මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සිමා පැනවිය යුතු නැත. එහෙත් කිසිදු වග විභාගයකින් තොරව තමන්ගේ සිතෙහි මැවෙන අදහසක් ප්‍රකාශ කිරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත. සදාචාරාත්මක මාධ්‍ය සංස්කෘතියක් සදහා නියාමනයක් තිබිය යුතුය. රටක පැවැත්ම සහ සංවර්ධන රදා පවතින්නෙ එරට තුළ සෑම ක්ෂේත්‍රයකම විනයානුකූල බවක් පවතින විටය. නීති, නිර්ණායකයන් සහ මාර්ගෝපදේශ පනවන්නේ ජනතාව සීමිත රාමුවක් තුළ කොටුකර තැබීමට නොව සැමට සහජීවනයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමටය. මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සිමා පැනවිය යුතු නැත. එහෙත් කිසිදු වග විභාගයකින් තොරව තමන්ගේ සිතෙහි මැවෙන ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත. සැබෑ මාධ්‍යවේදියා තෙවන ඇසක් ඇති නිර්මාණශීලි පුද්ගලයකු මිස තමන්ගේ ස්වාමියාගේ අවශ්‍යතාවයට ඕනෑම දෙයක් ලියන හෝ ප්‍රකාශ කරන්නෙකු නොවිය යුතුය. වාර්තාකරණය තුල මේවා සීමාවන් හෝ තහංචි ලෙස නොව මාර්ගෝපදේශ සැලකිල්ලට ගත යුතුය. තමන් දකින, අසන සහ කියවන සියල්ල සැමවිටම සත්‍යය නොවන අතර ඒ පිළිබඳව තහවුරු කර ගැනීමකින් තොරව වාර්තා කිර...
Posts
Showing posts from May, 2025
- Get link
- X
- Other Apps
මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ අග්‍රගන්‍යය නිළියගේ මරණය, රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍යය ගෞරවය සහ නන්නත්තාර වූ විපක්ෂයේ දේශපාලනය ආරංචි රාළ මාලනී ෆොන්සේකා නම් වූ ඒ අග්‍රගණ්‍ය නිළිය මියගිය පුවත සැලවූ මොහොතේදීම ඇය වෙනුවෙන් විශේෂ උපහාර ආරංචි රාළ දිගහැරුම ක් ප්‍රකාශ යට පත් කළේය. ඒ සඳහා ආරංචි රාළ පෙළඹවනු ලැබූ ප්‍රධානතම හේතුවක් වූයේ මෙම මරණය පිළිබඳව වාර්තා වූ අවස්ථාවේදී පටන් ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කළ ආකාරයයි. ජාතික රූපවාහිනිය ඇයගේ ජීවිතය සහ අවමගුල් උත්සවය පිළිබඳව සජීවී විකාශන ලබාදුන් අතර විෂය භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සජීවි ලෙස ජාතික රූපවාහිනිය ඇගේ මරණය පිළිබඳව රජයේ ශෝකය ප්‍රකාශ කළ අතර ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් දීම් කළේය. ආණ්ඩුව පැත්තෙන් ඇයගේ අවමගුල් උත්සවය වෙනුවෙන් සහ ඇයට උපරිම ගෞරවය දැක්වීමට කටයුතු කළ ආකාරය පිළිබඳව කිසිවෙකුට වචනයක් හෝ කිව නොහැකිය. රාජ්‍ය නායකයා ඇතුළු ව, අග්‍රාමාත්‍යවරිය මෙන්ම රජයේ ඇමතිවරු බොහෝ දෙනෙක් මෙන්ම රාජ්‍ය නිලධාරින්ද ඇයට ගෞරව දැක්වීමට පැමිණ සිටිහ. ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය සේවය විසි...
