපරිමාධිකරණ විනිසුරුවකු විසින් එම නියෝගය සම්පුර්ණයෙන්ම එක්සත් ජනපද ව්‍යවස්ථාවට පටහැනි නියෝගයක්  ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවය. ඔහු එම නියෝගය හදුන්වන්නේ: "පට්ට ව්‍යවස්ථා විරෝධී සහ  අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංගණය කරන නියෝගයක් ලෙසය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය කියවන ඕනෑම කෙනෙක් එක්සත් ජනපදය විවිධ රටවලින් එරටට සංක්‍රමනයවූ සංක්‍රමණික ජනතාවගෙන් සැදුම් ලත් රටක් බව දනිති. සංක්‍රමණිකයින්ගේ උපත් අයිතිය නැතිකරන්නට  කටයුතු කරන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැටිකිරිය සොයාගත් ආරංචි රාළ  කියන්නේ ඔහුද ජර්මන් සම්භවයකින් පැවත එන්නෙක් බවය. ඔහු පමණක් නොව අමෙරිකාවේ ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ බොහෝ දෙනෙක් එංගලන්තයේ, අයර්ලන්තයේ, ජර්මනියේ හෝ ප්‍රංශයේ සම්භවයක් ඇත්තෝ වෙති. 

සංක්‍රමණිකයින්ගේ උපත් අයිතිය ගැන කතා කරමින්ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රමණිකයන්    ඇමරිකාවෙන් පන්නා දැමීමට උත්සාහ කරන්නේනම් ඇමෙරිකාවේ සැබෑ අයිතිය සහ හිමිකාරිත්වය ඇති  එරට ආදිවාසි ජනතාව ඇමෙරිකාව බාර දී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ද  තමන්ගේ සම්භවය ඇති රටවලට යායුතුය.


ඩොනල්ඩ් ට්‍රම්ප් ජනධිපති ධුරයේ දිවුරුම්දීමට සමගාමිව පැවැති කිතුනු දේව මෙහෙයේ දී ගරු මරාන් එඩ්ගාර් බුඩේ බිෂොප්තුමිය ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ තබාගෙන " අප සියල්ලෝම වරක් මේ දේශයේ ආගන්තුකයන් වූ අය "  බව පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඇමෙරිකාවේ සංක්‍රමණික පවුලකින් පැවත එන්නෙක් බව මතක් කිරීමටය.

මේ කතාව සමග ආරංචි රාළ විස්වාස කරන තවත් දෙයක් ඇත.

ඒ කතාවට මේ රටේ ඊනියා සාම ක්‍රියාකාරිකයෝ ආරංචි රාළ සමග එකග නොවන්නට පුළුවන. ඒ මේ රට මහා යුද්ධයක් දක්වා ගෙන ගිය "නිජබිම" සංකල්පයයි. ආරංචි රාළගේ විස්වාසය සහ තර්කය වන්නේ කෙනකුට අයිතිය තිබිය යුත්තේ තමන් උපන් භුමිය නොව ඔහු හෝ ඇය ජිවත්වන භූමියයි. ඊශ්‍රායේල් - පලස්තීන  නොනවතින  යුද්ධයට  හේතුව අදට වසර දහස් ගණනකට පෙර ජුදා ජාතිකයින්ට තමන්ගේ ඊනියා නිජ බිම ලබාදීමට  අධිරාජ්‍යවාදීන් ක්‍රියාත්මක කල මෝඩ තකතීරු වැඩපිළිවෙලයි. උතුරේ සටන්කාමින් දෙමල ජාතින් සදහා වෙනම රාජ්‍යක් වෙනුවෙන් සටන් කිරීමේ එක් ඉල්ලීමක් වන්නේ "දෙමල නිජබිම " සංකල්පයයි.  නවීන ලෝකයේ කිසිම භූමියක කිසිවෙකුට මේ අපේ භූමියයැයි  වෙන්කර ගැනීමට අයිතියක් නැත. මක්නිසදයත්, මේ ලෝකයේ ජිවත් වන කිසිවකුට  තමන් නිශ්චිත භුමියක  උපත ලැබිය යුතුයි තීරණය කිරීමේ හැකියාවක්  නැත. තමන් ඉපදුනේ හෝ ඉපදෙන්නේ කොතැනදැයි නොදැන උපත ලබුවෙනම් ඔහුට හෝ ඇයට තමන් ඉපදුනු භුමියේ ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. එබැවින් අභ්‍යන්තරව හෝ බාහිරව කිසිම භූමියක් තමන්ගේ ජාතියට,ආගමට, ගෝත්‍රයට පමණක් අයිතිවිය යුතුයැයි  ඔහු හෝ ඇය පවසන්නේනම් නියත වශයෙන්ම ඒ මානසික රෝගියකු විය යුතුයැයි මහාචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මහතා පවසා ඇත. ලෝකය තුළ සිදුවිය යුත්තේ එකිනෙකාගේ විවිධවූ අනන්‍යතාවයන්ට ගරු කරන සමාජ ව්‍යුහයක් ගොඩනැගීමයි. එහිදී අපේ එකෙනෙක අනන්‍යතාවයන්ට සංවේදීව කටයුතු කිරීම අතිශයින්ම වැදගත්වේ. පුනරුදයක නව සංස්කෘතික මිනිසා බිහි කළ හැක්කේ එවිටය.

 

ආරංචි රාළ ¨ 2025 .01.25. # 23 වන දිගහැරුම -  සංස්කාරක : අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)

 

 

 

 

 

 

 


Comments

Popular posts from this blog