- Get link
- X
- Other Apps
ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සදහා වන කාර්‌යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු ආගමයි නිරාගමයි අතර ගැටෙන දේශපාලනය, ධාර්මික කර ගත යුතුව ඇත. ශ්‍රී ලංකාවේ සෑම මැතිවරණ වේදිකාවම පාහේ කරලියට පැමිණෙන මාතෘකාවක් ලෙස ආගම්වාදය හා ජාතිවාදය හදුනාගත හැකිය. පසුගිය ජනාධිපතිවරණ සමයේදීත් මෙවන් ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශ බොහොමයක් සමාජය තුල දැක ගැනීමට හැකි වූ අතර ඒ අතර, නිරාගමික රාජ්‍යක් යන කාරණාව කෙරෙහි කාගේත් වැඩි අවධානයක් යොමුවූ බව කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රිස්තියානි සංස්කෘත අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු මෙන්ම වර්තමාන ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සදහා වන කාර්‌යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා 'ආරංචි රාළ ' සමග පැවසිය. ආරංචි රාළ වෙනුවෙන් විජිත් රොහාන් ප්‍රනාන්දු සමග දොඩමළු හර්ෂණ පෙරේරා ආරංචි රාළ පිටුවේ කළ සටහන මෙතැන් පටන් ඔබට කියවිය හැක. රටක සංර්වධන පිළිබද සාකච්ඡා කිරීමේදී අපි සියලු දෙනාටම මග හැරීමට නොහැකි කාරණාවක් වන්නේ ජාතික සමගිය හා සංහිදියාවයි. මන්ද රටක ආර්ථික සංවර්ධනයට ආර්ථික ස්ථාවරත්වය වැදගත් සේම ආර්ථිකය ස්ථාවර වීමට ජාතික සමගිය හා ආගමික සංහිඳියාව ඉත...
- Get link
- X
- Other Apps
නව යෞවනයේ සුන්දරත්වය රිදී තිරය ඔස්සේ කැඳවාගෙන ආ මාලනිය. 'දෙවියනි ඔබ කොහෙද' චිත්‍රපටයේ රූගත කිරීම් බොහොමයක් සිදු වෙන්නේ මීගමුව දුන්ගාල්පිටිය මරිය මග්දලේනා දේවස්ථානයේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වලය. එතකොට ආරංචි රාළලා අවුරුදු දහයක දොළහක පුංචි කොළුගැටයෝ ය. ජීවිතයේ ප්‍රථම වතාවට චිත්‍රපටයක දර්ශන රූගත කරන අවස්ථාවක් නැරඹීම සැබෑ ආශ්චර්යමත් අවස්ථාවක් විය. ඒ කාලය තුළ අතිශයෙන්ම ජනප්‍රියත්වයට පත්ව සිටි නළු නිළියන් විශාල ප්‍රමාණයක් මෙම රූගත කිරීම් සඳහා දුන්ගාල්පිටියට පැමිණ සිටියහ. ගාමිණී ෆොන්සේකා ,බැප්ටිස් ප්‍රනාන්දු, එඩි ජයමාන්න ,රුක්මණී දේවි ,ශාන්ති ලේඛා ,ඇන්තනි සී පෙරේරා, සෝමසිරි දෙහිපිටිය ඒ අතර විය ආරංචි රාළ මාලනි ෆොන්සේකා නම් වූ නිළියව ප්‍රථම වතාවට සජීවී ලෙස දකින්නේ මෙම 1975/76 වකවානුවේදීය. ආරංචි රාළ චිත්‍රපට පිස්සෙක් නොවේ.. ඒත් අවස්ථාවක් ලද බොහෝ විට චිත්‍රපටයක් නැරඹීම ආරංචි රාළගේ එක් විනෝදාංශයක් වී තිබුණි. ආරංචි රාළට කවදාවත් ප්‍රියතම නිළියක් හෝ නළුවෙක් සිටියේ ද නැත. හොඳට රඟපාන කාටත් ආරංචි රාළ කැමතිය. ඒත් මාලනී ෆොන්සේකාට ගැටවර විය...
- Get link
- X
- Other Apps
ආරංචි රාළගෙන් අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට මල්මිටක්! ව සර ගණනාවක් තිස්සේ දූෂිත දේශපාලකයින්ගේ දැඩි බලපෑම් වලට සිරවී අකර්මන්‍ය වී සිටි අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම මේ වන විට ක්‍රියාත්මකවී ඇත. මාලිමා රජය යටතේ ස්වාධින කොමිසම් සභා වල කටයුතු රජයේ මැදිහත්වීමෙන් වියුක්ත කිරීමත් සමග අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම කරමින් සිටින විමර්ශන කටයුතු නිසා පසුගිය කාලයේදී විශාල වශයෙන් අල්ලස් හා දූෂණවලට සම්බන්ධ වූ දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් ගණනාවකටම එරෙහිව නිත්‍යානුකූලව චෝදනා ගොනු කිරීම සහ ඒ සමගම අල්ලස් සහ දූෂණ වලට ඍජුවම සම්බන්ධ පුද්ගලයින් ගණනාවක්ම අත්අඩංගුවට පත් වීම ආරංචි රාළව මහත්සේ උද්දාමයට පත් කර ඇත. මාලිමාවට මෙරට බහුතර ජනතාව බලය ලබා දුන්නේ මේ වංචා සහ දූෂණවලට සම්බන්ධ දූෂිත පුද්ගලයින් නීතිය ඉදිරියට කැඳවා නිසි දඬුවම් ලබාදීම සඳහාය . ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව ඕනෑම කෙනෙකුට චෝදනා එල්ල කළ හැකි වුණත් ඔහු හෝ ඇය වැරදි කාරයකු බවට ඔප්පු කිරීමට නම් උසාවියක් ඉදිරියේ එම චෝදනා සැකයකින් තොරව සනාත කළ යුතුය. මේ හේතුව නිසා චෝදනා ඉදිරිපත් කිරීම හෝ අත්අඩංගුවට ගැනීම ආවාට ගියාට...
- Get link
- X
- Other Apps
ගරු සමන්ත තුෂාර පියතුමා මුර්ති කලාව තුළින් මිනිසුන්ගේ අධ්‍යාත්මය බල ගැන්වීමේ මහඟු වෑයමක. සමන්ත තුෂාර බෝදියබඩුගේ පියතුමා මැයි 18 සහ 19 දෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩ් කලා මැදුරේදී මුර්ති නිර්මාණ ඔස්සේ ජන සිත් නිවාලන නළ ආශ්වාදජනක ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි. මෙම ප්‍රදර්ශනයෙන්, ලෝකයට ගැඹුරු බලපෑම් ඇති කළ එසේම ලෝකය ආලෝකමත් කළ පුද්ගලයන්ගේ චරිත පියතුමා අප වෙත ඉදිරිපත් කළ අතර ජේසුතුමා, මරියතුමිය, මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන් සහ කාර්ල් මාක්ස් වැනි චරිතයන් ඒ අතර විය. පියතුමාගේ චමත්කාර ජනක කලා දැක්ම ඔස්සේ මෙම ප්‍රකට චරිත මුර්තීන් ලෙස ජීවමානව දෘශ්‍යගත කරන්නට ඔහුට හැකිවිය. මෙම ප්‍රදර්ශනයේදී බෞද්ධයන්, ක්‍රිස්තියානින්, ඉස්ලාම් භක්තිකයන් සහ හින්දුන් ඇතුළුව විවිධ ආගමික පසුබිම් වලින් පැමිණ සිටි ප්‍රේක්ෂකයින් දෘශ්‍යමානව පමණක් නොව අධ්‍යාත්මිකවද පිනවන්නට පියතුමා සමත් වී ඇති බව කිව යුතුය. ඔහුගේ ගැඹුරු කලා කෞශල්‍ය සහ ගැඹුරු අරමුණ ඔහුට පොළොවෙන් ලබාගත් මැටි ජීවමාන චරිත බවට පත් කරවීමට හැකිවී ඇත . මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වූයේ ඔහුගේ ගුරුහරුකම් සහ උපදේශක භූමිකාවද...
- Get link
- X
- Other Apps
ආදරය පැල කරන්න බැරි නම් අපි භූමිය අල්ලගෙන මොකටද? “සහෝදරය යුධ ජයග්‍රහණය ගැන මුකුත් ලියන්නෙ නැද්ද ?” මට එහෙම පණිවුඩ එනව. මගේ උත්තරය; "මට ජයක් කියල එකක් දැනෙන්නෙ නෑ සහෝදරය.තියන ලොකුම සතුට තමයි දැන් එකිනෙකා මරා නොගන්න එක. ඒ එක්කම ලොකු ශෝකයක් තියනව. මරාගත්තෙ එකම රටේ නෑදෑයො නේද සහෝදරය ? දකුණෙත් උතුරෙත් සමහර ගෙවල්වල තාත්ත නැති දරුවො,ස්වාමි පුරුෂය අහිමි බිරින්දෑවරු,දරුව අහිමි අම්මල. තව තැනක අබාධිත සටන් සගයො. කවුද වගකිව යුත්තො ? නිදහසෙන් පස්සෙ මේ රට බාරගත්ත පාලකයො නෙවෙයිද සහෝදරය ? උන් හදපු යුද්ධයෙ නිවට ගොදුර උනේ උතුරෙත් දකුණෙත් මගේ පන්තියෙ මිනිස්සු. ඒ මිනිස්සුන්ට තියෙන්නෙ හිත රිදෙන මතක. ඒව සමරන්න තරම් සතුටුදායක නෑ සහෝදරය. අදත් මට ලෝකෙ කොහේ හරි ඇවිලෙන යුද්ධයක් විශාල වේදනාවක්.ඒක සකලවිධ මනුෂ්‍යත්වයට ආදරයට එරෙහි කෲරත්වයක්.ඒ කඳුළු දරන්න බෑ සහෝදරය. අපිට දැන් ඕන සැමරීම් නෙවෙයි යුධ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන සාමකාමී සමාජයක්.. සියලු ජාතීන් ආදරයෙන් මුසුවන රටක්..මම ඒ නිසා එදා ලියපු කවියක් තියනව. "කාලතුවක්කුවකට පුළුවන් අල්ලගන්නට වතු පිටි ඉඩකඩන් ඒත් මොකටද ? ආදරය...
- Get link
- X
- Other Apps
කොළඹ මහනගර සභාවේ වැඩි සභිකයන් සංඛ්‍යාවක් ඉන්නේ ජාතික ජන බලවේගයටය. කොළඹ පුරපතිනිය විය යුත්තේ ව්‍රායි කැලී බල්තසාර් ය. 2024 වර්ෂයේ අයවැයෙන් පැහැදිලි ලෙස මුදල් වෙන්කර තිබුණද, ජනතාව විසින් පලවා හරිනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට මහින්ද රාජපක්ෂලාගේ පොහොට්ටුවේ අනුහසින් අනුපාත්තික ජනාධිපති ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ විසින් හිතාමතාම කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණය මේ වනවිට පවත්වා ඇත. අවසාන ප්‍රතිඵලය කුමක්දැයි සියල්ලෝ දනිති. ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ මූලධර්ම ගැන හොඳින් දන්නා සහ ඒවාට අවංකව ගරු කරන අයට ප්‍රශ්නයක් නොවුනද පරාජිත දේශපාලන පක්ෂ කීපයක් තමන්ට නැති ජනතා කැමැත්තක් තැනින් තැනින් අහුලා ගත් කණ්ඩායම් කීපයක සභිකයන් එකතු කරගනිමින් ස්ථාපිත කරන්නට හදන පාලනය ගැන නම් ආරංචි රාළට ඇත්තේ වචනයෙන් කිව නොහැකි තරම් කේන්තියකි. මහ නගර සභාවක, නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක ආණ්ඩු බලය හිමිය විය යුතුව ඇත්තේ ඡන්දයෙන් එම සභාවේ වැඩිම සභිකයන් පිරිසක් ලබාගෙන තිබෙන දේශපාලන පක්ෂය හෝ කණ්ඩායමය. එම කණ්ඩායම විසින් නම් කරනු ලබන තැනැත්තා හෝ තැනැත්තියට, නගරාධිපති හෝ සභාපති ලබා ගැනීම...
- Get link
- X
- Other Apps
Aranchi Rala (News Guy) writes this special write-up to mark to 77 th commemoration of Al Nakba. Palestinian Resistance to Israeli Oppression, Sri Lanka, and the International Community What is Al Nakba? Al Nakba, meaning "the catastrophe" in Arabic, refers to the mass displacement and dispossession of Palestinians during the 1948 Arab-Israeli War. This period saw approximately 700,000 Palestinians either flee or be forcibly expelled from their homes in what became the state of Israel. The main events of Al Nakba occurred between 1947 and 1949, with the peak coinciding with the 1948 Arab-Israeli War that began on May 15, 1948, the day after Israel declared its independence. Hundreds of thousands of Palestinians became refugees, and many remain stateless to this day. For Palestinians, Al Nakba is a defining national trauma, marking the loss of their homeland, their way of life, and the ongoing struggle for the right of return for refugees. Palestinians and their s...
- Get link
- X
- Other Apps
ගැහැණු ළමයිනේ කොහෙද බලා ඉන්නේ, ඉගිලී යන්නද සිතා බලන්නේ." ගැහැණු ළමයින්ට හැමෝම තවමත් ආදරෙයි මේ මස 17 වෙනිදා ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී "ගැහැණු ළමයි" චිත්‍රපටයේ විශේෂ ප්‍රදර්ශනයක් සිදුවෙනවා. ආරංචි රාළ ආදරයෙන් නැරඹු මේ චිත්‍රපටය ගැන පොඩි මතක් කිරීමක් කරන්න ආරංචි රාළට හිතුනා. " ගැහැණු ළමයිනේ කොහෙද බලා ඉන්නේ... ඉගිලී යන්නද සිතා බලන්නේ...." ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන මෙම ගීතය, සාහිත්‍යවේදී කරුණාසේන ජයලත් ගේ ගැහැණු ළමයි නවකතාව පාදක කොටගෙන ආචාර්ය සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද " ගැහැණු ළමයි" චිත්‍රපටයේ තේමා ගීත යි. චිත්‍රපටයේ අවස්ථා කීපයකදීම මෙම ගීතය විටින් විට පසුබිමින් ඇසෙනවා. නීලා වික්‍රමසිංහ විසින් ගායනා කළ "වියෝ ගී ගයනා හදේ ආදර මල් පවනේ" ද අතිශයින්ම ජනප්‍රියට පත් වූ එම චිත්‍රපටයේ එන තවත් ගීතයකි. මේ සටහන එම ගීත ගැන කහා කරන්න නොවේ. මේ මස 17 වෙනිදා ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී "ගැහැණු ළමයි" චිත්‍රපටයේ විශේෂ ප්‍රදර්ශනයක් සිදුවෙනවා. ආරංචි රාළ ආදරයෙන් නැරඹු මේ චිත්‍රපටය ගැන පොඩි මතක් කිරීමක් කරන්න ආරංචි...
- Get link
- X
- Other Apps
South Asia Cannot Afford War 2025.05.14 – Aranchi Rala Special Edition South Asia occupies only 3% of the world’s land area, yet it is home to nearly 2 billion people —approximately 25% of the global population . As a result, South Asia is one of the most densely populated regions on Earth. Cities like Karachi in Pakistan and Kolkata in India are among the most heavily populated urban centers in the world. In such a region, the human cost of war is unimaginable . A military conflict, especially between nuclear-armed neighbors like India and Pakistan , would result in a humanitarian disaster of catastrophic proportions. Leaders of both countries must seriously consider the potential loss of life among their own people before pursuing any path toward war. Given the military capabilities of both nations, their access to arms from global powers, and their possession of nuclear weapons , the outcome of such a conflict is unpredictable. What may start with conve...
- Get link
- X
- Other Apps
අතරවරයට ලක්වූ පාසල දැරිය දිවිනසා ගැනීම . පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මාධ්‍ය සහ අවස්ථාවාදී කණ්ඩායම් සත්‍ය විකෘති කිරීම සහ වැරදිකරුවන් නිතිය ඉදිරියට ගෙනඒමට බාධා පැමිණවීම. කොටහේන පාසල් සිසුවියගේ දිවි නසා ගැනීම පිළිබඳ අතිශයින්ම සංවේදී පුවත පිළිබඳව සටහනක් තැබීමට පෙර ආරංචි රාළ දැරිය සියදිවි නසා ගැනීම සිදුවීමට පෙර සහ ඉන් පසුව ඇති වූ තත්ත්වයන් පිළිබඳව කිසියම් ගැඹුරු විමර්ශනයක නිරත වන්නට විය. “සත්‍යය කතා කිරීම මිස, කිසිවෙකුට සුදුහුණු ගාන්නට ආරංචි රාළ අවශ්‍ය නැත.” එහෙත් ජනතාව ප්‍රතික්ෂේප කළ පරාජිත දේශපාලන පක්ෂ සහ ආණ්ඩු විරෝධී ඊනියා මානව හිමිකම් සංවිධාන සහ NGO කාරයෝ මේ වන වට මෙම සිද්ධිය ගිජු ලිහිණියන් රෑණකට හමුවූ මළකුණක් බවට පත්කරගෙන තිබීම නින්දා සහගතය. කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත ජීවිත අහිමි වීම සිදු නොවී වළක්වා ගැනීමට ඕනෑ තරම් අවස්ථා තිබූ බව නම් ඉතා පැහැදිලිය. එහිදී මෙම දැරිය අතවරයට ලක් වූ පාසලේ විදුහල්පතිවරියට චෝදනා නොකර සිටින්නට නම් ආරංචි රාළට නොහැකිය. මක්නිසාදයත්, විදුහල්පතිනිය මෙම ගුරුවරයා අතින් වරදක් සිදුව ඇති බව දැන දැනම ඇය මේ පිළිබඳව අධ්‍යාපාන අමාත්‍යාංශයේ...